Pages

Sandumal

Sandumal

Tuesday, July 29, 2014

•විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි

"විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි..."







ශ්‍රී ලංකාව වනාහි දැඩි සංස්කෘතික මතධාරීන්ගෙන් ගහන වූ ආගම මුල් කොටගත් දැඩි සම්ප්‍රදායානූකූල ජනතාවක් වෙසෙන රටකි. ආසියානුකරයේ බොහෝ රටවල් වලට පොදු වූ මේ සාමාජීය වටපිටාව ලංකාව සඳහා වලංගු වන්නේ දුරාතීතයේ සිටමයි. මෙවන් සංස්කෘතික වටපිටාවක වෙසෙන ශ්‍රී ලංකාවේ කාන්තාව සඳහා සමාජය තුල හිමිව ඇත්තේ ඉතාම සුවිශේෂි ස්ථානයකි. එම තත්වය බොහෝවිට ලාංකීය කාන්තාවට ආවාසිදායක තත්වයක් උදා කලද, වර්ථමානය වනවිට එම තත්වය තරමක් පහවෙමින් පැවතියද, තවමත් බටහිර කාන්තාවට හිමි නිදහස ලාංකීය කාන්තාවට ඉමහත් දුරකින් පවතී.

තවමත් කොල්ලන් හත් පඳුරේම ලැග ගෙදර ආවත් නාවා මයේ පුතේ කියා ගෙට ගන්නා සමාජයක ගැහැණු ළමයෙකුගේ ඉතාම කුඩා වරදකදී පවා ඇය හත් පඳුරියක ලෙස හංවඩු ගැසීමට දෙවරක් නොසිතයි. එවන් පසුබිමක් තුල ලාංකීය සමාජයේ දූෂණයට ලක් වූ කාන්තාවකගේ ඉරණමද ඊට කිසිසේත්ම දෙවනි නොවේ. අද ඔබවෙත ගෙන එන ගී සංවේදනාව, විචාරය එවන් ප්‍රස්තුතයකට ආනුව නිර්මාණය වූ ඉතාම අගනා ගීතයකි.

ජීවිතයේ කුමන හෝ අසව්ථාවක ඔබගේ සොයුරියක්, හිතවතියක් මේ තත්වයට පත්ව තිබෙනවානම් එවන් අවථාවක ඇය මුහුණ දෙන දැඩි ඛේදනීය තත්වය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් පවතිනු ඇත. දූෂණයට ලක්වූ අහිංසකාවියකට මෙවන් රටක් ඉන් ඉදිරියට අනාගතයක් ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. බොහෝ අවස්ථාවල තමන්ට සිදුවූ අභාග්‍ය හොර රහසේම සඟවා ගැනීමට ඇය පෙළඹෙනුයේ තමන්ගේ ආත්ම ගරුත්වය සහ අනාගතය ආරක්ෂාකරගැනීමේ අරමුණෙනි. මෙවන් දියණියන් මේ සමාජයේ කොතෙකුත් ඉන්නවාට සැකනැත. එසේ ලොවෙන් සඟවා සිටියද, ඈ පතිකුලයට යන යම් දිනෙක ඇයට මහත්වූ ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවන්නේ ගතානුගතික සම්ප්‍රදායෙන් ලංකාවේ මිනිස් ඔලු ගෙඩි පිරී ඉතිරී ඇතිහෙයිනි. එය එසේ නොවුනද, නොඉඳුල් කෙල්ලෙක් ලබාගන්න කවුරු උනත් කැමතියි. බෝධිසත්ව පෙම්වතෙකු මිස, වෙනත් අයෙකු කුමනාකාරයකින් හෝ කිළිටි වූ යුවතියක ලබා ගැනීමට අකමැති සමාජයක එවන් තත්වයකට මුහුණදුන් යුවතියකගේ ඉරණම කෙතරම් සෝචනීයදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.

මේ නිසා මෙවන් අවස්ථාවකදී නීතියේ පිළිසරණ පතා වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට ඉදිරිපත්වන යුවතියන් ඉතම දුලබයි. ඇතැම් විට කුඩා කලම මෙවැනි අතවරයන්ට මුහුණපාන යුවතියන් තමන්ගේ මුලු මහත් අනාගතයම අඳුරුකරගන්නේ ඉතාම ඛේදනීය අයුරින්ය. එවන් බොහෝ දෙනා අවසානයේ තමන්ගේ සිරුර විකුණාදැමීමේ තත්වයට පත්වෙති.

කෙසේ වුවද ගීතය මඟින් නිරූපණය කෙරෙනුයේ එවැනි අවසනාවන්ත තත්වයකට මුහුණ දී නීතියේ පිළිසරණ මතා ආ යුවතියක් සම්බන්ධයෙනි.

ගීතය ගලාගෙන යනුයේ දයාබර සොහොයුරෙකු නැඟණියකට කරන ආමන්ත්‍රණයක ස්වභාවයෙනි.

"විසුරුණු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක්‌ කර මලක්‌ සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසුරුනු පෙති යලි මලක්‌ නොවෙයි නැගණි..."

මුලුමහත් සිද්ධි දාමයක්ම ගීතයේ මුල් කොටසින්ම ඉතාම කදිමෙට ඉදිරිපත් කරනුයේ, ගීතයේ නිර්මාතෘ වරයාවන බන්දුල නානායක්කාරවසම් නම් ප්‍රවීණ රචකයාගෙ ප්‍රතිභාව මනාව සපථ කරමිනි.

ඇය ඇගේ ජීවිතයේ කාන්තාවකට විඳිය හැකි අමිහිරිම දේ විඳ ඇත. මගේ නෙත්මානයේ මට මැවී පෙනෙනුයේ, හැඬූ කඳුලින් පිස්සියක මෙන් කල්ගතකරන, පාපතරයෙකු අතින් කිළිටිවී ගිය අවිහිංසක යුවතියකගේ මලාන්ක මුහුණයි. ඇය තමන්ට අහිමි වී ගිය උත්තරීතර පවිත්‍රත්වය යළි සොයමින් සිටී.

ඇය එය සොයමින් හඬමින් ඇවිදයයි. පොලීසියේ පිහිට පතයි. උසාවියෙන් යුක්තිය බලාපොරොත්තුවෙයි.  කෙලිදෙලින් සැහැල්ලුවෙන් කාලය ගතකල කුඩා ඇය, අද ගැහැණියකවී කිසිදා පය නොතැබූ උසාවි බිමක සිට ජීවිතයා ඉල්ලා හඬා වැටේ. අනාගතය උදෙසා ඉකිගසයි. නමුදු ඇත්තෙන්ම මේ සමාඅජය ඇයට ඒ දේවල් යළි ලබා දීමට සූදානමින් සිටීද? ඇයට ඇගේ අනාගතය, පවිත්‍රත්වය මේ උසාවියෙන් ලැබෙයිද. ඒසේ ලැබෙනු කෙසේ වෙතත් උසාවියේ නීතීඥයන් අබිමුව ඇය දෙවන වතාවටත් දූෂණය වෙයි. ගොරහැඩි තිරිසන් පපුවකට ඈ හිර වූ මොහොතේ පටන් ඒ පිසාචයාගේ පහත් නරුම ආසාවන් සංසිඳෙන තුරු ඇය මුහුණ දුන් කාලකණ්නි අත්දැකීම ඈට යලි යලිත් හඬගා ලෝකෙටම ඇසෙන්නට පැවසීමට සිදුවේ.

සල්ලිවලට හෘද සාක්ෂිය විකුණගෙන කන විත්තියේ උගත් නීතීඥ මහතුන් නැවත වරක් ඇයව ප්‍රසිද්ධියේ නිරුවත් කොට දමනු ඇත. අවසානයේ වරද කරුවන් නීතියේ රැහැනට හසුවුවද, ඇයට අහිමි වූ ඇගේ ජීවිතය ඇයට යලි ලබා දීමට උසාවියකට හැකිවනු ඇතිද? රචකයා පවසන්නේ එයයි. ඒ සඳහා ඔහු ඉතාම කදිම උදාහරණයක් ලබා දී ඇත. අලංකාරව පිපි මලක පෙති තලා පොඩිකර කඩා දැමූ පසු ඒ මල යලි පෙර තිබූ පරිදිම සකස් කරන්න බැහැ. ඉතින් මෙ අහිංසකාවිය කරන්න හදන්නෙ එයයි. තමන්ගෙ විසිරුණු ජීවිතය, අනාගතය, යලි මලක් කරන්නයි ඇගේ උත්සාහය. නමුත් ඇයට සාර්ථක වීමට නොහැකියි. ඒ වෙනුවට සමහරවිට ම්තැලුණු මලද නටුවෙන්ම ගැලවී මිලන වී යාමටද හැකිවේ.

ඉතින් ඇගේ මේ උත්සාහයේ නිශ්ඵල බවයි රචකයා ඈට මේ ආදරයෙන් කියල දෙන්නෙ. මේ කරන්නෙ විහිළුවක්වත් සරදමක්වත් නෙවෙයි, නමුත් පවතින ලෝක ස්ව්හාවයයි ඔහු ඇයට මෙසේ දයාබරව විස්තර කරන්නෙ.

දියණියක විසින් උගත යුතුම, සමාජයේ තිබෙන තවත් එක් කාරණයක් ගීතයේ ඊළඟ පදපෙලෙන් කියවෙනවා. අපූරු උපමා රූපක භාවිතා කරල එය රසික හදවත් තුලට සංගීතයවත්ව සම්ප්‍රේශණ්ය කරන්න යොදල තිබෙන පදමාලාවනම් අති විශිෂ්ඨයි.

"වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරලට කිසිදා දියඹ දකිනු හැකිදො
බදට පියපත් යුවලක්‌ ලැබුනත්
අහසේ දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..."

මෙහි වෙරළට උපමා කොට ඇත්තේ මේ යුවතියගේ යොවුන් ජීවිතයයි. රළ පෙල යනු කිසිදු අරමුණක් හෝ ස්ථීරත්වයක් නොමැතිව ඉබාගාතේ යන මෙවැනි ජීවිත බිලිගැනීමට මාන බලන දඩ බලු රංචුවයි.

ඉතින් මේ වෙරළ කරා එන රළ පෙල වෙරළ විසින් කිසිදු විචාරයකින් තොරව ආදරයෙන් වැළඳගත්තද, මේ රළ පෙලේ අතීතයවත්, ගමන් ඇරඹුනු තැනවත් මීට කලින් නතර උන තැන්වත් මේ අහිංසක වෙරළ දන්නෙ නෑනෙ. එත් එක්කම කවදාවත් වෙරළට රැල්ල හොයාගෙන රැල්ල එක්ක යන්නත් බෑ. ඒ දියඹ දකින්නත් බෑ. ඒ කියන්නෙ තමන් වෙත එන මිනිස් වෙස් ගත් තිරිසනුන් ගැන අඳුනගන්න තරම් මේ යුවතියටහැකියාවක් නෑ කියනෙකයි.

ඒ වගේම මේ කිරිල්ලිට ඉගිල්ලෙන් සොබාදහමෙන් පියාපත් ලැබුනද, ලෝකයේ දෙකලවර කිසිදින ඇයට අභිනික්මන් කල නොහැකිවනු ඇත.

පෙර කොටස් දෙක මෙන්ම ගීතයේ අවසාන කොටසද ඉතාම කදිම උදාහරණ රැසක් සමඟින් බන්දුල නානායක්කාර මහතා විසින් ලබා දී ඇත.
ලොවේ දසත බඹරු පියමනිනවා. විවිධ මල් උයන්වල නවාතැන් ගන්නවා. මල් නොතලා රොන් අරන් යනවා, සමහර විට මල් තලා පොඩිකර විනාස කර රොන් ලබා ගන්නවා. ඒත් එහෙම කරන බඹරුන්ට කවුරුත් මොකුත්ම නොකීවද, අහිංසක මල් ගොමුවටනම් එල්ලවන අපහාස, උපහාස කෙලවරක් නොමැතිවනු ඇත.

ගීතයේ අවසානයත් සමඟ සියලු දයාබර සොයුරියන්ට, යෙහෙලියන්ට පොදුවේ ඉතාම හොඳ උපදේශයක් ලබා දීමට මෙතුමා මේ ගීය යොදාගන්නවා.


"බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..."

කෙසේ හෝ, සමස්ථයක් ලෙස බැලූ පසු කෙටියෙන්ම ගීතයෙන් කියවෙන අර්ථය වනුයේ, දයාබර නංගියේ උඩ බලාගෙන කෙලගහන්න එපා කියනෙකයි. නමුත් බුද්ධියට ඉඩදී නුවණින් විමසූ කල මෙම ගීතය සමඟ එකඟ වෙන්න බැරිවුනත් සමාජයේ තවත් අහිංසක බිල්ලක් ගැනීමට පෙර අපි එවන් පාපතරයන් සමාජෙන් තුරන් කිරීමට හැකිනම් එයයි ඇත්තෙන්ම වටිනාකම.

වැරදි කාරයා වසර කිහිපයකින් නැවත සමජ ගත වනු ඇත. නමුදු ඔහු නිසා ජීවිතය විනාශ වූ මෙම යුවතියන්ට ජීවිත කාලය පුරාම සුසුම්ලමින් හිඳීමට වනු ඇත.

කෙසේ වුවද, ස්ත්‍රී දූෂකයාන් පිළිබඳ මාගෙ පුද්ගලික මතයනම් පැහැදිලිව සාක්ෂි සාධක සහිතව ඔප්පුවෙන මෙවැනි පාපතර වැරදිකරුවන් හට කිසිදු සමාවකින් තොරව මරණ දඬුවම ලබා දිය යුතු බවයි. මක් නිසාද ඔහු මේ තත්වයට පත්ව සිටින්නේ, අවිහිංසක තරුණ ජීවිතයක් මරා දැමීමෙනි.



එවැන්නෙකුට සමාවක් හිමි නොවිය යුතුමයි. එවැන්නන් මේ සමාජය ටුල නොසිටියම යුතු අයයි.

කෙසේ හෝ නානායක්කාරවසම්ගේ මෙම විශිෂ්ඨ පදරචනය රෝහණ වීරසිංහයන් විසින් අපූරු ගීතයක් බවට පෙරලද්දී එම ගීතයට ජීවය ලබා දෙන අතුල අධිකාරිගේ ලයාන්විත හඬ මාධූර්ය අප හදවත් ප්‍රකම්පනය කරනුයේ පුදුමාකාර ලෙසිනි. දයාබර නැගෙණියකට දයාබර සොහොයුරෙකුගේ සෙනෙහබර, අවවාදාත්මක ආමන්ත්‍රණය ගීය පුරා ඉතාම සංවේදීව රැකගැනීමට ඔහු සමත්වී ඇත.




විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ


පද රචනය : බන්දුල නානායක්කාරවසම්
ගායනය : අතුල අධිකාරි
සංගීතය : රෝහණ වීරසිංහ



(Wisirunu Mal Pethi - Athula Adhikari)







ගීතයේ ස්වර ප්‍රස්ථාරය



ඡායාරූපය අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තූතිය : ගීතය සඳහා ස්වර ප්‍රස්ථාරයක් සොයා දුන් බ්ලොග් සහෘදයාට සහ මෙම ගීතය පිළිබඳ මගේ අවධානය යොමුකරවූ මගේ මිතුරු දීපාල් සොහොයුරා හට..


*********************************************************************************


පසුව ලියමි

වෙනදා නොවූ තරම් තරමක නිහැඬියාවකින් පසු අද මාඅ ඔබ හමුවට මේ විචාරය රැගෙන ආවද ඒතුල මා තෘප්තිමත් නොවන වගනම් පැවසිය යුතුමයි. බොහෝ අව්ස්ථාවන්හීදී මා ලියූ ලිපි පිළිබඳ හිතෙ පිරෙන පරිපූර්ණ බවක් මින්පෙර දැනී ඇතිමුත් මේ සටහන තුල මට යම් හිස් බවක් දැනේ. කෙසේ වුවද එසේ සිත මෙය නැවතත් ඩ්‍රාෆ්ට් ගොඩට තල්ලු කර දමා තවත් දින කිහිපයක් නිහඬවම සිටීමට මගේ ඇති බලවත් අකමැත්ත නිසාම මම මෙය ඔබ වෙත අදම ගෙන එන්නෙමි. කවදත් වගේ මගේ දයාබර සහෘදයන් පිරිස මගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් මාව නිවැරදි මාවතට ගෙන ඒන බව මම දනිමි.

පහුගිය සති දෙක තුල මා මුහුණ දුන්  අතිශය කාර්‍ය බහුල කාලය නිසාත් අන්තර් ජාල සබඳතාවෙහි වූ දෝශ සහගත් බවත් නිසාත් ඔබෙන් තරමක් ඈත්ව සිටීමට සිදුවීම පිළිබඳ මම සමාව ඉල්ලා සිටිමි. මේ නිසාම පෝස්ට් එකක් ලිවීමට තබා ඔබේ ලිපි වලට අදහසක් එකතු කිරීමටද මා හට බොහෝවිට අතපසු විය. 

ඒසේනම් පරණ පුරුදු ලෙංගතු බවින්ම යළිත් අපි එකතුවෙමු. මේ අරාධනාව දයාබර ඔබ සැමටමයි.


54 comments:

  1. ///"" ඔබ හමුවට මේ විචාරය රැගෙන ආවද ඒතුල මා තෘප්තිමත් නොවන වගනම් පැවසිය යුතුමයි""// මමත් ඒ වගනම් පැවසිය යුතුමයි. මේ රටාව උඹට හුරු පුරුදු එහෙමත් නැත්තම් උඹ සාර්ථක වුනු රටාව නෙවයි. කොටින්ම මේ සාම්ප්‍රදායික ගීත විචාර ගෙන එන රටාව . මේක තුලින් උඹ සාර්ථකත්වයක් හොයන්න් එපා. උඹ මේ තුලින් මනොෂ්ව පෙන්නන උත්සාහ කරපං. උත්සාහයට තුති . ඒත් උත්සාහයේ ප්‍රතිපලයක් තිබිය යුතුයි

    ReplyDelete
    Replies
    1. ලියල ඉවරවෙනකොට මටත් ඕකම දැනුනා. අනේ මංද සාම්ප්‍රදායික ගීත විචාරත් අතරින් පතර ගේන්නයි හිතුවෙ. ඒත් ඒක අසාර්ථකවෙනවනම් තේරුමක් නෑ තමයි.

      Delete
    2. මං ඒත් කම්පනා කොලා මූට මොකද්ද මේ වැලදිල තියෙන රෝගෙ කියල

      Delete
    3. රෝගයක් නෙවෙයි බං. කතන්දර කියවන්න ගියාම හැමදාම, උඹලට එපාවෙයි කියලයි හිතුනෙ.

      Delete
  2. කලින් ලියපු ලිපි වලට වැඩිය පොඩි වෙනසක් තියෙනව තමයි.. ඒත් අවුලක් නෑ..ගීතෙ ගැන විස්තරේ පට්ට..
    //වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ//
    පුංචි වචන කිහිපයකින් කොච්චරනං ගැඹුරු අදහසක් දෙනවද නෙහ්..

    ReplyDelete
    Replies
    1. මේ ගීතයේ මුලු පද රචනයම එහෙමයි මලේ. හැම පදයකම රචනාවක තරම් ගැඹුරු අර්ථයක් තියෙනවා.

      Delete
  3. උඹේ ලිපිය ගැන කොමෙන්ටුව,,, අනේ මන්දා බං උඹ. කොහොම උනත් උඹ උඹටම කියලා ගොඩනගා ගත්තු උඹේ අනන්‍යතාවයට හානි කර ගන්න එපා.

    ගීත විචාර වල මනෝෂ් කියන ළකුණ ඕක නෙමේ.

    ReplyDelete
    Replies
    1. \\උඹේ ලිපිය ගැන කොමෙන්ටුව,,, // කමෙන්ටුව නෙවෙයි බං. ඕක කණගාටුව කියල දැම්මනම් වඩාත් ගැලපෙනවා. උඹලට විතරක් නෙවෙයි බං ලියපු මටත් අවුල් වගේ. හැමදාම ගෙදරින් කන එකේ එක දවසක් කඩෙන් කන්න කියල බැලුවෙ. කෝ ඉතින් මෙලෝ රහක් නෑනෙ.

      Delete
    2. වැඩිය හිතන්න එපා.!!

      උඹව විවේචනය කලා නෙමේ. මේ මනෝෂ්ට වඩා අර මනෝෂ්ට අපි කැමතියි. ඒ නිසයි කිව්වෙ.

      Delete
    3. එහෙම අවුලක් නෑ මචෝ.. මෙහෙම අඩුපාඩු වැරදි උඹල හරිගස්සන්නැතිව වෙන කවුරු පෙන්නල දෙන්නද. මං බලාපොරොත්තුවෙන්නෙත් මේ දේම තමයි බං.

      Delete
  4. ලිපියෙ ඇතුලාන්තය ගැන කතා කරනවා නම්, මචෝ තුඃ නොදකින් කියලා තමා කියන්න වෙන්නෙ ඒතරම් අප්‍රසන්නයි.

    ස්ත්‍රී දූෂණයක් කරපු එකා ඒ කෙල්ලගෙන්/ ගෑණිගෙන් එක පාරක් ලිංගිකව සතුටු වෙත්දි අහක ඉන්න උන් බහුතරයක් ඒ අහිංසකීව හිතෙන්, කටෙන් දූෂණය කර කර සිය පාරක් වත් සතුටු වෙනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචෝ සහතික ඇත්ත. ඕක මගේ ලේ කකියවන මාතෘකාවක්. ඒකයි මං කියන්නෙ ඔය වගේ හැතිකරේට මරණ දඬුවම දුන්නත් මදියි කියලා. ඔය කාලකණ්නි තමන්ගෙ පහත් නරුම ආසාවල් සපුරගත්තට පස්සෙ බොහෝ වෙලාවට ඒ අහිංසකී බැල්ලියක් වගේ මරල දානවා. වැහි නැති හෙන ගහන්නෙ ඔයවගේ තිරිසන්නුන්ටයි.

      \\ස්ත්‍රී දූෂණයක් කරපු එකා ඒ කෙල්ලගෙන්/ ගෑණිගෙන් එක පාරක් ලිංගිකව සතුටු වෙත්දි අහක ඉන්න උන් බහුතරයක් ඒ අහිංසකීව හිතෙන්, කටෙන් දූෂණය කර කර සිය පාරක් වත් සතුටු වෙනවා.//

      වැඩක් නෑ බං කතාකරලා. මිනිස්සු කොච්චරනම් තිරිහන් වෙලාද.

      Delete
  5. උඹට මොකද වෙලා තියෙන්නෙ, උඹ කලින් ලිව්ව එවත් එක්ක මෙක බලන කොට ????? මේ සිංදු ගැන පස්සෙ කතා කරමු ...

    ReplyDelete
    Replies
    1. අඩේ!! එච්චරටම අවුල්ද බං. හෙමදාම කතාම ලියල ඒවම කියවනකොට උඹලට ඊටත් වඩා එපාවෙයි කියලයි හිතුවෙ.

      Delete
  6. //ස්ත්‍රී දූෂකයාන් පිළිබඳ මාගෙ පුද්ගලික මතයනම් පැහැදිලිව සාක්ෂි සාධක සහිතව ඔප්පුවෙන මෙවැනි පාපතර වැරදිකරුවන් හට කිසිදු සමාවකින් තොරව මරණ දඬුවම ලබා දිය යුතු බවයි.//

    උඹ මඟුලක් කතා කරනවා. ප්හු, අපේ උන්දැලා ගේන්න හැදුවෙ පට්ට නීතියක්. "දූෂණය කරපු එකාටම කෙල්ලව බන්ඳලා දෙන්න".

    මාත් මේ හොද කෙල්ලො තුන් හතර දෙනෙක් හොයනවා දූෂණය කරලා කසාඳ බැඳගන්න.

    :p :p :p :p :p

    ReplyDelete
    Replies
    1. මේක මහ පුදුම රටක් බං. වැරදිකාරයන්ට දෙන්න සුදුසු දඬුවමක් නැති, හරි හමන් කෙලින් නීතියක් නැති බලපුලුවන් කාරයන්ට විතරක් යහතින් ඉන්න පුලුවන් අම්මගෙ රටක් මේක. ගත්තොත් ගන්නෙ තකතීරු තීරණ, නීති.

      මතකනෙ කාලයක් ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරපු හැටි. එහෙම බලපුවම ඉතින් ඊළඟට බයිකුත් තහනම් කරන්න වෙනවා. ස්ථීර ප්‍රතිපත්ති විසඳුම් නැති පැලැස්තර න්‍යාය කරපින්නගත්ත පාලකය නීති සම්පාදකයො උපදේදකයො ඉන්න රටක්නෙ බං මේක. පාලකයො තුනේ පංතියටවත් ඉස්කෝලෙ නොගිය රටක මීට වඩා බුද්ධිමත් සමාජයක් බලාපොරොත්තු වෙන්නත් බෑ ඉතින්.

      Delete
  7. අනේ මංදා බං මට නම් මේකෙ අව්ලක් නෑ එල වැඩේ සරල වචන ඇතුලෙ තියන අර්ථය මාර සංකීර්ණයි.ඇත්තටම කතා බහ කලයුතු මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. මුල ඉඳල ආව ආරෙ වෙනස් උනානෙ බං. උඹ මේ පැත්තට අලුත් නිසා උඹට එච්චර අවුලක් නෑ. ඒත් අර ශෛලියට ඇලුම් කරපු එවුන්ට මේක මදි. ඒකයි බං. අපි එක එකාට ඉතින් එක එක විදියටනෙ දැනෙන්නෙ. කොටින්ම ලියපු මටත් අවුල් බං.

      Delete
  8. //ශ්‍රී ලංකාව වනාහි දැඩි සංස්කෘතික මතධාරීන්ගෙන් ගහන වූ ආගම මුල් කොටගත් දැඩි සම්ප්‍රදායානූකූල ජනතාවක් වෙසෙන රටකි.//

    සමාවෙන්න මනෝශ්... මම ඔය වාක්‍යට එකඟ නැහැ... ලන්කාවෙන් පිට කාලයක් විවිද රටවල ජීවත් වෙලා ඒ රටවල මිනිස්සුත් එක්ක හොඳින් ආස්‍රය කලොත් ලන්කාවේ මිනිස්සු කොයි තරම් easy going ද කියලා තේරේවි...

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ විතරක් නෙවෙයි ගොඩක් ආසියානු සහ අරාබි රටවල් වල තත්වය ඕක තමයි. ලංකාවේනම් දැන් මේ තත්වය බොහෝදුරට මැකී යමින් පවතිනවා. ඒත් මීටත් අන්ත රටවල් තව ඕනි තරම් තියෙන බව ඇත්ත.

      Delete
  9. ඇත්තටම වටින ලිපියක් මේක..

    මේක කියවනකොට මට තව සින්දුවක් මතක් උනා.. අර්ජුන රූකාන්තගේ
    සෝඩි ලැම හස පෑයු පමණින්
    බඹර ගුම් නද ඇසූ තරමින්
    මල තවම කැකුලක්.. කැකුලු බව මල සිතන්න
    එපා දෑතින් මලේ පෙති දිග හරින්න
    එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිදින්න

    අග්නි වැලක ඇවිද යා නොහැකි නමුත්
    පුලුන් රොදක පාවෙලා යා හැකි බවත්
    තරව සිහියට නගන්න
    දැවි දැවි ජීවිතය කුමකට ගෙවන්නේ
    නගේ ඩින්ගක් හැගීම් යටපත් කරන්න

    දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න
    ඔබෙ පියාපත් තව ලපටි නොවෙදැයි සිතන්න
    සිහින ඇති නිමාවක් නැති තරම් ඒත් මේ ගැන සිතන්න
    අපා දුක් විද උවද කම් නැත
    පොළොවේ පය ගහ සිටින්න

    මන් ආස කරන ලස්සන් තේරුමක් තියෙන සින්දුවක් මේක... ජය වේවා මනොශ්... :)

    ReplyDelete
    Replies
    1. විශිෂ්ඨයි සුසී විශිෂ්ඨයි. මේ ගීතය ගැන තව විචාරයක් ලියන්න හිතෙනවා. ඉතාම වටිනාම ගීතයක්. නව පරපුරෙන් බිහිවූ තවත් ස්වර්ණමය තිළිණයක්.

      \\එපා දෑතින් මලේ පෙති දිග හරින්න
      එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිදින්න//

      මෙහෙම හිතනවානම් හැමෝම, ලෝකෙ කෙතරම්නම් සොඳුරුයිද.

      Delete
    2. අන්න හරි මනොෂ් ලියමු හොද විචාරයක්...

      Delete
    3. \\එපා දෑතින් මලේ පෙති දිග හරින්න එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිදින්න//

      උඹ මගුලක් කතා කරනවා.… !!!

      Delete
    4. හ්ම්.. අපි බලමු සුසී..

      Delete
    5. ඒ පත්තරයෝ.. උඹ අද ගොඩක්ම කාර්‍ය බහුලවෙලා වගේ.

      Delete
  10. විචාරයෙ අවුල දැනෙන්නෙ මනෝෂ්ටත් හදවතට එකඟව මේ සින්දුවෙ අර්ථයට එකඟ වෙන්න බැරි හින්ද... කියන දෙ ඇත්ත.. ඒත් ඒක කොයිතරං දුරට සාධාරණද..?

    පවිත්‍රතාවය කියන්නෙ කන්‍යාපටලය නෙවෙයි.. හිත... තමන් අකමැති කෙනෙක් අතින් ඇල්ලුවත් අපවිත්‍රතාවයක් දැනෙනවා.. එහෙම එකේ තමන් අකමැති කෙනෙක් ඊටත් එහා ගියොත්....? හානිවෙන්නෙ කනයාපටලයට නෙවෙයි... හිතට... ඔය කොච්චර හංගගෙන ඉන්න හැදුවත් ඒ කැඩිච්ච හිත හදන්න මොකාටවත් බෑ... මේක කෙල්ලන්ට විතරක් නෙවෙයි කොල්ලන්ටත් අදාලයි...

    ReplyDelete
    Replies
    1. හිරූ හරියටම හරි. ගෑනු ළමෙක්ගෙ පවිත්‍රත්වය කියන්නෙ ශරීරාංගයක් නෙවෙයි. ඒක ආධ්‍යාත්මික ලකුණක්. ශරීරයේ ඇතිවෙන තුවාල සුවකරන්න පුලුවන්. ඒත් හිතේ ඇතිවෙන තුවාල, කුණු පැල්ලම්වල කැලැල් කවදාවත් මකන්න බෑ.

      ඒ වගේම ජීවිතය තුලදි ඔබ කියන දේ කොල්ලො කෙල්ලො හැමෝටම අදාලයි. ලංකාව වගේ රටවල් වල මෙවැනි අසරණියන්ගෙ අනාගතය හරිම ශෝචනීයයි. මොනව කරන්නද.

      Delete

    2. +++++

      හිරු අක්කට වැටක්...

      Delete
    3. මටනම් මේව ළකුණු විදියට හිතෙන්නෙ. ඇත්තටම ධන ලකුනු පෙලේ අරුත වැටද, අගය කිරීමද?

      Delete
  11. මනෝෂ් මට නම් මේ විචාරයේ අවුලක් පේන්නේ නැහැ. පසුබිම් කතාවක් එක්කම නිතරම විචාරයන් ගේනවාට වඩා මේ ස්ට්‍රේට් ෆෝර්වඩ් ලිවිල්ලත් නරකම නැහැනේ ඉඳලා හිටලා.

    අතුලගේ ගීත ගොන්නේ මම කැමතිම ගීතයක්.

    ගීතයේ තේරුම ගැන නම් කියන්න තියෙන්නේ අපේ ආකල්පවල තියෙන පටුබව තමයි. මේ කටුවෙන් එලියට එන්න කාලයක් යයි.

    ReplyDelete
    Replies
    1. \\පසුබිම් කතාවක් එක්කම නිතරම විචාරයන් ගේනවාට වඩා මේ ස්ට්‍රේට් ෆෝර්වඩ් ලිවිල්ල//

      අන්න එහෙමහිතල තමයි අරූ අයියේ මෙහෙම ලිව්වෙ නම්. එකම රාමුවකටම කොටුවෙලත් බෑනෙ. සුපුරුදු ශෛලය වෙනස් කරපු එක ගැන අවුලක් නෑ මට. මොකද මං මේක පටන්ගත්තෙත් ඒ සිස්ටම් එකටමනේ. ඒත් මේ පාර ලිවීම ගැන මගේ හිතට දැනෙන්නෙ නෑ. මහා අඩුවක් දැනෙනවා.

      පොඩි කාලයක් නෙවෙයි අරූ අයියේ, අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකෙම උනත් තිරිසන් ගති මිනිස්සුන්ගෙන් ඈත්වෙලා "මනුෂ්‍යයෝ" බිහිවෙන්න තව හුඟ කාලයක් යයි. සමහරවිට කවදාඅවත් එහෙම වෙන්නෙත් නැතිවෙයි.

      Delete
  12. මනෝෂ් විචාරයේ අවුලක් නෑ.. මට හිතෙන්නේ පහුගිය ටිකේ උඹ හිටිය රටාව ටිකක් එහාට මෙහාට උන හන්දා එහෙම හිතෙනවා ඇති.. වැඩිය හිතන්න එපා.. ලොකු ගඩොල් අස්සේ සක්ක ගහන්නත් ඕන බැම්මක් හයිය වෙන්න.. ඕක මම කිවුව දෙයක් නෙමෙයි.. මාරයාතුමා කිවුව දෙයක්..

    සිංදුවනම් මගේ ඕල් ටයිම් ෆේවරිට් එකක්.. ආයේ ඒකේ කිසිම වෙනසක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ මචෝ. එහෙනම් එච්චරයි. අර කිව්වෙ කතාඅවනම් මසුරන් දිනේෂ්. ලොකු ලොකු ගඩොල් වලින් බැන්දත් සක්ක නැතිව කොහොමද.

      ගොඩක් ස්තූතියි දිනේෂ්, විචාරය රසවින්දටත්, අගය කිරීමටත්.

      Delete
  13. මචෝ කියෙව්වේ නෑ.. (එදා කියපු සිංදුව ලියන ගමන්- හෙට ඇවිත් කියවන්නං - ජය වේවා !!!)

    ReplyDelete
    Replies
    1. ආ.. නියමයි නියමයි. සිංදුව ලස්සනට ලියන්නකෝ.. ජයවේවා..!

      Delete
  14. මොන රෙද්දෙ අවුලක්ද බං ....... හැම දාම එක විදියට ලියන්න/කියන්න කියල කොහේ හරි නීතියක් තියෙනවද යකූ......
    බහු භූත රෙද්දවල් නොහිත අපි අතරට නිතර වරෙන්......
    ලොකු අවුල් තිබ්බොත් කියල දෙන්නම්......

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියට ස්තූතියි. හැමදාමත් ඉතින් එකම විදියට ලියන්නත් බෑනෙ. පසුබෑම් ඇතිවෙනවා. ඒ හැමදේදිම මෙහෙම ළඟින් ඉන්නෙකම ලොකු දිරියක්.

      Delete
  15. මොකද්ද බං මේ...
    විගඩමක්වෙලා නෙව...
    තරහ වෙන්න එපා.. අවංකවම අද නං මේ ලෝකෙ රහක් නෑ... නිකං අර කම්මැලි කමට ආප්පයක් දැම්ම වගේ....
    වයලීනො මේකට විචාරයක් ලියල තිබ්බ කියල මතකයි...
    පිස්සු නටන්නෙ නැතිව හොදට ලියපං බං

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම ඩිරෙක්ට් කතාකරනවටනම් මං හෙන මනාපයි. ඔහොම තමයි බං, හැමදාම එකම මට්ටමෙන් ලියන්නත් බෑනෙ. හැම නිර්මාණ කරුවෙකුගෙම තමන්ගෙ ගමනෙදි සාර්ථ නිර්මාණ අතර අසාර්ථක ඒවත් තියෙනවා. මේකත් එහෙම එකක් වෙන්නැති.

      අඩුපාඩු, වැරදි අවම කරගෙන හිතට දැනෙන දෙයක් ලියන්න ඊළඟ වතාවෙ උපරිම ශක්තිය දාන්නම් මචෝ.

      Delete
  16. කුඩු... අබ සරණයි... අපට..

    ReplyDelete
    Replies
    1. මං කුඩු උනාටනම් කමක් නෑ. ඒත් මං නිසා ඔයාට අබසරණයිනම්, දෙයියනේ සියදහස් වාරයක් සමාවෙන්න.

      Delete
  17. විචාරයේ අඩුවක් නම් දැනුනේ නෑ.. ගීතයට හොඳ සාදාරණයක් කරලා තියෙනවා කියලයි මට හිතුනේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තුශානි. සෑහෙන්නෙ විවේචන එල්ලවුන විචාරයක්..

      Delete
  18. මේ ගීතයේ කියවෙන කතාව ලංකාව හෝ වෙනත් පුරුෂ මූලික සමාජයක අවාසනාවට ඇත්ත කතාවක්.නමුත් ප්‍රයෝගික ඇත්තක්.වරදක් වුනාම පුරුෂයාට වඩා කාන්තාවට ඒකේ වගකීම යනවා.මේක වෙනස් වෙන ප්‍රධානම තැන වෙන්නේ යුවතිය බල පුලුවන්කාර කෙනෙක් නම් හා පිරිමියා පීඩිතයෙක් නම් විතරයි.ගීතයට විවිධ පසුබිම් තියෙන්න පුළුවන්.ඒත් වදන් වල අරුත ගත්තොත් මේක අයියා කෙනෙක් තමන්ගේ නංගී වගේ සලකන යුවතියකට කියන කතාවක්. මේ වගේම තව ගීතයක් තියෙනවා නාමල් උඩුගමගේ "මා මුව අගින් හිනැහුණා..." කියලා.එතනදි නම් නාමල්ගේම අත්දැකීමක් ද කියලත් හිතෙනවා,මොකද ඒ ගීතයේ පද රචනය,සංගීතය,ගායනය ඔක්කොම එයාගේ.අනික ඒ කාලේදි නාමල් උන්මාදයක් රටේ තිබ්බා.

    ReplyDelete
    Replies
    1. හිමපියල්ලෙ කියන කතාවත් හරියටම හරි. ඒක මේ සමාජයේ ඛේදවාචකයක්. මනුස්ස පරිහානිය තනයි මේ හැමදේටම මූලිකම හේතුව. ඒ ගුණධර්ම වර්ධනය කරගන්නැතිව වෙන මොන දේ කලත් වැඩක් නෑ.

      නාමල් උඩුගම රැල්ල ගැනනම් ආයෙ කතාකරල වැඩක් නෑ. ඒක පුදුම උන්මාදයක්.

      Delete
  19. මෙය ඔබ කියනා අයුරින් අඩු තක්සේරුවකින් බැලීම ගැන නම් අපි කොහොත්ම එකග නොවන්නෙමු. ඒ තුළ ඉතා හරබර විචාරකයෙකුගේ විචක්ෂණ ඇස සහ සිත ඔබ විසින් මනාව හසුරුවා ඇති බව සත්‍යයකි. ඉතින් කියවීමට ප්‍රිය ලෙස සහ විචාරාත්මක ව දෙයක් ලිවීමට ඔබ තුළ ඇති හැකියාව මෙමගින් පෙනෙනවා හැර අනෙකක් නොපෙනේ. ඉතින් ඔබ විසින් ලියූ මෙම විචාරය ද අනෙක්වා හා සමානව ම අගය කරන බව මෙහිදී කීමට කැමැත්තෙමු. ඉතින් පසුගිය ටිකේ අපිත් හොදින්ම කාර්ය බහුල වූ නිසා ඔබට දොස් කීමට අපට හැකියාවක් ද නැත.

    නැවතත් හමුවෙමු..............................

    ReplyDelete
    Replies
    1. යම් අඩුපාඩුවක් මට දැනුනා ගී පවුරේ. ඒත් ඒක මේ කමෙන්ට්ස් වලින් බොහෝදෙනා කියල තියෙන විදියෙ දරුණු ගනයේ එකක් විදියටමනම් මට තාමවත් හිතිලා නෑ. ඒත් එකපාරම සුපුරුදු ශෛලියෙන් ටිකක් ඈත් උනාම ගොඩක් දෙනාට ඒක ටිකක් අල්ලලා නෑ වගේ.

      ඒකට කමක්නෑ ගී පවුරේ. කොහොම උනත් මේ අසීරුතම මොහොතෙත් මාත් එක්කම ඉඳිමින් මාව මෙහෙම අගය කරනවාටනම් ගී පවුරට අනේක වාරයක් පිං. ඇත්තෙන්ම ගොඩක් ස්තූතියි.

      ඔබත් මාත් අප දෙගොල්ලොම පහුගිය දවසවල සිටි කාර්‍ය බහුලත්වය නිසාම වෙනද තරම් සමීප වෙන්න ලැබුනෙ ණෑ. ඒත් දැන්නම් ආයෙත් සුපුරුදු ශෛලියට අනුගතවෙන්න පුලුවන්.

      Delete
  20. මටනම් ඒ හැටි වැරද්දක් පේන්නේ නැහැ ..එත් ඉතින් කලින් ලියල තිබුණු විචාර වල ට වඩා වෙනස් ගතියක් දැනුන...

    මොනවා වුනත් විචාරය ඇතුලේ කතා කරන මාතෘකාව බොහොම වැදගත්..

    ReplyDelete
    Replies
    1. ඔබතුමාව මේ පැත්තෙදි දැක්කෙ පලවෙනි වතාවට. ඉතින් ඉතාම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.

      කලින් විචාර වලට වලට වඩා වෙනස් විදියට ලියපු නිසා වෙන්නැති කට්ටියට ටිකක් අවුල් වගේ.

      ස්තූතියි ගොඩක්ම ඔබේ අගයකිරීමට...

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. එකම සින්දුව දැකපු දෙවිදියක්............http://sinduwagemiyasiya.blogspot.com/2014/07/blog-post_24.html?showComment=1407343150631#c1942827266798821810

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ගීතයක රසවිඳීමේ සීමාව අනන්තයි. එකම ගීතයට තේරුම් කොච්ච්cරනම් තියෙනවද?

      Delete
  23. ඔබගේ මෙම විචාර හා පෙළ ගැළපීම අද පළමු වරට කිය වූ මට මිතුරන් හා ඔබ අතර වූ අදහස් බෙදාගැනීම් වළට තරම් ලෙන්ගතු විය නොහැකි වුවත් සමාජය පිළිබඳවත් මිනිසුන්ගේ චිත්තාභ්‍යන්තරටා අාමන්ත්‍රණය කරන ගීත පිළිබඳවත් ඔබ තුළ වන දැනුම හා අවබෝධය ගැන මා හදවතින් ම සතුටු වන අතර ඔබේ මෙම විචාරය ද ඔබගේ අනිකුත් විචාර තරමට ම නොවුන සාර්ථක විචාරයක් බව මගේ අදහස වන අතර කර්තව්‍යය ඉදිරියට ද කරගෙන යාමට මම ඔබට සභ පැතුම් එක්කරනවා

    ReplyDelete