Pages

Sandumal

Sandumal

Thursday, November 13, 2014

•මියෙන්න පුතුනේ


"මාළිග මන්දිර මණ්ඩප පුපුරා නැගූ කෙසර හඬ
අයෝමයයි පුතුනේ..."






මියෙන්න පුතුනේ මියෙන්න වධ විඳ...

හෙලන්න පුතුනේ හෙලන්න ලේ කඳ...

කකියන දඬු කුරුසේ...

වාවා ගන්නම් මගෙ හද ඉකිබිඳ

මිරිකා කඳුළු ඇසේ...


"ඔවුන් මගේ පුත්රයාට කටු ඔටුනු පලන්දා

කස පහර දී මුහුණට කෙළ ගසා

කුරුස ගසේ තබා ඇණගසලා…"



ගලවා සළුපිලි අධර්මයේ ගලවා අභරණ අයුක්තියේ ..

පෙන්වූයේ පුත නුඹමයැ නිරුවත

පාලක ඝාතක ජඩයන්ගේ...

පාහර පූජක ගවයන්ගේ...


“ඔහු කල මහා පාප කර්මය එයයි..

අධර්මයේ නිරුවත අයුක්තියේ නිරුවත

පෙන්වා දීමයි..”


ඉපදී පොඩි ගව මඩුවේ හැදී වැඩී වඩු මඩුවේ…

මාළිග මන්දිර මණ්ඩප පුපුරා නැගූ කෙසර හඬ

අයෝමයයි පුතුනේ...

අභීත මැයි පුතුනේ...


“මං දුක් වෙන්නේ නැහැ පුතේ නුඹ ගැන...”


සෙබළුනි මන්ද විරාමය හෙල්ලට

අනිව් අනිව් මගෙ පුතුගේ ඇලයට

සෙළවෙන්නේ පුතු සිරුරේ ලේ පමණයි...

සැඟවෙන්නේ මා පුතු පණ නළ පමණයි...



“කිසා ගෝතමිය සිද්ධාර්ථට කියූ

නිබ්බුත පදමැයි පුතේ මේ අහිංසක මරියා

කුරුස ගහ යට අඬ අඬා කියන්නේ...”


නිබ්බුතා නූන සා මාතා...

නිබ්බුතා නූන සෝ පිතා...

නිබ්බුතා නූන සා නාරී..

යස්සායං ඊදිසෝ පතී...


පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
 සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගායනය : නන්දා මාලිනී

-පවන-




(Miyenna Puthune - Nanda Malini)







25වැනි ඉල්මහ සමරුව වෙනුවෙනි...


49 comments:

  1. ඇයි බං මේකට උඹේ ලිවීමේ හැකියාව යෙදෙව්වෙ නැත්තෙ? ඉල් මහ සමරුවට මීට වඩා ගොඩක් ලොකු දෙයක් උඹට ලියන්න තිබ්බනෙ.

    ReplyDelete
    Replies
    1. ඉලමහ සමරුව වෙනුවෙන් කතාවක් ලියන්නනම් හීනෙකින්වත් කල්පනා උනේ නෑ බං. ඕනි උනේ ඊට ගැලපෙන ගීයක් සටහන් කරල ඒ විරුවන්ට උපාහරයක් දක්වන්න.

      Delete
  2. විරුවන් නොවේ මිනිසුන් සමරමු..!!

    ReplyDelete
    Replies
    1. විරුවන් බවට පත්වන්නෙත් මිනිසුන්මයි..

      Delete
    2. මැරෙන්නේ මිනිස්සු.. විරුවන් නෙමෙයි

      Delete
  3. මගුලක් කොහෙන්ද බං මේක හොයාගත්තෙ අදමයි දැක්කෙත් ඇහුවෙත්...
    අර විසිටරය කියන්න වගේ මේකට නෝට් එකක් නං ලියන්න තිබ්බ මොකකම හරි
    ඔව් ඈ

    ReplyDelete
    Replies
    1. මේක නන්දා මාලිනියේ පවන කැසට් එකේ තියෙන්නෙ බං. උඹට එව්ව ඩීවීඩී එකෙත් ඇති පවනෙ සිංදු. අහල බලපන්.

      Delete
    2. තාම ඒක ආවෙ නෑ යකූ.............
      මගෙ කුතුහලය අවුස්සන්න එපා හරිද
      දුක්ක හිතෙනව ඕයි

      Delete
    3. ආව සුදූ ඈ..................
      මං මේල්ලුවකුත් දැම්ම..
      තැන්කුයි හොදේ.................
      උම්ම්ම්ම්ම්මමම

      Delete
    4. හ්ම්... එහෙනම් හොඳයි. අහපන්කො ඔය ටික.

      Delete
  4. එකනේ මොනවා හරි ලියන්න නම් තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ගීතයේ කතාව හොඳටම ඇති සිහින. ඊට වඩා මොනා ලියන්නද.

      Delete
  5. මොකක්ද බං මේ.. දැං උඹද සින්දු ඇනෝ..

    ලියන්න කම්මැලි නම් පෝස්ට් නොදා නිකා හිටින්...

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නේ..

      Delete
    2. මේක කම්මැලි කමට කරපු වැඩක් නෙවෙයි මාතලන් අයියණ්ඩි. ඒ වගේම දාන්න වෙන මොකුත් නැතුව දැම්මත් නෙවෙයි.

      Delete
  6. අදමයි ඇහුවේ මුලින් හිතුවේ කයියක් කියලා.. කම්මැලියා..
    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කම්මැලිකමට නෙවෙයි බං.

      \\25වැනි ඉල්මහ සමරුව වෙනුවෙනි...//

      Delete
  7. ඇගට දැනෙන සිංදුවක්..ඒ වුනාට පද රචනයට,සංගිතයට, ගායනයට කට්ටිය ඉන්නවනේ උඔ ලියපන්කෝ කතාව...

    ReplyDelete
    Replies
    1. මෙන්ඩෝ ++++++++++++++++++++++++++

      Delete
    2. මේව ලියල රහකරකර කියවන්න පුලුවන් කතා නෙවෙයි මෙන්ඩෝ.. ඒ මරල දාපු මිනිස්සු වෙනුවෙන් උපහාර ගීයක් මේ.

      Delete
  8. ඝාතකයා.. ඝාතකයා
    සූ සැට දහසක් ජීවිත බිලිගත් ඝාතකයා..
    ලෝහිත ගඟුලේ.. නොනිදා ගැලවූ පාලකයා..
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ.. 
    ඝාතකයා.. ඝාතකයා..

    සඟ වෙද ගුරු ගොවි කම්කරුවන්
    නීතිවේදියන් ලේඛකයන්..
    එක්කර කම්කරු නායකයන්
    දරු දැරියන් නව යෞවනයන්..
    බිලිගත් ඝාතකයා..
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ.. 
    ඝාතකයා.. ඝාතකයා..

    කුංචනාද කල මහ ගිජිඳුන්
    සිංහ නාද පෑ සිහ රජිඳුන්..//
    කොඳු ඇට පෙල සිඳ පාලුව ලන්නට
    හිංසා කරගත් නායකයා..
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ.. 
    ඝාතකයා.. ඝාතකයා..

    එකම ඇසකින් දකිමින් බලි බිලි.. සැණකෙලි
    එකම අතින් දරමින් යුද වැදි.. ගිනි අවි
    එකම හදින් කියමින් සෙත්කවි.. වස්කවි
    ඇස් ඇති දුර්ජන ඉන්ද්‍රජාලිකයා..
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ.. 
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ.. 

    ගායනය: ගුණදාස කපුගේ සමඟ නන්දා මාලිනී ඇතුලු පිරිස

    ReplyDelete
    Replies
    1. යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
      ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
      අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
      කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

      කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
      පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
      රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
      එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

      ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
      කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
      කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
      ‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්


      ගායනය: විශාරද නන්දා මාලිනී
      පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
      සංගීතය: සරත් දසනායක

      Delete
    2. කවදා පායන්ද අප දිනිසුරාණෝ
      රණබිමකට සරිලන සෙනවියාණෝ
      මුඩුබිමකට සරිලන ජලකඳානෝ
      සුන්බුන් කොඳු ඇට සිටුවන රජානෝ

      කවදා පායන්ද අප පුන්සඳානෝ
      පරහිත පිණිස දළ දන් දෙන ඇතානෝ
      නිදුකින් ඉන්න මඟ පෙන්වන වෙදානෝ
      මුසා බසින් අප නොපෙලන රජානෝ

      කවදා එත්ද අපගේ එක් නෙතානෝ
      ගිමනට නිවන දෙන තුඟු නුග තුරානෝ
      අප සමබිමක රඳවන සොහොයුරානෝ
      රජෙකැයි අපට නොසිතෙන මහ රජානෝ

      ගායනය-නන්දා මාලිනි
      රචනය-සුනිල් ආරියරත්න

      Delete
    3. වහින්නට හැකිනම් ගිගුම් දී
      වියළි ගම් බිම් වලට ඉහළින්
      ඉදෙන්නට හැකිනම් බතක් වී
      බතක් නොඉදෙන පැලක රහසින්...

      ‍රැ‍ඳෙන්නට හැකිනම් ළමා කැළ
      හඬන දෙතොලඟ සිනාවක් වී
      පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ
      නෙලාගත හැකි වන මලක් වී...

      නිදන්නට හැකිනම් දෙනෙත් තුල
      සැබැ වන සුබ සිහිනයක් වී
      ගැයෙන්නට හැකිනම් දොරින් දොර
      ලොවම පුබුදන ගීතයක් වී...

      පද : සුනිල් ආරියරත්න
      තනුව : සුනිල් දයානන්ද කෝනාර
      ගායනය : නන්දා මාලිනී

      Delete
    4. ස්තූතියි මෙන්ඩෝ...

      Delete
  9. කොයි යකූ කතා... <_>

    මාත් අදමයි ඇහුවෙ.. කොහොමහරි සින්දුවනං දැනෙනවා මුළු සරුවාංගෙටම..

    ReplyDelete
    Replies
    1. නෝ කතා නෝ නිසා... මේ ගීය මියගිය සහෘදයන්ට.

      Delete
  10. මරාදැමු මුත් දී නෙක වදහිංසා
    සගවන්න නොහැකිය නුබේ සිතිවිලි
    බොහෝඋන් අද හඩයි නුබ වෙනුවෙන්
    නුබේ සිතිවිලි උන්ව පණගන්වයි


    තවත් කුමටද නුබ නමින් අටුවාටිකා
    සමරුමට අද නුබේ සේවය
    මාලනිය ගැයූ මෙවන් ගී පදවැල්
    හදගැස්ම වී දැන් රැදේ අප අසලින්

    ReplyDelete
    Replies
    1. සොඳුරියේ ඔබට මාගේ උත්තමාචාරය...

      Delete
  11. සින්දුර් අමාරුවෙන් බ්ලොග් කටුවක් අටෝගත්තා. දැන්, උන්දැට හිඟාකන්න තමයි වෙන්නෙ.
    දැන් අපි සින්දු හොයන්න මෙතෙන්ට ඇවිත් ඒවා වටා ගොඩනගන හද සසල කරවන පසුබිම් කතා බලන්න සින්දූර්ගෙ එකට යන්නම්. තරහ වෙන්න එපා, කේන්තියටමයි කිව්වෙ. මේ උඩ ලියපු අයටත් එහෙම කේන්ති යන්නෙ අපි හැමෝම යුෂ්මතාට ආදරය කරන නිසාය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාධවී මට හීනෙකින්වත් මේකට කතාවක් ලියන්න මතක් උනේ නෑ. ඕනි උනේ අද ඉල්මහ සමරුව වෙනුවෙන් ස්මරණයක් සනිටුහන් කරන්න විතරයි. ලිව්වනම් ඒ ගැන සටහනක් ලියන්න තිබුනා. ඒත් ඒ කතන්දරයක් නෙවෙයි. අද දිනය සිහිපත් කරන්න ඕනි උනේ.

      Delete
    2. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් දරුවා. ඉතිං බහුතරය කැමති වුණේ ගීතයකට පමණක් සීමාවූ මනෝෂ් කෙනෙකුට වඩා දෙයක් දකින්න. ඒකයි මේ ගෝසාව. දරුවටත් කේන්ති ගිහිංනෙ අන්තිමට. ගීතය මම නම් අසා තියෙනවා. මුලු පවනම අනන්ත වාර ගණනක් අහලා ඇති. ඒ නිසයි මට ඒ ගීතයේ කියා විශේෂත්වයක් නොපෙනුනේ. සමාවෙන්න, හිත රිදුනානම්...ඔබව අපිට ගොඩක් වටිනවා.

      Delete
    3. අනේ සහෝ.. තුන් හිතකින්වත් එහෙම තරහවක් කේන්තියක් නෑ. සියුම් ආවේගයක් විතරයි. මං හොඳට දැකල තියෙන එකක් තමයි පලවෙනි කමෙන්ට් එක දාපු කෙනාගෙ මතය තමයි එතනින් එහාට අනිත් අය අරන් යන්නෙ.

      Delete
    4. සහතික ඇත්ත. මිනිස්සු බලා ඉන්නෙ අනෙක් අය අත උස්සනකන් තමන් අත උස්සන්න. අපිත් ඒ කුලකයෙම තමා.

      Delete
    5. ඒක හරි නරක පුරුද්දක්. තමන් තමන්ගෙ ස්වාධීන මතය කියන්න ඕනි, අනිත් අයගෙ මත වලට වහල් නොවී. මං නම් අනිත් කමෙන්ට් කියවන්නෙ මගේ කමෙන්ට් එක දාල ඉවරවෙලා ගොඩක් වෙලාවට. මොකද ඒ කමෙන්ට් කියෙව්වොත් මගේ අදහස මටත් නොදැනිම වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

      Delete
  12. සින්දුවනම් එළ.කැමති සින්දුවක්.බ්ලොගේ පාලුව යන්න සින්දුව විතරක් දාල කතාව ලියන්නෙ නැතිව ඉන්න හිත් දුන්න කම්මැළිකමට හෙනගහපන්........
    සින්දුවගෙ බ්ලොග් එක ගැන උඹේ බ්ලොගේ ලිපියක් දාල ඌටම කෙළවන්න හදනව.

    ReplyDelete
    Replies
    1. කැමති විදියකට හිතාගනින්.

      Delete
  13. මනෝෂ්..............

    මටනම් ටිකක් වෙනස් විදිහට මේක පේන්නේ.. ඇත්තට ම මේ ගීතය අපි කියන්න උත්සහ කරන සියලු දේවල් කියලා. ඉතින් අපිට තවත් ඒකට අකුරු කරන්නට උවමනාවක් නැහැ... ඇත්තට ම මේ ගීතය ඔබේ අඩවියේ දැකලා මගේ පරිඝණකයේ ඇති තැනින් හොයලා ඇහුවා... දාහක් දේවල් ලියුවාට වැඩිය දෙයක් එහි තියෙනවා මනෝෂ්................................

    ReplyDelete
    Replies
    1. අන්තිමට මේ ගීතය සහ අද පෝස්ටුව තේරුම්ගත්ත එකෙක් හරි ඉඳපු එක ගැන අප්‍රමාණ සංතෝසයි.. මගේ නිර්මාණශීලි කුසලතා එළිදක්වන්න නෙවෙයි මං බලාපොරොත්තු උනේ. ඔබට බෙහෙවින්ම ස්තූතියි ගී පවුරේ...

      Delete
  14. පවනේ සිංදු ටික හොයාගෙන ආයෙත් අහන්න ඕනේ .. ඔක්කොම ඩවුන්ලෝඩ් කරන්න තැනක් දන්නවද .. ?

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙතනින් බලන්න පැතුම්.

      www.youtube.com/watch?v=vHke4l-gwXg

      Delete
    2. මෙන්න සාර්ථකම ලින්ක් එක.

      http://slsong.com/sinhala_mp3/nanda_malini/pawana/pawana.html

      Delete
  15. ඉල් මහ විරු සමරුවට සඳුමල් සමග කලාහිතේත් ප්‍රණාමය..
    \\\\ “ඔහු කල මහා පාප කර්මය එයයි.. අධර්මයේ නිරුවත අයුක්තියේ නිරුවත පෙන්වා දීමයි..” \\\\\

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කල්‍යාණ..

      "අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
      කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්"

      Delete
  16. කොහෙන්ද බං මේක හොයාගත්තේ?? අදමයි මම මේක ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. නන්දා මාලිනියගේ පවනෙ තියෙනවා බං.

      Delete
    2. පවන පවන කිව්වට මොකෙක්වත් පවන අහල නං නෑ වගේ.. හැක්

      Delete
    3. ඇයි එහෙම කිව්වෙ?

      Delete