Pages

Sandumal

Sandumal

Tuesday, November 11, 2014

•දයාබර සිංදු ඇනෝ


"සහෘදයාණෙනි.. ඔබව සාදරයෙන් පිළිගන්නෙමු..."




අතීතයේ දවසක අපේ බ්ලොග් අවකාශය පුරා සැරිසරමින්, අපේ බ්ලොග් පෝස්ටු  වලට ගී මල් දම් පළඳවමින් හරි අපූරු පුද්ගලයෙක් අපිට මුණ ගැහුනා. "ඇනොනිමස්" මේ වචනය බ්ලොග් ලොව එතරම් පැහැදීමක් ඇතිකරන වචනයක් නෙවෙයි. මේ සංකල්පය බොහෝ වෙලා වලදි භාවිතාවෙන්නෙ යහපතට වඩා අයහපතට කිව්වොත් නිවැරදියි. බොහෝ විට, යම් අඩවියක අදහස් ප්‍රකාශ කිරීමේදී, කෙලින් කියාගත නොහැකි අදහස් ප්‍රකාශ කිරීමටයි ඇනොනිමස් ගොඩක් දෙනෙක් යොදාගන්නෙ. නමුත් අපි අතරට ආව ඇනෝ කෙනෙක්. මේ ඇනෝ සුවිශේෂයි. ඔහු ඇනෝ ඇවිත් අපේ පෝස්ට්ටු වලට එකතු කලේ ගීත.

අපේ ලියන ලිපියේ තේමාවට "ටක්කෙටම" ගැලපෙන ගීයක් මේ ඇනෝ අසුරු සැණින් එකතුකලා. ඒ සමහර බහුතරයක් ගීත අපි මින් පෙර අසා නැති ගී. ඒකත් සුවිශේෂී කාරණයක්. අනිත් විශේෂිත දේ තමයි, මේ බොහෝ ගී අන්තර් ජාලයෙන්ද සොයාගත නොහැකි ගීත. ඉතින් එවන් ගී ඔහු අසා ඒවා යුනිකෝඩ් වලට පෙරලා තමයි අපිට අරන් ආවේ. මේ නිසා මේ ඇනෝ ඇවිදින ගීත විශ්ව කෝෂයක් ලෙස බ්ලොග් ලොව පුරා ප්‍රචලිත උනා.

ඉතින් මේ වටිනා ඇනෝට "සූට්" එකක් අන්දන්න අපි හැමෝටම ඕනි උනා. ඉතින් අපි ඔහුට සූට් එකක් ඇන්දුවා. ඊට පස්සේ ඔහු අපි කවුරුත් අතර "සින්දු ඇනෝ" විදියට ජනප්‍රිය උනා. අපේ මේ සිංදු ඇනෝ ගැන අපේ දේශකත් දවසක් වෙනමම පෝස්ට්ටුවක් ලිව්වා. ඒ තරමට අපි හැමෝටම අපේ සිංදු ඇනෝ, ඉතාම වැදගත්, නැතිවම බැරි පුද්ගලයෙක් උනා.

මෙහෙම කාලය ගත වුනා. ඔහු අපි අතර නිතරම කමෙන්ට් කරමින්. සින්දු කියමින් රැඳී උන්නා. එහෙම ගතවූ කාලයට වටිනාකමක් එක් කරමින්, අදසුවිශේෂි දවසක් වෙලා. මං මේ කියන්න හැදුවෙ ඒ ගැනයි. ඇත්තමයි, ඔයාල මං එක්ක එකඟවෙයි, අද බ්ලොග් අවකාශෙටම සුවිශේෂි දවසක්. ඔන්න කියන්නම් එහෙනම්.

අපේ දයාබර සිංදු ඇනෝ ඔහුගේම කියල බ්ලොග් එකක් පටන් අරන්. මීට එහා මොකුත් කියන්නෙ නෑ මං. මට අද බොහොම සතුටු දවසක්. මෙන්න මෙතනින් ඔයාලත් ගිහින් බලන්න.

http://sinduano.blogspot.com/


"මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි

මා මළපසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
නන්නාදුන නා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනවි

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි නඟන රැව් අතරින්
එතකොට ඒ ගී රාවයයාන්තමින් මට ඇසේවී"

පද රචනය – මහගම සේකර

සංගීතය හා ගායනය – ඩබ්.ඩී. අමරදේව








57 comments:

  1. ඉතාම හොඳ වැඩක්. කවුරු හරි තාක්ෂනය දන්න කෙනෙක් උදව් කරානම් ඒකට ඒක තව ටිකක් පිළිවෙලක් කරගන්න, වටිනව. මොකද සින්දුවක් පහසුවෙන් හොයාගන්න, කැටගරි, ගායකය, වචන අනුව, අන්න තවත් වටිනව!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉන්දික අයියේ. මිනිහ බ්ලොග් එකක් පටන් ගත්තෙකනම් මාර වටිනවා.

      ඒ විදියට කැටගරයිස් කරන එකත් අපේ සිංදුව දැන් කරගෙන යනවා.

      Delete
  2. දැනුවත් කිරීම ගැන ස්තුතියි මනොෂ් ... සිංදු ඇනෝ අපි කාගේත් හිතවතෙක් නෙ ..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔහු කා අතරත් මිත්‍රශීලී සිංදුවා.

      Delete
  3. ආහ්හ් නියමයි... ගිහින් දැන අදුරගෙන එන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම, අඳුනගන්න වටින පුද්ගලයෙක්.

      Delete
  4. ඔයෙස්... ගිහින් බලන්නං. අඩොව් තොපිට කොහොමද??

    ReplyDelete
    Replies
    1. ආ...ආවද? කොහෙද යකෝ තොලොංචි වෙන්නෙ හිටි ගමං?

      Delete
    2. යනඑන තැනක් කියලා පල අපි ඇන්ට්‍රයක් දාන්න හිටියේ..අවසන් වරට දුටුවිට කිසිවක් ඇද සිටියේ නැත කියලා..

      Delete
    3. මොනාද යකු කියවන්නේ,,,, ගම කන්න එපා...!!

      Delete
    4. නිමෝ..

      ඉතින් ගිහින් බැලුවද? අපි යහතින්, බොලානෙ වාස්ප වෙලා උන්නේ.

      Delete
    5. විසිටරයෝ..

      මූ නම් මෙහෙමවත් ඉන්නවා. පත්තරයට ඇඩ්‍රසුත් නෑ.

      Delete
    6. මෙන්ඩියෝ..

      ඒ කියන්නෙ ඒ වෙලාවෙ උඹත් එතන ඉඳලා???

      Delete
  5. ඔව්.... මනොෂ්..... අපි යන්නම් සින්දු ඇනෝ...... බලන්න..... ඔයාට ....... තවත් එක්...... අභියෝගයක්......

    ReplyDelete
    Replies
    1. ගිහින් බලල අඳුනගන්න නිහිංසා..

      අභියෝගයක්??? ඔහු මට සහයෝගයක්...

      Delete
  6. ස්තුති මනෝෂ් ඔත්තුවට. ඔන්න අපිත් ඒ පැත්තට ගොඩ උනා

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. ස්තූතියි වීරේ...

      Delete
  7. තැන්කිව් වේවා පාර පෙන්නුවට..

    ReplyDelete
  8. ඉස්තූතියි ඉන්ෆෝමේසොන් එකට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ සහයෝගයටත්.

      Delete
  9. නියමයි නියමයි සින්දු ඇනෝ. පොස්ටුවටත් ස්තුතියි.

    ReplyDelete
  10. එළකිරි.. එකෙන්ම ඇඩ් කර ගත්ත.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඒක වටිනවා. ඔබට ස්තූතියි.

      Delete
  11. තැනක් යූ මනොෂ් දීපු තොරතුර ට..

    ඔන්න අපිත් ගිහින් ආවේ...

    ReplyDelete
    Replies
    1. ඒක අවුලක් නෑ මචෝ.. අපි එකම රෑනෙ කුරුල්ලෝ...

      Delete
  12. අහ්, කොළුවත් එකක් පටන් ගත්තද.. ඒක හොදයි.. ගිහින් ඔළුව දාලා එන්නම්..

    ReplyDelete
    Replies
    1. හා..හා..ඔළුව විතරක් දාල එන්න ඔට්ටු නෑ. කඳ බඩ සේරම දාල පදිංචි වෙන්නම ඕනි හොඳේ.

      Delete
  13. මත කම්මැලී කීවට ඔය දීලා තියෙන්නෙ දවසේ ප්‍රවෘත්තිය. ස්තුතියි සහෝ...මෙන්න මේවයි නියම සහෝදරකම්.

    ReplyDelete
    Replies
    1. හම්මේ..නිදිගැට කැඩුනනේ ඊයෙ මේ ආරංචිය ලැබුන ගමන්. විනාඩි 15ට පෝස්ට් එක දැම්මේ. මෙච්චර කලබලෙන් කවදාවත් පෝස්ට් එකක් දාල නෑ.

      Delete
  14. මගේ අනිත් එකා පුසන්නයා මුණුපොතේ දාලා තිබුන එක බලල මාත් ගියා. ඒකේ බ්ලොග් ෆලෝවර් ගැජට් එක දාන්න කියහං බං.. ජය වේවා ඇනෝ ගැලවුන සින්දුවාට

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්.. ඔන්න ඒකත් දැන් ඇඩ් කරල තියෙන්නෙ සහෝ..

      Delete
  15. එකෙන්ම එලස් ස්තූතියි මනෝ ඔත්තුවට ඔන්න අපිත් ගියා

    ReplyDelete
    Replies
    1. අපි වෙනුවෙන් අපිනෙ මචෝ.

      Delete
  16. වෙරි බිග් තෑන්ක්ස් මචෝ! ඔන්න ගිහිං ආවා.
    ඌට සින්දු කැටගරයිස් කරන්න කෙරමයක් කියාදෙන පොටක් බලහංකො බං.

    ReplyDelete
    Replies
    1. ඌ සිංදු කැටගරයිස් කරන්න පටන්ගෙන වගේ මචෝ. අපි පුලුවන් උපරිම හෙල්ප් එක දෙමු.

      Delete
  17. එල ද බ්‍රා..ඩබල් පුෂප්
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. බයිට් එකට වල් වනචර ඌරා.

      Delete
  18. ඔබේ ඔත්තුවට මෙන්න තොත්තුව!! :D

    ඒක කුරියර් කරලා එවන්නම් ඈ!!!! :D :D

    ReplyDelete
    Replies
    1. මේ අනිකා,
      ස්ලැබ් එහෙක සැටලිමට හිරවෙලාද හිටියෙ පහුගිය ටිකේ?

      Delete
    2. මගදි වාස්ප වෙයි ප්‍රියෝ...හොඳට පැක් කරල එවහං.

      Delete
    3. විසිටරයෝ,
      අපේ කොල්ලො ටිකට බෝධිපූජාවක් වත් තියමු බං.

      Delete
  19. ඌ හොඳ පොරක්.......උඹත් හොඳ පොරක්. උඹේ මේ පෝස්ට් එක නිසා මට අපේ ලැක්චරයා ලියපු පෝස්ට් එක හම්බවුනා, මම ඒ කාලේ මිසිං,

    ReplyDelete
    Replies
    1. ලැක්චර කතාව එච්චර මීටර් උනේ නෑ අරූ අයියේ.. සිරාවටම සිංදුව හොඳ පොරක්.

      Delete
    2. අපේ දේශකයා ලියපු පෝස්ට් එක. රවී ඕකාට කියන්නේ ලැච්චරයා කියලා. මම තව පොඩ්ඩක් රැස්පොට් කරලා ලැක්චරයා කියනවා.

      Delete
    3. අහා...දැනුයි තේරුනේ. මේ අපේ සිංදු ඇනෝ ගැන දේශක ලියපු පෝස්ට් එක ගැනනෙ කියල තියෙන්නෙ.

      Delete
  20. උඹට ගොඩක් ස්තුතියි මනෝ ...උඹ තමයි පට්ට ගේමක් ඇද්දේ මෙහෙම කරන්න ...
    නැවතත් ස්තුතියි -
    බ්‍රෑන්ඩ් එක ගල්

    ඉරා අඳුරු පට පෙර දිග අහසේ...
    පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර...
    අරුනළු උදයේ දිලිසෙණ පිණි මත....
    පියමන් කරමින් අහස් ගව්වටයි ලංවන්නේ...

    හිරු ‍රැස් දැඩිවී හැකිලී ගුලිවී...
    සැඟවී යාදෝ පිණි කැට මිහි තුල...
    පා පෙරැළී ගොස් ‍රැඳේද අප හැම...
    නිමක් නොපෙනෙණා අහස් ග‍ඟේ...

    ඉරහඳ නැතිවී සුලඟ සුසුම් ලන 
    දවසක් ඇවිදින් උදාගිරෙන්...
    කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්... 
    එකමුතු වී අපි මිතුරෝ...
    එන්න මගේ ප්‍රිය මිතුරෝ...
    එන්න මගේ ප්‍රිය මිතුරෝ...
    එන්න මගේ ප්‍රිය මිතුරෝ...

    ගායනය- සනත් නන්දසිරි
    ගී පද -චන්ද්‍රසිරි පල්ලියගුරු
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    ReplyDelete
    Replies
    1. ස්තූතිය් ඕනි නෑ මචෝ.. ගත්ත ගැම්මෙන් දිගටම ඇදන් යමන්. උඹව අපිට ගොඩක් වටිනවා. උඹේ මේ බ්ලොග් එක අපට මහමෙරක්.

      Delete
  21. මනේෂ්.................... හරිම සතුටුයි.................

    පළවෙනියට ම සතුටුයි සින්දු ඇනෝගේ බ්ලොගය ගැන.. දැන්ම ගිහින් ෆලෝපාරක් දාගන්නවා... අනික තමයි ඔබ විසින් කරපු මෙහෙයට..... බ්ලොග්කරුවන් වන අප අතර තිබිය යුතු සහෘද බැදීම තමයි ඔබ මේ පෙන්නුවේ..... ඇත්තට ම ස්තූතියි මචං.............

    ReplyDelete
    Replies
    1. මෙහෙමවත් බැඳීමක් නැත්නම් අපේ මේ වර්චුවල් මිතුරුදමේ ඇති වැඩක් නෑනෙ ගී පවුරේ.. අර අපේ ප්‍රියා නිතරම කියන්නෙ අපි වෙනුවෙන් අපි.

      Delete
  22. Replies
    1. අනේ තෑන්ක්ස් මචෝ.. දිගටම රැඳියන්.

      Delete
  23. ස්තූතියි මනෝෂ් දැනුම් දුන්නට... :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි දායකත්වයට.

      Delete