Pages

Sandumal

Sandumal

Sunday, October 12, 2014

•එකතුවට ස්තූතියි..


"රන් අස්වනු නෙළුවෝ වෙමු..."






අද මේ ලියන්න යන්නෙ වෙනදට වඩා විශේෂ සටහනක්. ඒ නිසා ගී සංවේදනාවක්නම් ඔබ වෙත ලබා දීමට නොහැකියි අද. සාමාන්‍යයෙන් මට සෙනසුරාද දවසට පරිගනකය සමඟ එකතුවීම බෙහෙවින්ම අපහසුයි. රැකියාවට නොයන සෙනසුරාදා දින මට ඒ තරමටම කාර්ය බහුලයි. ඉති මේ සතියෙ සෙනසුරාදා, ඒ කියන්නෙ ඊයේ, මේ වැඩ රාජකාරි අස්සෙ විවේකයක් ලැබුනු පුංචි මොහොතක මං නිකමට වගේ පරිගනකය අන්තර්ජාලයට සම්බන්ධ කරල, මගේ ජී මේල් ගිණුමට ලොග් වෙලා ඊ මේල පරීක්ෂා කලා.

ඉතින් නෙතට නුපුරුදු නමකින් මට ඊ ලිපියක් ලැබිල තිබුනා. ඒ ලිපිය ලැබිල තිබුනෙ එකතුව.org කියන අපිට නිතර අත හිත දෙන බ්ලොග් සින්ඩියෙන්. ඒත් එක්කම එකතුව කිව්ව ගමන් මට තවත් විශේෂ දෙයක් මතක් උනා. ඒ තමා එකතුවෙන් පවත්වපු එකතුව බ්ලොග් සම්මාන උළෙල. ඉතින් හිතේ කුතුහලයෙන්ම මං ඉක්මනට පණිවුඩය කියෙව්වා. එහි තිබුනෙ මෙහෙම දයක්.

"ඔබගේ බ්ලොග් අඩවිය එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියෙහි හොදම බ්ලොග් යටතේ සම්මාන හිමි කරගෙන ඇත. මෙතනින් ඔබට ජයග්‍රහනට පිලිබද වැඩි විසතර ලබා ගැනීමට හැක. අප වෙත ඔබගේ නිවැරදි ලිපිනයන් ඊමේල් පනිවිඩයක් මගින් දැනුම් දෙන්න. ඔබට හිමි ත්‍යාග එමගින් ඔබට ලැබීමට සැලසීමට කටයුතු කරනු ලැබේ. සුභ පැතුම්! "

ඔන්න ඔහොමයි කියල තිබුනෙ. ඉතින් හිතාගන්න පුලුවන්නෙ හිතට කොච්චරනම් සතුටක් දැනෙන්න ඇතිද කියලා. ඇත්තෙන්ම පාසැල් සමයේ මොකක් හරි තරඟයකින් දිනල කියල දැනගත්තම දැනුන සතුට තරම්ම සතුටක් දැනුනා මේ වෙලාවෙ. ඉතින් මේ ජයග්‍රහනය ගැන නිහතමානීව සතුටු වෙන ගමන් ඒ සතුට ඔයලා හැමෝම එක්කෑඅ සතුට බෙදාගන්නයි මේ සටහන මෙලෙස තබන්නට හිතුවේ. 

මීට මාස කිහිපයකට කලින් එකතුව බ්ලොග් සින්ඩිය සහ රේඩියෝ කළුතර එකතුවෙලා මෙලෙස බ්ලොග් සම්මාන සැනකෙලියක් සංවිධානය කලා ඔබට මතක ඇති. අපි සමහර දෙනා මෙම තරඟය සඳහා අපේ බ්ලොග් අඩවිද යොමු කල බවත් ඔබට මතක ඇති. ඉතින් විවිධ බ්ලොග් තේමාවන් යටතේ සංවිධානය කර තිබූ මෙම තරඟය සඳහා මමත් මගේ මෙම බ්ලොග් අඩවිය සාහිත්‍ය අංශය සඳහා ඉදිරිපත් කලෙමි. ඒ දුර සිට අසීරු ඉලක්කයකට විදින හීයක් ලෙසිනි. ජයග්‍රහනයක් පිළිබඳ බලාපොරොත්තුවක් සිතෙහි නොතිබූ නමුත්, තරඟය සඳහා ඉදිරිපත් වුනෙමි.

කෙසේ හෝ අවසානයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුන අයුරින්, සාහිත්‍ය අංශය සඳහා වූ තරඟයෙන්, ඔබ සැවොම මා සමඟ දයාබරත්වයෙන් අත්වැල් පටලාගෙන රසවිඳින ඔබේත් මගේත් මෙම බ්ලොග් අඩවිය, ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත. එය මා ඔබත් සමඟ පවසන්නේ අපරිමිත සතුටකිනි. අහිංසක ආඩම්බරයකිනි.

බ්ලොග් ලොව ඔබත් සමඟ එක්ව හරි හැටි වසරක්වත් ගතවීමට මත්තෙන් මේ ලැබූ ජයග්‍රහනය, පැසසුම, තිළිණය, ඇත්තෙන්ම මට මහමෙරකි. කිවයුතු සුවිශේෂීම දෙයක් වේ. එනම් මෙම ජයග්‍රණය ඇත්තෙන්ම මට හිමිකර දුන්නේ දයාබර ඔබමයි. මේ ඔබේ ශක්තියයි. ඔබ මට ලබා දුන් අපරිමිත ශක්තියයි.මා ලියූ අකුරු වලත්, ඔබ මා සමඟ එක්ව ගෙවූ වටිනාම කාලයේත් මිහිරිතම අස්වැන්න ලැබී ඇත.  මා මේ පිළිබඳ මෙතරම්ම අගේ කොට කියවනුයේ මගේ බ්ලොග් අඩවිය බ්ලොග් අවකාශය තුල ලබාගත් ඉහළම ජයග්‍රහණය මෙය වන හෙයිනි.

මෙවන් අගය කිරීමක් සහ මෙවන් චිත්තප්‍රීතියක් මින් පෙර මගේ බ්ලොග් අඩවිය වෙනුවෙන් මා ලැබූයේ නමේ ඒ එකම එක වතාවකි. ඒ මීට මාස කිහිපයකට පෙරදී, අප අතර සිටින ප්‍රවීණතම සහ ජ්‍යේෂ්ඨතම බ්ලොග් සහෘදයකු වන අපේ මාතලන් අයියණ්ඩිය විසින් මගේ බ්ලොග් අඩවිය ඔහුගේ සින්ඩිය තුලින් හඳුන්වාදුන් මොහොතෙහිය. එදා ලද සතුට, මා අදද එලෙසින්ම විඳගත්තෙමි.

මේ අවස්ථාවේදී කිව යුතු සුවිශේෂිතම කාරණයක් වේ. එනම් ඉහතින්ද පැවසූ පරිදි මෙම ජයග්‍රහණය මා ලැබූයේ ඔබගේම සහයෝගය නිසාවෙනි. පළමුවෙන්ම ධම්මික බංඩාරයන්ගේ ගීත විචාරයන් පමණක් ගෙන එමින් සිටි කලෙක මගේම වූ නිර්මාණයන් සඳහා මා යොමු කල මගේ දයාබර බ්ලොග් සහෘදයන්  හට මගේ දයාබර ප්‍රණාමය පුද කරමි. එහිදී කුරුටු ගෑ ගීපවුර, ප්‍රියා, විදානේ, අරූ අයියා, දේශක, මහේෂ්, විශේෂයෙන් මතක් කරමි. මීළඟට කවදත් මගේ අඩවියට තාක්ශණික සහයෝගය නොමඳව, නොපැකිලව ලබා දුන් අටම් අයියාටත්, මගේ බ්ලොග් අඩවිය බ්ලොග් ලෝකය තුලට ගෙන ගිය මාතලන් අයියාටත් සතූතිවන්ත වෙමි.

එපමණක් නොව, මගේ බ්ලොග් සටහන් සමඟ නිතර රැඳෙමින්, ඒවායේ ගුණ දොස් විචාරමින්, මා දිරිගන්නවමින් නිබඳ ශක්තියක් වන දයාබර පත්තර මල්ලී, මගේ ගී සංවේදනා ගීයෙන් සරසන අපේ සිංදු ඇනෝ, සංජීව මෙන්ඩිස්, තුශානි,කෙන්ජි, සංචාරක, සහෝදර, සොමියා ආදී සහෘදයන් සියල්ලන්ටම මගේ ආදර ස්තූතිය මෙසේ පලකරමි. එමෙන්ම මේ තරඟය සඳහා මා උනන්දු කොට, ඒ සඳහා යොමු වීමට මා පෙලඹවූ, මගේ නිර්මාණ දිවියේ නොමැකෙන සෙවැනැල්ල වන් දයාබර කවිකාරිටත් තුති පුදමි.

එමෙන්ම මෙවැනි බ්ලොග් සම්මාන උළෙලක් සංවිධානාය කොට, එහි වියදම් දරා ගනිමින්, සිංහල බ්ලොග් කරුවන් මෙලෙස දිරි ගන්වා සිංහල බ්ලොග් සාහිත්‍ය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටුකරන එකතුව සින්ඩියේ සියලු සහෘදයන්ටහ් රේඩියෝ කළුතර හි, සියලු දෙන්නටමත් මගේ විශේෂ ආදර ස්තූතිය මෙලෙස පුදකරමි.

මගේ අඩවියට පැමිණ නිබඳ මා දිරි ගන්නවන, නම් කී නොකී සියල්ලන්ටම ස්තූතියි. අනේ එක නමක් හරි අමතක උනානම් සියවරක් සමාවෙන්න. ඔබ හැමදෙනාම තමයි මගේ ශක්තිය. ස්තූතියි සියල්ලන්ටම නැවතත්.



"පියාඹන්න අවසරයි පියාපතද සැහැල්ලුයි,

ඉතින් නිල් අහස මගෙයි
මගේ පුංචි කුරුල්ලෝ නිල් අහස විසාලයි
නුඹ ගැන තවම මට බයයි

විලිකුන් මියුරු පලින සැරසුණු වනන්තරය

එන්නැයි ලඟට අතවනයි
සසලව නොයන් පුතුනි පලවැල පිරුණු අරණ
මේ මුළු ලොවෙම උරුමයයි

අත්ත‍ටු සලන අතර උපදින සීත සුළඟ

මුළු ලොව නිවා සනසවයි
ඒ සිහිලැල් සුළඟම පුතුනේ ලොව රිදවන
සැඩ සුළඟකට මුලපුරයි"

-කපුගේ සමඟින් මිත්‍ර කපුගේ-



132 comments:

  1. ජයවේවා මනෝ ...තව තවත් සංවේදනා ලියන්න හැකිවෙවා

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිය මගේ ශක්තිය තමයි සහෝ... ස්තූතියි ආයෙමත් සැරයක්.

      Delete
  2. මනොෂ්, ස්තුති ඕන නෑ... ජයග්‍රහණයත් එක්ක දිගු ගමනක් යන්න සුභපැතුම්!!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මා වෙනුවෙන් වන ඔබගේ සහෘදත්වය ස්තූතියක් වත් බලාපොරොත්තු නොවන උතුම් බැඳීමක් බව මං දන්නවා විදානේ. ඒත් මේ ස්තූතිය නැත්නම් මගේ හිතට හරි නෑ.

      ඉතින් බලහංකො, ආයෙමත් මට ස්තූතියිමනේ කියන්න වෙන්නෙ..

      Delete
  3. ජය වේවා මනොෂ් සහෝ......... ලැබෙන අගය කිරීම් එක්ක තවත් ඉස්සරහටම යන්න හැකි වේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ ගීත විචාර තවත් පෝෂණය උනා සොමියගේ ඒ විචාර වලට දුන් විචාර වලින්.. පරීක්ෂණ වලට නිගමන ලැබිල මචෝ එදා උඹ කිව්ව වගේම.

      ස්තූතියි....

      Delete
  4. අම්මෝ.. මාර සන්තෝසයි තමයි.... සම්මානෙ ඉතිං අපිටත් හම්බුනා වගේ තමා දැනෙන්නෙ... හි හි....

    පහුගිය ටිකේ ඒව කියෙව්ව විතරයි... කමෙන්ට් දාන්න වෙලාවක් තිබ්බෙ නෑ.... ( අර ෆොන් එක හදාගත්ත පෝස්ට් එක නං ගොකඩ් වැදගත් උනා )

    ReplyDelete
    Replies
    1. හිරූට පහුගිය දවස් වල වෙච්ච කරදර මං සිකුරාද කියෙව්වා.ඇත්තෙන්ම හිතට ලොකු දුකක් දැනුනා. ඒ වගේ දුෂ්කරම මොහොතවල් එක පිට එක ආවම හරිම අමාරුයි. ඒත් ඉතින් ඒවාට මුහුණ දී ජයගැනීම තමයි වෙන්න ඕනි. හිරූගේ දයාබර මෑණියන්ට මං ආයෙමත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඇය සනීප වෙනවමයි ඉක්මනින්ම.

      ස්තූතියි හිරු ඔබටත්.

      Delete
  5. ජය වේවා මනොෂ්
    සුභපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. බෙහෙවින්ම ස්තූතියි දමිත්...

      Delete
  6. මෙම සතුටුදායක පණිවිඩය දැනගත් වෙලාවේ ඔබත් සමඟ එම සතුට බෙදාගැනීමට මාත්් සිටිම පිලිබඳ මට දැනෙන සතුට කියලා නිමකරන්න බැරිතරම්. මං හැමදාම දැනගෙන හිටියා ඔබට ඔබ හිතනවට වඩා හැකියාව ඇතිබව. ඔබට මාගේ හදපිරි සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. මටත් වඩා ඒ සතුටෙ අයිතිය ඔබටයි හිමි කවිකාරියේ. ඔබෙන් ලබන දිරිය නොවන්න මේවැනි දේවල් මාතින් ලියවෙන එකක් නෑ. මං මොකුත් නොලිය කම්මැලි කමට ඉන්නකොට ඔයා මාත් එක්ක තරහා වෙලා බලෙන් හරි මං ලවා ලියවගන්න අපූරුව මට මතක් වෙනවා.

      දයාබර ඔබට ස්තූතියි.

      Delete
    2. දෙන්නම එකතු වෙලා අපිට වෙඩිං කේක් කැල්ලකුයි ගල් අරක්කු ටිකකුයි (බැරල් 5ක් විතර චුට්ටක්) දිපියවු.

      Delete
    3. අරක්කු බවුසරේක ගිල්ලල තිබ්බනම් හරි දවස් දෙක තුනක්.

      Delete
  7. මේ කොල්ලන්ගේ වැඩේ ගැන පෝස්ට් එකක් දැම්මාම මට හැම එකාම කින්ඩිය දැම්මා. ඒත් මම කිව්වාම උන් උන්ගේ නීතී රීති පවා වෙනස් කර ගත්තා.. ඌ මේ නිකංම නිකන් පොඩි කොල්ලෙක්ය කිව්වා. හැබයි ඒ පොඩි එකා ළොකු උන්ට වඩා දෙයක් කරලා තියෙනවා.. මට ඒ ගැන පුදුම සතුටක් තියෙන්නේ.. ළෝකය දිනන්න ළොකු පොඩි ප්‍රශ්ණ ඕන නෑ..

    මේ කොල්ලෝ සෙට් එකත්, මලාලත්, හොං කොං වලපොඩි කොලු පැටියත් අපට කියා දෙන පාඩම ඒකයි..

    සුභ පැතුම් මනෝෂ්... ලැබිය යුතුම සම්මානයක්..

    ReplyDelete
    Replies
    1. හැමෝගෙන්ම පහර කාගෙන ඒ පොඩි කොල්ලන්ව ඉහලට ඔසවා තබන්නට තරම් නිහතමානීතත්වයක් සහ ගටක් තිබූ මාතලන්ට අපේ උපහාරය .. උඹ තමයි මේ බ්ලොග් වලට අලුත් මල් පිපෙන්න පෝර දාන්නේ, ගොඩක් උන් බලන් ඉන්නේ උන්ව පාගලා දාන්න විතරයි

      Delete
    2. ඉවාන් අනිවා මාතලන්ගේ සින්ඩියෙන් පවා අලුත් අපි ලබන සේවය අනර්ඝයි.. ++++++++++++++++

      මගේ අදහස අනුව මනෝට මුලින්ම සම්මානයක් දුන්නෙත් මාතලන් අයියාමයි.

      තවත් සඳරුවෙක්??

      Delete
    3. ++++++++++++
      සත්තකින්ම මාතලන් ලොක්කගෙන් ලැබෙන සප් එක විශිෂ්ඨයි..

      Delete
    4. වැසි වසිනා අහස අපි
      මුතු බඳිනා මුහුද අපි
      මිණි දිලෙනා පොළොව අපි
      සිරි ලංකා රටම අපි….!!!

      අපේ පැතුම් අහසට විහිදී යයි
      කම්හල් වල දුම් වලලු දිගේ
      අපේම දහදිය මුගුරු ගලා එයි
      ගංගා ඇළ දොළ ඉවුරු දිගේ

      දෙරණ පලා රතු කැට මතුවන්නට
      අප අත දෙනතුරු බලා හිදී
      බලව් යොමා නෙත අපේම මාවත
      අපේ අතින් ගොඩ නැ‍ඟෙන හැටි…!!

      වැසියෝ අපි පුර වැසියෝ..!!!
      රට රකිනා ජනතාවෝ….!!!

      ගත වැකි දුහුවිලි රන බරනයි
      දයඩිය මඩ, විළවුන් සුවඳයි
      රට වෙනුවෙන් ගත සිත වෙහෙසෙයි
      සිත සතුටේ උල්පත එතනයි…!!

      වැසියෝ අපි පුරවැසියේ
      රට රකිනා ජනාතාවෝ….

      Delete
    5. මාතලන් …
      වචනයක් කියන්න ඕන බොස්.. සඳුමලා මේ සම්මානය ලැබුවනම් ඒක පිටිපස්සෙ උඹේ ලොකු දායකත්වයක් තියනවා.ඒක මම වගකීමෙන් කියනවා..ඒ වගේමයි අරූ අයියා විදානෙයා කුරුට්ටා ප්‍රියා ඉවාන් ඇතුලු බොක්කෝ හැමෝම.

      මේක සින්ඩියට දාහං කිව්වම උඹ කිව්වේ." මල්ලි ඌට කියහං උගේ දෙයක් උගේ ආරෙට අලුතෙන් ලියන්න..ඌට ටැලන්ට් එක තියනවා

      මෙන්න ඒ විදියට ලියලා ප්‍රථිපලය … !!!

      රෙෂ්පට් බොසා …

      Delete
    6. @ මාතලන්...
      අප වෙනුවෙන් ඔබ කරනා සේවය අගයමු..!!!

      Delete
    7. අපි වෙනුවෙන් අපි !!!!!!!

      Delete
    8. //අපි වෙනුවෙන් අපි// ++++++++++ අන්න වාක්‍යය. (y)

      Delete
    9. මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
      මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් //
      ඇසේය මිනිස් පුරවරෙන් //

      කල්පනා සොඳය මනුපුර බෝසතුන් මවන තරමට
      කල්පයේ දැවෙන සිත් නෙත් නිවාලන ලෙසා
      කප්තුරෙත් සැදෙයි පිළිලද මල් මගෙත් සිටිත් දෙබරුද
      සහසකුත් අසති දෙව්දත් දනන්ගේ මුසා

      මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
      මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
      ඇසේය මිනිස් පුරවරෙන් //

      පිල් හැලී හඬන මොණරුද බල බිඳී තැවෙන කෙසරුද
      කලි යුගේ හොඳත් නොහොඳැයි නිගා දෙනු අසා
      නියඟයත් වැසිත් සදන අහස සේම විඳිමු ගැරහුම්
      මුණිවරුත් බොරළු කටු මග ඇවිද ගිය නිසා

      මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
      මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් //
      ඇසේය මිනිස් පුරවරෙන් /////



      ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ
      ගී පද - වසන්ත කුමාර කොබවක

      Delete
    10. මාතලන් අයියණ්ඩි,

      තමන්ගෙ මතය නොබියව කියන්න, ඒ වෙනුවෙන් සැලෙන්නැතිව පෙනී ඉන්න, කොතරම් ගල් මුල් ආවත් දරාගන්න, මං ඉගෙන ගත්තෙ ඔබෙන් මාතලන් අයියණ්ඩියේ. ඉතින් ඔබ ඔබේ ඒ උදාර ගුණය හොඳින්ම පෙන්වපු තවත් එක අවස්ථාවක් තමයි ඔබ මේ ගැන ලියූ ලිපිය. කවුරු කොහොම මොනව කිව්වත් ඔඅබ එදා අප වෙනුවෙන් ඒ කල දේ නිසා අප අද මෙහෙම සතුටක් බුක්ති විඳිනවා. මෙහෙම වටිනාකමක් ලබනවා.

      අලුතින් බ්ලොග් ලෝකෙට එකතුවෙන පුංචි මැටි පහන් වලට ඔබේ දොලොස් මහේ පහණින් ලෝබ නැතිව ලබල දෙන ආලෝකයේ වටිනාකමට අලගු තියන්න වචන අපි ගාව නෑ. ප්‍රවීණ යැයි කියාගන්නා කුහකයන් අතර අපිට නම් නුඹ මඩ ගොහොරෙන් සුපිපි නෙළුමක්මයි.

      ඔබට නැවතත් මගේ ස්තූතියි...

      Delete
    11. ඉවාන් අයියේ,

      ඇත්තෙන්ම, බ්ලොග් ලොව පිපෙන අලුත් මල් වලට පොහොර දාල, වතුර දාලා, ඒ මල් පැල කාෂ්ඨක පොලොවට හුරුකරන්නෙත් අපේ මාතලන්ම තමයි. ඔබ කියූ කතාවනම් හරියටම හරි.

      Delete
    12. ඇත්තෙන්ම ප්‍රියා... මචං, මට හිතාගන්නවත් බැරි වටිනාකමක් ලබල දීල මේ සම්මානය මට මුලින්ම ලබල දුන්නෙ අපේ මාතලන් අයියා තමයි. ඒකනේ මචෝ මං උඩිනුත් කීවේ, මේ සතුට මට මීට කලින් දැනුනේ මාතලන් අයියා මාව බ්ලොග් ලෝකයට හඳුනවලා දුන්නු දවසේ කියලා. ඇත්තටම ඒදා නම් දරාගන්න බැරි සතුටක් දැනුනා. පත්තරේ දුන්නු නම්බර් එකෙන් මං හීං එකෙක් වගේ අපේ මාතලන් අයියණ්ඩිත ඉස් ඉස්සෙල්ලාම කතා කරපු හැටි මට දැන් වගේ මතකයි බං. උඹල මට කොච්චර ආදරෙයිද කියල, මේ මතකයන් වලින්ම මට දැනෙනවා බං. පිං උඹලට.

      Delete
    13. සංචාරකයෝ...ඒ සප් එක ගැන කියන්න වචන නෑ බං. මාතලන් කියල කෙනෙක් නොහිටියානම් අලුත් බ්ලොග් ලියන උන් ගොඩක් දැනටමත් මඟ නතරවෙලා.

      අවස්ථාවට ගැලපෙනම ගීයකින් මේ මොහොතට එක් උනාට ඉවාන් අයියේ ස්තූතියි...

      Delete
    14. //පත්තරේ දුන්නු නම්බර් එකෙන් මං හීං එකෙක් වගේ//
      එතකොට උඹ හිතං ඉන්නේ ලොකු එකෙක් කියලද ????????????????? හැක් හැක්..

      Delete
    15. මචං පත්තරේ, අනිවාරෙන්ම මචෝ ඒ ගමන පිටිපස්සෙන් නෙවෙයි ඉදිරියෙන්ම ඉන්නේ උඹ කිව්ව මේ සෙට් එක තමයි. ගී පවුර මා ලවා මගේම නිර්මාණ ලියෙව්වා. අපේ ප්‍රියා මට ඒව ලියන්න ආත්ම විස්වාසය ඇතිකලා, ඊළඟට අරූ අයියා, සම්ප්‍රදායික ගීත විචාර වලින් එහාට යන්න මට පාර කිව්වා. ඊට පස්සෙ උඹ, මගේ බ්ලොග් එක ලෝකට අරං යන්න අමුම අමු කට්ටක් කෑවා. අන්තිමේදී අපේ මාතලන් අයියණ්ඩි මට හිතාගන්නවත් බැරි තරම් වටිනාකමක් දීල මාව බ්ලොග් ලෝකෙ උඩම මළුවෙන් අරන් තිබ්බා. එතනි එහාට ආව ගමන කමෙන්ට්ස් වලින් හිට් වලින් පිරිච්ච් ගමනක් උනා. ඒ අතරෙ අපේ බොක්කො සෙට් එක, විදානයා, සහෝ, ඉවාන් මේ හැමෝම එකතුවෙලා මාව දවසින් දවස උඩට ගත්තා. ඒකයි මං කිව්වේ "රන් අස්වනු නෙළුවෝ වෙමු" කියලා. ඒ කියන්නෙ මේ අස්වැන්න අපි හැමෝගේමයි. අපි හැමෝගේම මහන්සියේ ප්‍රතිපල.

      Delete
    16. Again @ පත්තරේ, විදානේ, ප්‍රියා..

      අපිට අපිම තමයි මචෝ... එකෙක්ට එකෙක් හැමදාමත් එක ලඟින්ම...

      Delete
    17. යකෝ 29 වෙනිදට කියන්න දේකුත් ඉතිරිකරගනින්..

      Delete
    18. සින්දු ඇනෝ සහෝ...

      හැමදාමත් හැම තැනදිම ඔබ මගේ ලිපි වලට විතරක් නෙවෙයි, වැටෙන කමෙන්ට් එකකට පවා අලුත් අරුතක් එක් කලා. ඒ වගේමයි අදත්, මගේ ගීත ගොන්නට අලුත් ගීයකුත් එකතු කලා..

      Delete
    19. ලොකුයි තමයි බොල. මනුස්ස ආයුස වලින් තුනෙන් එකකටත් වඩා ගෙවිලා, තාම තනිකඩව උන්නට. හෙහ්!

      නෑ බං මං කිවේ විදානයෝ, අර අවුරුදු පහක හයක හීං එකෙක්ට සෙල්ලම් බඩුවක් ලැබුනම දැනෙන සතුට කොහොමද, අන්න එහෙමයි එදා මට දැනුනේ.

      Delete
    20. \\යකෝ 29 වෙනිදට කියන්න දේකුත් ඉතිරිකරගනින්..// ????????????????????????

      26ද මචං??

      Delete
    21. //යකෝ 29 වෙනිදට කියන්න දේකුත් ඉතිරිකරගනින්// එදාට මක්කද වෙනවා?? :o

      Delete
    22. එදාට මොකක් වෙනවද කියල මට හිතාගන්නත් බෑ බං.

      Delete
    23. මාතායින්ඩි ඔයාට උපාහාර පිනිස ගල් බොතලයක් ගහනවා ඔි...යේස්

      Delete
    24. බයිට් එක මං ගානේ.

      Delete
  8. අඩේ නොබිවුවත්, අදනම් සෙට් එකත් එක්කම එකතු වෙලා බයිට් එකට හරි කෙළලා හරින්ඩ ඕන දවසක්!! වරෙල්ලා වරෙල්ලා. කෝ මුන් ටික, :D :D

    ReplyDelete
    Replies
    1. කෝ මේ පත්තරයා...

      Delete
    2. ඇත්තට කෝ බං. අපි මේ පාටිය දාන්න රෙඩි වෙලා, මුන් ටික තාම නෑ! :D

      Delete
    3. මනමාලියෙක් බලන්න යනවා කිව්වේ ඊයේ

      Delete
    4. මේං බඩු ආවා !!!

      විප්ලවයට ජය වේවා ……

      Delete
    5. බොමු...
      නෂ්ඨාවශේෂවත් නැත්වෙන්න...

      Delete
    6. නිට්ටඹුවේ බාර් තියෙවද?

      Delete
    7. සිග්නල් කන්ඩද බං..චැහ් බාර් තිබුණම මදෑ !!!

      Delete
    8. අඩේ උඹ මනමාලියෙක් බලන්න ගිහිල්ලත් ආවද? ටොපේ ටොප්.

      නෂ්ඨාවශේෂ කන්ඩද බං? අද සමරමු හොදම එකෙන්. (නිට්ටඹුවෙදි නම් බෑ ඕන්!) :D

      Delete
    9. ඉවාන්, ෆුඩ් සිටිය තියනවා, ඒ ඉස්සරහ නුවර පැත්තට මී50 ක් විතර යද්දී තව එකක් තියනවා. බස්ටෑන්ඩ් එක පිටිපස්සේ තව එකක් තියනවා.. එං පොකුණගම හංදියට මී. 200ක් විතර කලින් එකක් තියනවා.. ඒකේ කට්ටයනං මං දැං ටිකක් අඳුනනවා..

      Delete
    10. යකෝ නිට්ටඹුවෙ ඔක්කොම තියෙනවා,, සිග්නල් ඇර!

      Delete
    11. ඈ බං නිට්ටඹුවෙ බාර් විතරමදෑ තියෙන්නෙ එතකොට ?? :D

      ෂහ් … ගෙපැලක් අටෝගන්න කියාපු පැත්ත !!!!

      Delete
    12. පත්තරේ, බාර් විතරක් නෙවෙයි, ඒ හැම බාර් එකක් ගානෙම කඩල කරත්ත දෙක ගානේ විතර තියනවා.. අර රං පොකුනගුම හංදිය ලග එක ලග බාබක්‍යු දාන තැනක් තියනවා.. (ප්‍රියා රත්තරං එතෙන්ටනං යන්න එපා උශව බාබක්‍යු කරයි)

      Delete
    13. අඩේ නිට්ටඹුවෙ මාර බාර් ගොඩක් නෙ තියෙන්නෙ..

      Delete
    14. හරිනෙ මචංලා. අපි මුල ඉදන්ම කිවුවනෙ විදානෙ මේ කියන නිට්ටඹුව තියෙන්නෙ ලංකාවෙ නම් නෙමේ කියලා. ඔන්න අද ඒක ඔප්පු උනා.

      ඈ බොල, අපේ රත්තරන් ආඩම්බරකාර තාත්තා මතට තිත තියපු ආෂියාගේ ආශ්චර්‍ය වෙච්චි මේ අමුතු ඇටේ ඇතුලෙ තියෙන නගරෙක මෙච්චර බාර් තියෙන්න පුළුවන්ද?

      මේක අන්තර්ජාතික කුමණ්ත්‍රණයක්!!! :D :D

      Delete
    15. බොල කෝ බං මේ සඳුමලය...
      පෝස්ට් එක දාල මිනිහ මිසිං..
      සතුට වැඩි කමට බාර් එකක් ඇතුලෙවත් වැටිල ඉන්නවද දන්නෑ.. :D :D

      Delete
    16. මචෝ සංචාරකයා...
      මටත් හිතෙන්නේ කොහේ හරි කානුවක වැටිලා ඇති..

      දැං බලුකුක්කෝ ඇවිත් සතුට ලෙවකනවා ඇති හැක් හැක්..

      Delete
    17. සැහ්! අන්තිම පරක්කුයි. හොඳටම පරක්කුයි. පෙරහැර ගිහින්, හැම තැනම අලිබෙටි විතරයි. අර සිද්ධාර්ථ කුමාරයාටත් එදා ගිහි ගේ දාල යනකොට වැටිල හිටපු නාටිකාංගනාවෝ මෙහෙම පේන්න ඇති. අර.. විදානයා කබරයා කකා බුදි, ඊළඟට පත්තරයා, ඒක කාණුවෙනුත් තවත් බිමට වැටිලා. අරෙයි ඉවානයා, විදානයාගේ ඇඟට යටවෙලා. කෝ මේ සංචරකයා, ඕක කියල තියෙන්නෙ දැන් මං බාර් එකක කාණු පල්ලක කියලනේ. කෝ මේකා. ආ... අර ඉන්නේ, අනේ හැබෑට, ප්‍රියා අපොඩි එකාගෙ යටි පතුල් වලයි ඔලුවෙයි දෙහි උලනවා. අප්පොච්චියේ දුකේ බෑ, අර, දිවත් දොට්ට පැනලා.

      එක අතකට පරක්කු වෙලා අව එකත් හොඳයි. ඒ ප්‍රියා, උඹට තව දෙහි ගෙඩි කීයල් විතර ඕනිද බං? උඹත් නා ගනින්. ඔය වමනෙ කටෙත් එක්ක.

      නන්දිකඩාල කලපුවත් එදා ඔයවගේ තියෙන්න ඇති. මුං වැටිල හැරුණු හැරුණු අතට. පවු අප්පා කොල්ලො ටික.

      Delete
    18. තවත් 90 වැඩි කරලා ..හපොයි ...
      එක ගමනක් වැඩි උන වෙලාවේ අපේ මතා මෙන්න සිංදුවකුත් හැදුවා ...


      මට වෙරි මට වෙරි මට වෙරි වී

      Delete
    19. යසාආආආආ....යි!!!

      මොනා උනත් මාතලන් අයියණ්ඩිගේ මට මඟ ඇරුන පෝස්ට් එකනම් කදිමයි.

      Delete
    20. මාවත් බොන්න අරන් පලෝ...

      Delete
    21. හොඳටෝම පරක්කුයි.... දැන් මෙතන පෙරේත මඩුව වගේ. බීල බීල ඈඅ එවුන් කබරයා දාගෙන ඉන්නේ.

      Delete
  9. සුබ පැතුම් මචෝ උණුසුම් සුභ පැතුම්!!!

    උඹේ දක්ෂකමට නිසි ඇඟයීමක් හම්බ උන එක ගැන සිරාවටම සතුටුයි මචෝ. ආයෙ දෙකක් නෑ.!!!

    ජය වේවා මචෝ!!

    ReplyDelete
    Replies
    1. උඹ කොච්චර සතුටු වෙනවද කියල මට දැනෙනවා මචෝ.. මගේ ගමනේ මුල ඉඳලම ඉඳපු එකා. උඹල තමයි මාව මේ තැනට ගෙනාවේ.

      Delete
  10. තරගයකින් ජයගැනීම ගැන සුබ පතනවා. ජය ලැබුණේ ඔබ ඒ සඳහා සුදුසු නිසයි.

    මේ ගැන මගේ ප්‍රතිපත්තිය මා මීට පෙරත් කියා තිබෙනවා. ඒ මෙන්න මේකයි. අපට නොදැනෙන්න අපේ බ්ලොග් අඩවි නිරීක්ෂණය කර ඇගයීමක් කරනවානම් තමයි මා කැමති. මා කෙදිනකවත් මෙවැනි තරග සඳහා ඉල්ලුම් කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාවත් නිවැරදියි අපේ විචාරක තුමනි. ඒත් එහෙම කලොත් සමහර විට ගොඩක් බ්ලොග් අඩවි මඟ හැරෙන්න ඉඩ තියෙනවා නේද. මොකද අපේ බ්ලොග් ඔක්කොම එක ලිස්ට් එකකට ගන්නත් බෑනේ. තව කොච්චර බ්ලොග් තියෙනවා ඇතිද තවමත් අපේ නෙත් නොගැටුණු. ඒත් මේ ක්‍රමය නිසා මෙහෙම තරඟයක් තියෙනවා කියල හැමෝම දැනගත්තා. ඒකෙන් හැමෝටම අවස්ථාවක් හිමි උනා. මට එහෙම හිතෙනවා.

      කොහොම උනත් අපේ විචාරක තමාටත් බෙහෙවින්ම ස්තූතියි. ඒ ඩ්ඝවස් වල නිතර ළඟ ඉඳල ඔබ මගේ ලිවීමේ අඩුපාඩු කියල දුන්නා.

      Delete
  11. සාහිත්‍ය අංශයේ හොදම blog එක ලෙස තේරුනාට සුභ පතනවා...... මනොෂ්...... ඒත්..... මේක ඇත්තක්ද කියල හිතා ගන්න බැ..... මට..... මොකද මටත් සම්මානයක් ලැබිල තියනවා......ඔයා ..... දක්ෂයි...... ඒත් මං ගැන මං දන්නේ නැ....... මට හිතන්න අමාරු උනෙත්.... ඒකයි..... මට එවපු mail එක බැලුවෙත් දැන්......
    කෙසේ වෙතත්....... ඔයාගේ ඉදිරි ගමනට සුභ පතනවා.....

    ReplyDelete
    Replies
    1. නිහිංසාටත් අපේ සුබ පැතුම් ... ජයම වේවා

      Delete
    2. නිහිංසා මිස් !!!

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      අපි ඉතිං පාටි බලාපොරොත්‍තු වෙන්නෙ නෑ. සතුටිං දෙනවනං භාර ගන්නවා. ඕ යේස්

      Delete
    3. ගල් ඉල්ලන්න ලැජ්ජනං Vat69 එකක්වත්...

      සුභ පැතුම් නිහිංසා....

      Delete
    4. එහෙනං වැට් එකට ගල් ෂැන්ඩි කොරමු !!

      බයිට් එකට පැට්ටෙක් ගහමු !!

      පැට්ටා සඳහා සාදර අනුග්‍රහය - සංජීව මෙන්ඩිස්

      Delete
    5. පත්තරේ..
      නිහිංසා මැඩම් ලැයි ගෙවල් පැත්තේ මල් වතු වැහි වැහැලා......

      මල් පැන් පොදක්.. කිනිත්තක් අගින්....

      Delete
    6. මල් ගල් ඕන එකක්! හැබැයි බයිට් එක, වනචර ඌරා! - ස්තූතියි

      Delete
    7. ඉවාන්...... සි.ජේ. පත්තර මල්ලි, ප්‍රියා...... ඔයාලට ස්තුතියි...... බොක්කෙන්ම.......සිජේ අපේ පැත්තේ කොහෙද .... මල් වතු.....? මං දන්නේ අදනේ......
      පත්තර මල්ලියෝ....... බ්‍රෑන්ඩ් එක මං දන්නේ නැ...... මං ගාව.....තියෙන්නේ..... ඔයාලට දෙන්න මගේ හොද හිත විතරයි.....
      මට පේන්නේ සිජේ ඉන්නේ අපේ ගෙවල් පැත්තේ වෙන්ට ඕන......

      ආයෙත් .... ඔන්න කිව්වා ළමයිනේ...... ඔයාලට ස්තුතියි...... ගොඩක්ම මාව කියවනවට.......

      Delete
    8. හොඳ හිත කියද්දි මතක් උණේ අක්කෙ අර නුගේගොඩ තියන මීකිරි කඩේ.. :D  මෙන්න සුදීක අයියා ඒ කඩේ ගැන ලියපු පෝස්ටුව



      Delete
    9. නිහිංසාටත් සුපැතුම්...!!!

      Delete
    10. පත්තර මල්ලි...... හොද හිත මුදලාලි...... අර දෙබරවැව ඉන්නේ..... ඒ අපේ මාමනේ....... දන්නවද...? ඒ පවුලේ නෑයෝ.... මට හමු වෙනවා....

      මාතලන් අයියේ...... ඔයාට ස්තුතියි....... ඔයාගේ සින්ඩියෙන් තමයි..... මාව වැඩිපුර කියවන්නේ......

      Delete
    11. හරි දෙබරවැව හොස්පිටල් එක ගාව තියන බාර් එක පිටිපස්සෙ නේද?

      Delete
    12. නිහිංසා... කාලෙකට පස්සේ මේ පැත්තෙදි දැක්කේ. වෙල්කම් බැක්.

      මේක බොරුවක් කියල හිතන්න හේතුවක් නෑ නේද. මං දැක්කා ඔබත් දිනල ඉන්නවා. ලිපියෙදි කිව්ව වගේ ඒක ඉතින් මං එළිකරන එක හොඳ නෑනේ, ඒකයි මං නොකිව්වේ. තව හොරෙක් ඉන්නවා අපේ හැංගිලා ඉන්න. එයා කියනකල්ම ඉන්නෙක නේද හොඳ.

      නිහිංසා, ඔබටත් මං මුලු හදවතින්ම සුබපතනවා. ඔයා ගැන ඔයා දන්නේ නෑ කියල හිතන්නෙපා. මටත් එහෙම එපා කියල අපේ ප්‍රියා කියල දුන්නා. අපි නොදකින අපේ හැකියාව තමයි ඔය එලිවෙලා තියෙන්නෙ.

      Delete
    13. අප්පට සිරි! මෙන්න කට්ටිය තවත් පාටියකට සෙට් වෙන්න යන්නේ. උඩින් දැම්ම පාටියේ වෙරි හිඳිලත් නෑ තාම. නිහිංසෝ උඹව විකුණන්නයි මුං හදන්නේ. ඔන්න මං නොකිව්වයි කියන්නෙපා. පස්සෙ මට දොස් කියන්නත් එපා. පේනවනේ ගල් දීලත් ශේප් කරන්න බැරිවෙයි වගේ.

      Delete
    14. අඩේ ප්‍රියා, පත්තරයා, විදානයා ඕනි බ්‍රෑන්ඩ් එකක් ගහපුවාවේ. අපේ බ්‍රෑන්ඩ් එකනම් ඉතින් කෝක් සහ වනචර ඌරා තමයි නේද බං, එකෙන්ම. ස්ප්‍රයිට් උනත් අවුලක් නෑ.

      Delete
    15. හෙට උදේට විදානයා සහ පත්තරයා එළිවෙනකොට නිහිංසලාගේ ගෙයි දොරකඩ කියල ආරංචි උනොත් මං පුදුම වෙන්නෙ නෑ.

      Delete
    16. අපේ...... දොරකොඩ........ මං ගෙදර නැනේ......... ආ...... අනික මේ දවස් වල මං මේ ලෝකෙත් නෑ.....මනොෂ්.....

      @ සි.ජේ, ඔයා කියන තැන හරි එතන තමා pot එක. දැන් සිය පවුල සමග නුගේගොඩ ඉන්නේ. ගමේ එන්නේ. මත්තලින් බැහැල. .... බලන්න දකුණේ මිනිස්සු කොච්චර දියුණුද කියල.

      Delete
    17. මගේ වැඩේට අටම්ටත් ස්තුති වෙන්න ඕන. මනොෂ්...... එයා තමයි, මාව එලියට ගත්තේ. නිහිංසා බිහිකළේ අටම්...... දන්නවද....?

      Delete
    18. ඔයාල උඩින් යනකොට තෙල් බවුසරේ ශෝක් එකට බිමින් යනවලු අප්පා.

      මේ ඒක නෙවෙයි මේ ලෝකෙත් නෑ කිව්වෙ? නිහිංසා කියන්නෙ අවතාරයක්වත්ද?

      Delete
    19. රහසක් තියෙනවා කියන්න අටම් ගැනත්. ඒත් ඉතින් මේ අටම් පේන්නවත් නෑනෙ. සද්දත් නෑනෙ. ඒ නිසා කියන එකත් හරි නෑ. මිනිහම කියනකල් ඉමු.

      අටම් මටත් ගොඩක් උදවු කරනවා නිහිංසා. ඇත්තෙන්ම ඔහු නියම සහෘදයෙක්.

      Delete
    20. අනිවා...මම සදාදර කියන්නේ බොක්කෙන් අනුග්‍රහය මල් සදහා

      Delete
    21. තණමල්විල මල්.. ගෝමර පොකුරු පිපෙන්න...

      Delete
  12. උඹ නොතේරුණානං තමා මං පුදුම වෙන්නෙ. උඹල වගේ ඇඟට ඇරං ලියන උං ඉන්න ඕනි මෙහේ නෙමෙයි. සාහිත්‍යයට, මාධ්‍යකරණයට ප්ලේස් එකක් තියෙන රටවල.
    බොක්කෙංම සුබ පතනවා මචෝ....!!! ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. මේ වචන එහෙනකොට, මෙහෙම සුබ පැතුම් කියනකොට, ලැබුන ජයග්‍රහණයේ සතුට දෙගුණ තෙගුණ වෙනවා විසිටරයෝ. කොයි සම්මානෙටත් වඩා හදවතට දැනෙන්නේ ජනතා සම්මනායනේ.

      ඔබටත් බෙහෙවින්ම ස්තූතියි. ඔබේ වචන මහත් දිරියක්.

      Delete
  13. මනෝෂ් මලයා ... බොක්කෙන්ම සුබ පතනවා උඹට ... ගමනේ තව බොහෝ දුර යන්නට හැකිවෙන්න කියලා ...

    අපි එකම රෑනෙ කුරුල්ලෝ//
    මේ පාරාදීසේ...
    නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ
    වරෙල්ලා....මේ රෑනේ....

    මදු තියලා දැල් එළලා
    නෑ පැටලෙන්නෙ අපී
    අපේම ලොවකට පියඹා යන්නේ..
    වරෙල්ලා....මේ රෑනේ....

    තටු ලැබුනේ පියඹා යන්නයි
    කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
    අපේම ලොවකට පියඹා යන්නේ..
    වරෙල්ලා....මේ රෑනේ....

    ගායනය - විජේසුන්දර වේරගොඩ

    ReplyDelete
    Replies
    1. ඉවාන් අයියේ... කොහොම ස්තූති කරන්නද මංදා, හැමදාමත් ළඟින් ඉඳන් දිරිගැන්නුව මාව. ඔබ වැනි සොඳුරු මිනිසුන්ගේ සෙවැනැලි වැටෙන තෙක් මට දිගු ගමනක් යන්න පුලුවන්.

      හදවතින්ම ස්තූතියි...අපූරුම ගීයක් ආයෙමත් ගෙන ආවාටත් බෙහෙවින්ම තුති.

      Delete
  14. බොකේකෙන්ම සුභ පැතුම් මනෝෂ්.. උඹට නැතුව වෙන කාට දෙන්නද ඔය සම්මානෙ..
    ජය වේවා. ..!!!

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ අනිත් බොක්ක. ආ දවසෙ ඉඳලා මාත් එක්කමයි, උඹටත් ජයවේවා කොල්ලෝ. උඹේ රස්තියාදුවට මං හෙනම මනාපයි.

      ස්තූතියි...

      Delete
  15. ඒයි දැං බිව්වා ඇති. ඇවිත් රිප්ලයි කොරාපං

    ReplyDelete
    Replies
    1. කෝ මේ ෂිංදුවයි මෙන්ඩයි ??

      Delete
    2. අද ඉරිදා මූ නිවාඩු ආයෙත් හෙට ඔපිස් ගියාම තමයි රිප්ලයි.. එතකං මේක අපිට බාරදීල තියෙන්නේ...

      Delete
    3. හා ටොපේ ටොප් !!

      මං විචාරයක් ලියන්ඩ ආව චැහ්.. අද සිංදු නෑ. ඕං බලහං කරුමේ :D

      Delete
    4. අපි අපිවත් රිප්ලයි කොර ගමු බන්.!

      Delete
    5. අඩේ මයියංගනේට සිග්නල් නැතුව ඇති...

      Delete
    6. අය්යෝ මම ටු පරක්කුයි නොවැ....
      අද ගෙදර ඔෆීෂියල් වැඩ පිරිලා .... හැක්
      ඔන්න ඇල්ලුවා ...

      අපි සව්දිය පුරමු ////
      මුවවිත පුරවා මීවිත ගෙන සුරතින්
      අපි සව්දිය පුරමු //

      දෙතොලේ තෙරපී පුපුරන සුදු පෙන බුබුලක් සේ
      තැවුල් නිවී සිත සුවපත් වේ
      අපි සව්දිය පුරමු //

      බැඳි වෙස් ගැලවී හදවත දසැඟිලි අතර රැඳී
      කිරි බැබලෙන සොමි සඳපානේ
      අපි සව්දිය පුරමු //

      නෑදෑයින්වී එක නිදි පැදුරේ එකම පැලේ
      නැතිවෙමු දෙපැයක් ඝණ අඳුරේ
      අපි සව්දිය පුරමු //

      අපි සව්දිය පුරමු ////
      මුවවිත පුරවා මීවිත ගෙන සුරතින්
      අපි සව්දිය පුරමු ////

      ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
      පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
      තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

      Delete
    7. සිංදු, හරි මචෝ. දැන් වැඩ පට්ටාන් ගමු! :D

      විදානෙ, මහියංගනේට සිග්නල් නැතුව නෙමේ. මනෝ හැම ඉරිදම නිට්ටඹු එනවලු. :D

      Delete
    8. යන්තම් අන්තිම පෙට්ටියෙන් කෝච්චියේ එල්ලුණා. ඔයින් ගියා මදෑ.

      ඔන්න අහගනියවු, මං අද නැඟිට්ටේ හතට. මොකද මේකා ලිව්වා ඊයෙ පාන්දර දෙක වෙනකල්. මොකද පටන් ගත්තෙ එකට!! කොහොම උනත් ෂෙඩූල් කරල පබ්ලිෂ් කරන්න බලනකොට ඩොන්ගල් එකේ ඩේට ඉවර වෙලා. අන්තිමේදී ෆෝන් එකෙ සිම් එක ඩොන්ගලේට දාගන ලැප අරන් වත්ත පහල ලිඳ ලඟට ගිහින්, තුන ජී ඩිංගක් හොයාගෙන යාන්තම් පබ්ලිෂ් කරලා ඇවිත් නිදාගත්තා.

      උදේ අටට මං අස්පයා පිටේ ඉඳගත්තා. ගිහින් නැවතුනේ හාලි ඇල. ආයෙ එනකොට දවල් එකයි. ඊළඟට යන්න උනා යාලුවෙක්ගේ අලුත උපන් බබෙක් බලන්න. ඒ ගියේ කවිකාරි එක්ක. පොඩි එකාට ගෙනියන්න අනම් මනං ටිකක් සෙට් කරගෙන, දවල්ට එහෙම කාලා එහෙට සෙට් වෙනකොට හතරයි. ඊළඟට ආයෙමත් ගියා කවි කාරිව ඇරලවන්න. ඊළඟට වෙන්න ඉන්න දයාබර නැන්දම්මා බෙදල දුන්න බත් ඩිංගත් කාලා ආයෙ මං තුමාගේ බවනට සැපත් වෙනකොට හත හමාරයි. ඔන්න මගේ අද ගලිවර්ගේ සුවිසැරිය.

      තාමත් කොන්ද රිදෙනවා බොලවු අස්පයා දක්කලා.

      Delete
    9. හරි. දැන් එව්වයින් කමක් නෑ. ප්‍රියා, කෝ දැන් පාටිය ඉවරද, උඹ මට බයිට් ටිකක්වත් අරන් තිබ්බෙ නැත්ද බං.

      Delete
    10. ප.ලි. හාලි ඇල ගියේ මගේ පිය රජතුමා සමඟ.

      නැත්නම් තොපි මංමුලා වෙනවා, ඕ යේස්!!

      Delete
    11. //ප.ලි. හාලි ඇල ගියේ මගේ පිය රජතුමා සමඟ.// මට ශුවර් නෑ. ඕ යේස්!! :D

      Delete
    12. ඕං, බලපල්ලකො. ඔය කිව්වේ. ප.ලි. දැම්මෙ හොඳ වෙලාවට. දාලත් ඔහොමනම්.

      Delete
    13. මෙන්ඩා ආවා...පිලිපින් කැල්ලක් ඇවිත් බං...
      කනබොන තැනක අපි ඇති...
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    14. බයිට් එකට අපේ ප්‍රියාගේ ප්‍රියතම බ්‍රෑන්ඩ් එක.

      Delete
  16. සුබ පැතුම් මනෝෂ්. පුදුම වෙන්න දෙයක් නෑ. මේ සම්මානය ලබන්න ඔබ සුදුසුම කෙනෙක්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ... අපේ දොස්තර මහත්තයා දැක්ක කල්, මං හිතුවෙ පවුල් පංසල් උනාට පස්සේ බ්ලොග් එක අමතක උනාවත්දෝ කියලයි. සුබ පැතුමට ස්තූතියි..ඒ වගේම ඔබේ රස වෑහෙන ලිපියක් කියවන්න අපි මඟ බලන් ඉන්නවා.

      Delete
  17. හුරේ !!!!

    මං ආවා …

    විප්ලවයට ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. පත්තරයා අද විප්ලවයක් ගැනමයි කතාකරන්නේ. චේ සැමරුමකටවත් ගියාද ඉතාලියේ?

      උඹ හැමදාමත් මං වෙනුවෙන් ආව මචෝ.. උඹල ගෙනත් දුන්න බෙහෙත් පෝර ටික දාල තමයි අද මේ පැලේ මෙහෙම සරුවට හැදිල තියෙන්නෙ.

      Delete
    2. ආවා නම් වක්කරපිය ෂෝට එකක්.

      Delete
    3. මෙන්න රා කලයක්!

      Delete
  18. ලැබූ ජයග්‍රහණයට හදවතින්ම සුබපැතුම්..!!!!!

    දිගටම අපි උඹත් එක්කයි..

    ReplyDelete
    Replies
    1. ඒ හයිය, ඔබලාගේ මෙම බැඳීම, තවත් දිගු ගමනකට මට ආලෝකය දෙනවා. බෙහෙවින්ම ස්තූතියි විභීෂණ ඔබටත්.

      Delete
  19. මනෝ උඹට බොක්කෙන්ම සුභ පතනවා කොල්ලෝ .කෙටි කාලයක් තුල බොලොග් ලෝකයේ
    ලොකු ජයග්‍රහණයක්‌ ලැබීම නිසා ...ඔහොම යමන් මචං .
    මාතලන් ඔබට මගේ විශේෂ ස්තුතිය නවකයන්ට අවස්ථාව ලබාදීම ගැන ...
    ජය ලැබූ , නොලැබූ හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම් .
    ජය වේවා හැමෝටම ...

    ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල් ...

    ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
    මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
    නුවණින් අවදියෙන් යායුතු බව දනියි..//

    මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
    මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
    සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා..
    ජයබිම දකිමි අදිටනින්..

    ආ මඟ කෙටියි...

    සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
    සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
    නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා..
    තරණය කරමි මඟ සොඳින්..

    ආ මඟ කෙටියි...

    ගායනය: දමයන්ති ජයසූරිය / නුවන් නයනජිත් කුමාර
    පද රචනය : කුලරත්න ආරියවංශ
    සංගීතය : රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. ඊයෙ රෑම මට සුබපතල මගේම අයියා වගේ දයාබරව ඔබ එවා තිබූ ඊ පණිවුඩය මගේ දෙනෙත් තෙත් කලා අපේ ඇනෝ. නුඹවන් අය දුර්ලබයි.

      ස්තූතියි කියන්න වචන නෑ. ඒ උනත් ස්තූතියි..

      Delete
    2. සින්දුවා...එකෙන්ම බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    3. ස්තූතියි... ස්තූතියි නැවතත්.

      Delete
  20. මනෝෂ්.....................

    අපි දිනුවා වගේ දැනුනා.. ඇත්තට ම හදවත පතුලෙන් ම සුභ පැතුම්. මනෝෂ්.... අද වගේ මතකයි ඔබ බ්ලොගය පටන් ගත්තා. අඩියෙන් අඩිය තියලා උඩට නැග්ගා.. අපිට පුළුවන් විදිහට මේ ගමනට වචනයෙන් විතරක් අපි සහය වුණා. ඒ වචන වලට ඔබ හැමදාමත් අපිට වුවමනාවට වඩා වැඩියෙන් ස්තූති කරා. ඒත් මනෝෂ් අපේ වචන වලින් දිරි අරන් අඩිය අඩිය උඩට නැග්ගේ ඔබ. ඒ ගමන ගියේ ඔබ. එබැවින් මෙතන දී ශූරයා ඔබයි.... මේ ඔබේ ජයග්‍රහණයයි............................... හැබැයි අපිට දැනෙන විදිහට අපි දිනුවා වගේ......

    සතුටුයි...... මනෝෂ්.............. හරි ම සතුටුයි.......

    ReplyDelete
    Replies
    1. ගී පවුරේ... ස්වයං නිර්මාණ සමඟින් මා ඇරඹූ ගමනේ දයාබර නියමුවෝ.. පුරෝගාමියෝ... මේ ලබාගත් සම්මානයේ පළමු පුරුක, පළමු පිය ගැට පෙළ. ඔබ මට ලබා දුන් අපරිමිත සහෝදරත්වය නොවන්නට මෙම සටහන නොලියවෙනු ඇත. මගේ නිර්මාණ වල ගුණ දොස්, සදොස්, නිතර දැක, ආදරෙය්න් කියා දුන් , මාව අගය කල සහෘදයිනි, ඔබට මගේ අම්පරිමිත ප්‍රණාමය....

      පියෙන් පියට මං නඟින කොට දයාබරව දෑතම ඔබ ලබා දුන් හැටි අදවගේ මතකයි මට. ඇත්තෙන්ම දිනුවේ මම නෙවෙයි. ඔබලායි.මාත් එක්ක එකතු වුන හැමෝගේම තමයි මේ ජයග්‍රහණය.

      Delete
  21. හම්මේ මනෝ මචෝ...
    සෑහෙන දවසකින් ආවෙ...
    හිත සතුටු කොරවන ආරංචියක් එක්ක...
    ජයවේවා...
    තව තවත් පොස්ට් ලියන්නට අපිත් එක්කම රැදෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවා...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එකනේ බොල. බොට මක්කද උනේ. මං පහුගිය ටිකේම කල්පනා කලා උඹ ගැන. උඹේ පෝස්ට් එකේ කමෙන්‍රස් වලටවත් රිප්ලයි කරල තිබුනෙ නෑ නොවැ.

      ආයෙමත් ඉක්මනට මොකක් හරි ලියපන්කෝ. ස්තූතියි මචෝ ඔබට.

      Delete
  22. අඩෝ...මට මෙන්ඩා කියහං...
    මාතලන් අයියන්ඩි හරහා ආපු පලවෙනි දවසේ ඉදලා මම උඔට කැමති...
    මට කියන්න ගොඩක් දේවල් නෑ බං...මට තේරේන්නේ නෑ බං...
    උඔට ඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ගේ පිහිටයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න එදා උඹ කිව්ව විදියට මං පුලුවන් විදියට වටිනාකමක් දීල තියෙනවා මචෝ. ඒත් තවම මං පුංචි කූඹියෙක් වගේ. උඹලගේ උදව්වෙන් අපි තව ගොඩක් දුර යමු.

      ඇත්තෙන්ම හැමදාමත් ළඟින් ඉඳන් ශක්තියක් වෙනවට මෙන්ඩා ඔබටත් ස්තූතියි..

      Delete
  23. ඉතාම සන්තෝසයි බං... ජයම වේවා. උඹට ලයින් එකක් තියෙනවා ඒකයි වටින්නේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි දේශක, මගේ බ්ලොග් එක පටන් ගත්ත දවස් වල ඉඳලම උඹ මගෙත් එක්ක එකට හිටියා මට ශක්තියක් වෙලා.

      Delete
  24. සමාවෙන්න සුබ පතන්න එන්න පරක්කු වුනාද මන්ද...

    තව තවත් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා මනෝෂ්..

    ReplyDelete
    Replies
    1. කිසිම පරක්කුවක් නෑ තුශානි, ඔබ අදහස් සහ සුබ පැතුමයි වටින්නෙ. බොහොමත්ම ස්තූතියි..

      Delete