Pages

Sandumal

Sandumal

Thursday, November 20, 2014

•වැලි පොල් කට්ටට

"හෙට ගෙට එන වැඩිහිටි කාලෙට දැන්.. මේන් ආයුබෝවන්..."




මගේ දෝණියේ, මං දෝණිට අද ලොකූ කතාවක් කියන්නයි මේ ලෑස්ස්තිවෙන්නෙ. දුව දැන් මේ කියවන්නෙ දූගේ අම්මි ලියපු බොහොම පරණ සටහනක්. කොච්චර පරණයිද කියනවානම්, මේ සටහන හරියටම දූගෙ වයසමයි. හ්ම්... මයෙ දෝණිට පුදුමයි නේද. පුදුම වෙන්න එපා දුවේ, ඔයා ඉපදිච්ච දවසෙයි අනාගතේ දවසක උදාවෙන්න තිබ්බ මේ මොහොත වෙනුවෙන් මං ඔයාට මේක ලිව්වෙ. ඔන්න අහගන්නකෝ..

මේ ලියන මොහොතෙ මගෙ දෝණි හොඳ සැපට නිදි. බිංකුණ්ඩෙක් වගේ ඔයා හරි පුංචියි. දැන් වෙලාව රෑ දොලහත් පහුවෙලා. දෝණිගෙ තාත්ති දෝණි ළඟට වෙලා ඉද්දි තමයි අම්මි මේ ලියන්නෙ. ඒත් දුවේ ඊට අවුරුදු ගානකට පස්සෙ ඔයා මේක කියවන්නෙ. 

ඉතින් දුවේ ඔයා මේක කියවන මොහොතෙ ඔයානම් කාමරේක හිරකරල තියන්න සිද්ධ උනා මට. මේ වෙලාවෙ අම්මිටනම් වැඩ කෝටියයි. කුස්සියෙ, සාලෙ, මිදුලෙ එකම එක යුද්ධයයි. ඉතින් මේ දවසෙ මෙච්චර හරියක් කියාගන්න ඔයාගෙ අම්මිට වෙලාවක්, නිදහසක් නැති නිසාම මෙහෙම ඔයාට කාමරේට වෙලා කියවන්න මේක මං කලින්ම ලියල තිබ්බ එක කොච්චර හොඳද කියල අදනම් මට හිතෙනවා.

දෝණියේ, මෙතනින් එහාට අම්මි ලියල තියෙන හැම අකුරක්ම මයෙ දෝණි හරිම පරිස්සමින් කල්පනාවෙන් කියවන්න. ඒ හැම අකුරක්ම හොඳට තේරුම් ගන්න. හිතට ගන්න. දුවේ..ඔයා අද ලොකු ළමයෙක්. මගෙ පොඩි හුරතලී අද වැඩිවියට පත්වෙලා. දුවේ, ලංකාවෙ අපිට මේ දේ තවත් එක් මනුස්ස පරාණයක ප්‍රජනන සමයක ආරම්භය විදියට සැහැල්ලුවෙන් හිතල අමතක කරන්න පුලුවන් කාරණයක් නෙවෙයි. ඒක දූ දන්නවනේ. ඉතින් දුවේ ඒ නිසානෙ අපි මේ ලක ලෑස්තිවෙලා නැකැත් බලල පුංචි උත්සවයක් අරන් මේක මේ චාරිත්‍ර වාරිත්‍ර වලට කරන්නේ. හැබැයි දුවේ දෝණි වාසනාවන්තයි.

දූගෙ යාලුව්න්ගෙ අනිත් අම්මලා තාත්තලා වගේ දූගෙ ජීවිතේ මේ වටිනා මොහොත අපි "පාටියක්නම්" කරගත්තෙ නෑ. දෝණිගේ යාලුවන්ගෙ තාත්තලා වගේ මේක බේබදු පාටියක් කරගත්තෙත් නෑ. තාත්තිගෙයි අම්මිගෙයි පවුලෙ සමීපම නෑයො ටික එකතුකරගෙන, මගෙ දෝණි සති ගනන් ඔය පුංචි කාමරේ පෙරේතියක් වගේ හිර නොකරගෙන අපි බොහොම චාමෙට, ඒත් ලස්සනට පිළිවෙලට මේ කටයුත්ත කරන්නයි අපේ මේ ලෑස්තිය. හරි, ඒ කතා ඇති දැන්. මං දැන් දූට කියන්න ආව ටික කියල ඉන්නම්කෝ.

මගේ දෝණියේ, ඊයෙ වෙනකල් ඔයා අම්මගෙයි තාත්තගෙයි තුරුල්ලෙ බොහොම් පුංචි කෙලි පැටික්කියක් විදියට බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙව්වා. දූට ජීවිතේ ගැන බරක්පතලක් තේරුමක් තිබුනෙත් නෑ. අපි එහෙම බරක් දූට දැනෙන්න ඇරියෙත් නෑ. ඒත් දෝණියේ, අදින් පස්සෙ දූගෙ ඒ සැහැල්ලු ජීවිතේටනම් සමුදෙන්න වෙනව. මං මේ කියන්නෙ අදින් පස්සෙ හැම දේම අතෑරල ගේ ගෙම්බියක් වෙන්න කියල එහෙම නෙවෙයි. දූට මේ කියන්නෙ ඊයෙට වඩා හෙට දවසෙ හැම නිතරම කල්පනාවෙන්, බුද්ධිමත්ව, වගකීමෙන් ජීවත් වෙන්න මගෙ පොඩි කෙල්ල පුරුදු වෙන්න ඕනි. මොකද දුවේ අදින් පස්සෙ ඔයා මේ සමාජෙට ලොකු ගෑණියෙක්. තරමක් දුරට අපෙන් මිදුණු නිදහස් කිරිල්ලියෙක්. ඉතින් දුවේ දූට මට මීට වඩා මේ දේ විස්තර කරල කියල දෙන්න පුලුවන්, ඒත් කෙල්ලෙ, ඒ මහප්‍රාණ මගෙ කෙල්ලට දැන්ම තේරෙන එකක් නෑ. ඒව මං හෙමීහිට දෝණි මගෙ ඔඩොක්කෙට අරන් පස්සෙ දවසක කියල දෙන්නම්.

ඉතින් බබෝ, ඉස්සරහට මගෙ කෙල්ලට අර වැලි පොල් කට්ටටයි, බෙලි කටු හැන්දටයි, කොස් කොල ගොට්ටටයි නම් ආයුබෝවන් කියන්න පුලුවන් ඔන්න. පහුගිය දවස් වල මාත් එක්ක රණ්ඩුනේ ඇත්ත වළං ඕනි කියල. ඔන්න දැන් පුලුවන් පුරුදුවෙන්න ඔයාට. වැලි පොල් ක්ට්ට වෙනුවට ඇතිලි හැලි වළං, බෙලිකටු හැන්ද වෙනුවට පොල්කටු හැන්ද, කොස් කොල ගොට්ට වෙනුවට කිරි ගොට්ට.

ඇයි තව ඔය අර කුස්සියෙ පොඩි බංකු කෑල්ලට රෙද්දක් පොරවල, ඒක ඔතල අරන් බබෙක් වගේ නළවන්නෙ. ඒ මදිවට දවසක් බලද්දි මගෙ සාරි පොඩ්ඩකුත් අරන් ඇඳගෙන. ඉතින් පැහිච්චියේ, අද ඉඳල ඔයා කවදහරි ඇත්තම අම්ම කෙනෙක් වෙන දවසට එකත්කරගන්න මේ හැමදේම ඔයාගෙ අම්මිගෙන් බලාගෙන ඉගෙන ගන්න වෙනවා. ඔයාගෙ වැඩිහිටි ජීවිතේ පටන් ගැන්ම තමයි මේ.

මතකද, කෝටුවකුත් අරන්, හුණු කූරත් අතින් අරන් පුංචි ටීචර් බෝනික්කන්ට අකුරු උගන්නපු හැටි. දැන් ඒ සෙල්ලම් හැබෑ කරගන්න පාර කපාගන්න කාලෙ ඇවිත් පැංචියේ. මගෙ දෝණි ඔයාට කැමති පාරකින් ඔයා ආස පාරකින් මේ සමාජෙට යහපතක් කරන හොඳ රස්සාවක් කරන්න කවදහරි. ඉතින් මේ හැමදේම පටන්ගන්න කාලෙ හරි ඉතින් දැන්.

ඒ විතරක් නෙවෙයි බෝනික්කියෙ, ඔයා මෙච්චරකල් ජීවත් වෙච්ච සුරංගනා ලෝකෙන් බැහැල ඇවිත් මේ මහ පොළොවෙ හැබෑවටම පයගහන්න වෙනව හෙට ඉඳල ඔයාට. මං මේ ඔයාව බයකරන්න කියනව නෙවෙයි ඔයාට, බොරු කරන්නෙ මොකටද මං කෙලි පැංචිට. දුවේ ඒ සුරංගනා ලෝකෙ හිටපු ලස්සන, අහිංසක රාජ කුමාර කුමාරියන්ට වඩා මේ පොළොවෙ ඉන්න මිනිස්සු හරි නපුරුයි, නරකයි, ගුප්තයි. හැමෝම නෙවෙයි, ඒත් ගොඩක් ඉන්නෙ එහෙම අය. ඉතින් ඒ අය අර සුරංගනා කතාවල සුරංගනාවියන් බිලිගන්න රාස්සයෝ වගේ බලන් ඉන්නෙ මගේ සමන් මල් කැකුල වගේ ලස්සන කුමාරියන් බිලිගන්න. ඉතින් මයෙ කෙල්ලේ හැම වෙලේම පරිස්සම් වෙන්න. අම්මියි තාත්තියි ඔයාව ආදරෙන් පරිස්සම් කරනවා. ඔයා බයවෙන්නෙපා. ඉතින් ඒ නිසා ඔය තව ටිකක් ලොකු වෙලා මේ සමාජෙ තේරුම්ගන්නකල් තාත්තියි අම්මියි කියන පාරෙ යන්න, කියන දේ අහන්න. මං දන්නවා දෝණි එහෙම අහනවා කියලා.

ඉතින් දුවේ මේ ළමා කාලෙට සමු දීල හෙට එන වැඩිහිටි කාලෙට එහෙනම්  අපි සුබ නැකතින් පියවර නගමු. අපිත් ඉන්නවා දූත් එක්කම.

තාත්තියි අම්මියි දූගෙන් මහා දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඕනි දූ හොඳ ළමයෙක් වෙනව දකින්නයි. ගුණ යහපත්ව, සංවරව, ඒ වගේම මේ රටට සමාජෙට වැඩ දායක සාධාරණ මනූසයෙක් උනොත්, ඒ ඇති දුවේ අපි දෙන්නට. ඒ වගේම කවදහරි දවසක දූ ඔයාගෙ අම්මියි තාත්තියි වගේ සතුටින් සමඟියෙන් ඉන්නව දකින්න තිබුනනම් ඒ ඇති.

ඉතින් දෝණියේ මෙච්චර දේවල් මං මේ ලිව්වෙ මගෙ කෙල්ල ඉපදිලා ගෙදර ගෙනාව මේ පළවෙනි දවසමයි. ඔයාට තාම සතියක් වත් නෑ. මේ මොකුත් නොතේරෙන අහිංසක ඔයා දැන් හොඳටම දොයි කටේ පුංචි ඇඟිල්ලකුත් ගහගෙන. තාත්ති ඔයා ළඟම ඉන්නවා ආදරෙන් ඔයා දිහා බලාගෙන. ඉතින් මං මේ ලිව්වෙ අනාගතේ එන දවසක් ගැන. ඒ දවස එනකල් ඔයා ජීවත් වෙන විදිය මං මේ දැන් ඉඳලම හිතින් මවාගෙන ලිව්වෙ මේ. ඉතින් අද ඒ දවස එහෙම උදා වෙලා. මං පැතුව විදියටම. ඒකනේ මගෙ කෙල්ල දැන් මේක කියවන්නේ. නේද. බොහොම පිං මගෙ රත්තරන් දුවේ. ඉතින් මං දන්නව මගෙ කෙල්ල මගෙ හීනෙ විදියටම හරි ලස්සනට අනාගතෙත් ජීවත් වෙන බව. ඔයාට ආයෙත් දවසක මං මේ විදියෙම සටහනක් දෙනවා. ඒ දෙන්නෙ ඔයා මනමාලියක් වෙලා යන දවසට. ඉතින් දුවේ දැන් පාන්දරටත් ළඟඉ. අම්මිට නිදිමතයි, තාත්තිටත් එහෙමලු. එහෙනම් මං දැන් නවතිනවා. මං මේ ලියමන පරිස්සමට අරන් තියනවා. ඔයා ලොකු ළමයෙක් වෙච්ච දවසක මං මේක ඔයා අතට දෙනවා. අර කාමරේක හිරවෙලා ඉන්න පුංචි මොහොතෙ ඔයාට මේක කියවන්න. 

මගෙ දෝණිට තාත්තියි අම්මියි ගොඅඩාක්ම, ගොඩාක්ම ආදරෙයි.

දෝණිට බුදුසරණයි.


වැලි පොල්කට්ටට බෙලිකටු හැන්දට
කොස් කොළ ගොට්ටට ආයුබොවන්
ඉතින් ආයුබෝවන්...

බංකු ලෑල්ලට රෙදි පොරවා ලා
සාරි පොඩිත්තක් ඉඟ දවටා ලා
ගෙයි මිදුලේ හිඳ නැළවූ කාලෙට
ඉතින් ආයුබෝවන්...

වේවැල අරගෙන පුටුවට තලලා
හුණු කූරෙන් ගෙයි බිත්තියෙ ලියලා...
ටීචර් වීලා ඉගැන්නු කාලෙට
ඉතින් ආයුබෝවන්...

මින් පසු ගෙදරින් පිටත නොයන්නයි
ගුරුහරුකම් පිළිපැද හැසිරෙන්නයි...
හෙට ගෙට එන වැඩිහිටි කාලෙට දැන්
මේන් ආයුබෝවන්...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : පුණ්‍යසිරි මහවත්ත
ගායනය : පේෂලා මෙන්ඩිස්









විශේෂ ස්තූතිය..

මෙම වටිනා ගීතය ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දෙමින් මේ සඳහා සංවේදනාවක් ලිවීමට මා උනන්දු කල දයාබර "සිංදු ඇනෝ..." සහෘදයාණෙනි ඔබට මේ තුති කුසුම් පුදකරමි..



133 comments:

  1. නියමයි මනෝ ....
    මෙන්න තව එකක් ..

    කැවුම් කදක් දොර මුල්ලේ
    කොකිස් කදක් අර මුල්ලේ
    කෙහෙල් කැනක් උඩ එල්ලේ
    ඇයි අම්මේ ඒ

    නැවුම් කළෙන් දිය නාවන
    අළුත් ඇදුම් තෑගි ලැබෙන
    මලක් වගේ දූ සරසන
    නැකත ඇව්ල්ලා

    මං තනියම කාමරේක සෙල්ලං බෑ පෙර වාගේ
    යහළු ළමයි කල්ලි ගැහෙන සද්දෙ ඇහෙනවා
    යන්න හිතයි අම්මේ මට පාළු හිතෙනවා

    පුංචි කමට නුඹ හිතුවට
    පුංචි නොවෙයි දැන් දූ මට
    ඉස්සර වගෙ කට්ටි පැනලි දැන් නම් හොද නෑ
    හිතන්න දැන් පුංචි බබෙක් නොවේය කියලා

    ඇස්වහ නෑ මයෙ දෝනිට
    සිරියාවයි දූ හරියට
    හැම දෙවියෝ මගෙ දෝනිගෙ පිහිටට එනවා
    බුදු සරණින් හැම උවදුරු නැතිවී යනවා

    හිතට බරයි ඔය කතාව
    පුංචිනෙ මං අම්මෙ තාම
    හැමදාමත් පොඩි දෝනී කියා අහන්න
    මං ආසයි පොඩි ළමයෙක් වෙලාම ඉන්න

    ගායනය: දිලිනි හපුතන්ත්‍රි සමග නීලා වික්‍රමසිංහ
    පද රචනය: ආනන්ද හේවා රංහිඳගේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිංදුවෝ...උඹ නිසා තමයි මේක ලියවුනේ.

      ඔය තියෙන්නෙ තව ගීයක්. මං හිතුවෙ මේ දේ ගැන ගීත ලියවිලාම නැතිතරම් කියලයි.

      Delete
    2. සිංදු මචං

      ෆිට් තමා !!!

      Delete
    3. @පත්තරයෝ..

      හනිමූන් ඉවරැයි??

      Delete
  2. මම දුවෙකුට ආසයි...මට දෝණියෙක් නෑ බං..මට ඒකට උත්සහ කරන්න බයයි පොඩි මෙන්ඩියා ඉපදෙනකොට සදුට අමාරැ වුන හින්දා මම බයයි මට සදු නැතිවෙයි කියලා..
    එහම වුනෙත් උඔට මම වෙනුවෙන් ලියන්න වෙන්නේ..
    මවකගේ උනුසුම නොලබා සැපට නිදන දුවේ..
    මම යනවා බං සිගරට් එකක් බොන්න.
    උඔගේ ලියවිල්ල එල ද බ්‍රා
    ඉවානයා ලියන එවාත් මට සමහර විට අමතක වෙනවා කතාවක් කියලා ඒ තරමට ඒවා ඡිවමානයි.

    ReplyDelete
    Replies
    1. අනේ මෙන්ඩියෝ... හීනෙකින්වත් එහෙම හිතන්නෙපා. සඳුව ළඟින්ම තියාගනින්. එයා උඹට නැතිවෙන්නෙ නෑ. එහෙම අවධානමක් එහෙනම් ගන්නෙපා මචෝ.. පුද්ගලිකව මට, මගේ කවිකාරි තරම් වෙන කිසිම දෙයක් වටින්නෙ නෑ, ඒ නිසා මාත් උඹේ මතය එක්ක එකඟයි.

      කවදහරි මටයි කවිකාරිටයිත් දුවෙකුයි පුතෙකුයි හිටයනම් හොඳයි බං. අක්කෙකුයි, මල්ලියෙකුයි. එහෙම නොවුන කියල දුකක් නෑ. ඒත් හිටියනම් වඩාත් හොඳයි.

      පුලුවන්නම් ඔය සිගරට් බීම නවත්තහං. ඉවාන් කියන්නෙ අපේ හද පතුලටම කතාකරන නිර්මාණ කරුවෙක් බං.

      Delete
    2. මෙන්ඩා !!

      සිගරට් බීම නවත්තන්ඩ එපා R අකුර ළඟට එනකං ඇදලා මට දිය !!!

      Delete
    3. පිස්සු හැදෙයි ඉවාන් ගේ මැස්සා මැරෙයි කිව්වලු..අවුරැදු 8 ක් දහම් පාසල් ගියා, අවු:13ක් ඉස්කෝලේ ගියා, අවු:21 දෙමව්පියන් ලග හිටියා බැදලා අවු:6ක් බැරි වුන එක මනෝෂ් විහිලු කරනවා.

      Delete
    4. @පත්තරයා..

      ඕං දුන්න ආදර්සෙ. නොදෝකින්. හුලු අත්තක් පත්තු කරල ගහගංකො කටේ..!!

      Delete
    5. @මෙන්ඩා..

      ආහ්! උඹට තේරෙයි ඔය කැහි කූරක් හින්දා අකාලෙ බොට පොඩි මෙන්ඩයි, සඳූවයි මේ ලෝකෙ තනිකරල යන්න වෙච්ච දාට. ඕ යේස්!!

      ඉවානයා බිසීලු බං.

      Delete
    6. අම්මට සිරි හොඳටම පරක්කුයි වගේ .....

      පත්තරයා හනිමුන් ගිහින් ඇවිත් වගේ ,,,හැක්

      දුම් වැටියේ....දුම් වැටියේ 
      දෙතොල රැඳී දුම් වැටියේ 
      සන්තෝසේ සන්තාපේ ...
      ඔබ නොවෙදෝ ලග හිටියේ දුම් වැටියේ ....

      හද කැලබී ඇති මොහොතේ 
      ඔබ දෙතොලේ රඳවනවා 
      ඒ මොහොතේ ඔබ ඇසුරේ 
      සිත මාගේ සැනසෙනවා ....
      දුම් වැටියේ ....

      අද මිතුරෝ හෙට හතුරෝ 
      දුක් දෙනවා එරෙහි වෙලා 
      ඒවාගේ මතු දවසේ 
      ඔබ එයිදෝ සතුරු වෙලා ...

      දුම් වැටියේ ....

      ගායනය - මේරියන්ස් 

      (https://www.youtube.com/watch?v=Bc2bqa0y8mc)

      Delete
    7. මධු බඳුනයි රතු දෙතොලයි..
      ජීවිතයම මගෙ සතුටු කරයි..
      ආශාවේ පහන් දිලේ...

      -කපුගේ

      හැකිනම් ඉතුරුටික දාපන් මචෝ...

      Delete
    8. බොන්නැත්තං කටපියාගන හිටු

      Delete
    9. ඒ උනාට බං මේක බොන උන් වෙනුවෙන්!! හැක්! හැක්!!

      Delete
  3. දරු සෙනෙහස උතුරා යන ලිපියක්. ඇත්තටම ගැහැණු හිත විනිවිද දකින්න ඔබට ඇති හැකියාවට මම ගරු කරනවා. නැහැ, පියෙකුට වුනත් මෙහෙම සිතිවිලි අකුරු කරන්න පුලුවන්.
    //බිංකුණ්ඩෙක් වගේ ඔයා හරි පුංචියි.// ලස්සනට මැවිල පේනවා.
    කතාව දෝලනය වන අතීත හා වර්තමාන එසේ නැතිනම් වර්තමාන හා අනාගත කාල අතර පොඩි පැටලිලි සහගත බවක් දැක්කා. හැකිනම් ඡේද වෙන්කර එය සකස් කරන්න. ඒක මුලදිත් අගදිත් මම දැක්කා. මේ බලන්න.
    //දූගෙ යාලුව්න්ගෙ අනිත් අම්මලා තාත්තලා වගේ දූගෙ ජීවිතේ මේ වටිනා මොහොත අපි "පාටියක්නම්" කරගත්තෙ නෑ. දෝණිගේ යාලුවන්ගෙ තාත්තලා වගේ මේක බේබදු පාටියක් කරගත්තෙත් නෑ. තාත්තිගෙයි අම්මිගෙයි පවුලෙ සමීපම නෑයො ටික එකතුකරගෙන, මගෙ දෝණි සති ගනන් ඔය පුංචි කාමරේ පෙරේතියක් වගේ හිර නොකරගෙන අපි බොහොම චාමෙට, ඒත් ලස්සනට පිළිවෙලට මේ කටයුත්ත කරන්නයි අපේ මේ ලෑස්තිය. //
    මම වැරදි වෙන්නත් පුලුවන්.
    පේෂලා මෙන්ඩිස් කීවාම එක්වරම මතකයට එන ගීතය තමා “මිදුලේ වැලි මාලිගාවෙ“.

    ඔබ මගේ පැලේ, මම ඔබේ පැලේ. :ඩී

    ReplyDelete
    Replies
    1. මාධවියේ මෙහෙමයි, මට කියන්න ඕනි උනේ, මේ අම්ම මේ ක්තාව ලියන්නෙ දූව ඉපදුනු දවස්වලම. ඒ දූ ලොකු ලමයෙක් වෙන දවසට එයාට මේක කියවන්න දෙන්න. ඉතින් ඒ දූ ඉපදුන දවසෙම ඒ අම්මයි තාත්තයි සිහිනයක් දකිනවා. ඒ ලොකු ලමයෙක් වෙන දවසට අපි මෙහෙම මෙහෙම කරමු කියලා. ඒ විදියට ප්ලෑන් කරනවා. ඉතින් ඒ දෙන්නට ලොකු විස්වාසයක් තියෙනවා ඒ දේවල් ඒ විදියටම අනාගතේ වෙනව කියන එක ගැන. ඉතින් ඒකයි ඒ දෙන්න බය නැතිව කලින්ම එහෙම ලියන්නෙ. ඉතින් ඒ වර්ථමාන දවසෙ දුව මේක කියවනකොට ඒ අතීතෙ දවසක සැලසුම් කල විදියටම ඒ දේවල් වෙනවා. ඒක හරි මිහිරියි. ඒකයි මට කියන්න ඕනි උනේ. ඒත් මං ඒක පැහැදිලි කරල තියෙනවා සාර්ථක මදි වගේ. ඒක වඩාත් නිරවුල් වෙලා නෑ. ඒකයි මේ පැටලිලි සහගත ස්වභාවය. අපි ඉදිරියේදි හදාගමු මේ දේවල් තව තවත්.

      මධුමාධවියේ ගොඩක්ම ස්තූතියි.. මේ වචන තමයි ඉදිරි ගමනට තියෙන ඉන්ධන.

      Delete
    2. පළවෙනි ඡේදයේ පොඩි වෙනසක් කලා මචෝ, අපේ සිංදු ඇනෝත් කිව්ව විදියට.

      Delete
    3. ලොකු ප්‍රශ්නයක් නෑ. මම කැමතියි සංවේදී චිත්‍රපටයක් බලද්දි වුනත් මේක සත්‍ය සිද්ධියක් විදිහට ඒ අවස්ථාවට සමවැදිලා බලන්න. මේවා රස විඳින්නෙත් එහෙමයි. ඉතින් මේක නිර්මාණය වුණු දෙයක් පමණක් යන හැඟීම හිතට එන තැන් නිසා රසයට බාධාවෙයි කියලා කිව්වෙ. අත්දැකීමක් අවංකව විස්තර කරන කොට බලන්න, පුදුම තරම් සාර්ථක වෙනවා(අරලිය ලන්දට වගේ). කොහොමත් ඔබ සහ අර කවුද කියලා තිබුණා වගේ ඉවානුත් ලියන දේවල් කියවද්දි අපට හිතෙන්නේ මේ සත්‍ය සිදුවීම් කියලාමයි.

      Delete
    4. ඒක මහඟු අගය කිරීමක් මාධවී. ඇත්තෙන්ම ඒක ඉදිරි නිර්මාණ වලට ශක්තියක්. ඔබෙන් ලැබෙන මේ හෘදයාංගම උපදෙස්, විවේචන, අගය කිරීම් මට පෙරමඟ තරුවෙක්. ඔබට බෙහෙවින්ම ස්තූතියි..

      Delete
  4. Replies
    1. එහෙනම් එච්චරයි මචෝ.. මට අතීතයේ උඹේ වදන් නිතර ඇහෙනවා. ලියන හැම මොහොතකම. මතකද, දවසකුත් උපුටලා දැම්මේ..

      Delete
    2. මේ මොන භාෂාවද අනේ......?

      Delete
    3. ඔය අපේ දේශකය බීල ඉන්න වෙලාවට ලියන භාශාවනේ නිහිංසා!!

      යේලා!!යේලා!!!

      Delete
    4. දේශකයා බිලා කමෙන්ටු දාන වෙලාවට ඒවා කියවලා තේරැම් ගන්න බෝතලයක් තියපිය.

      Delete
    5. මයික්‍රෝසොෆ්ට් ඔෆීස් කියන බ්‍රෑන්ඩ් එක ගහල බලහං, සිංහල ෆොන්ට් සැන්ටියකුත් එක්ක.

      Delete
    6. බෝතලේ ගහන්න බයිටුත් තියපිය.

      Delete
    7. ෂ ාද එයැ සබඩැරිසදබ

      Delete
    8. අඩේ ඒක පට්ට භාශාවනේ.. මනෝශයා කියපු විදියට ගහල බැලුවා.. වදිනවා නකසෝනි වෙන්නම.. මාත් ට්‍රයි එකක් දෙන්නෝනෙ ඒ හරි පාරෙ යන්න.. හිකිස්

      Delete
    9. @නිමෝ,

      සිරාවටම බයිට් එකට හොඳ එකක් මතක් කරහංකො.

      Delete
    10. එහෙම නෙවෙයි කියන්නෙ විසිටරයෝ, මෙන්න මෙහෙම,

      ඕx ය්‍රස්'' WU ක්ශු උඩ්‍ර.ෆ්හ හ්කෆ්ක''

      Delete
    11. අනේ අම්මෝ කල්‍යාණ, වඳින්නම්, මේ තියෙන විදිය හොඳයි. මේක නිකං සෙල් ලිපියක් වගේ වෙයි හැම එකාම මෙහෙම දාන්න ගියොත් එහෙම. යේලා! යේලා!!

      Delete
    12. හැබෑට කොහෙද අපේ වනචර ඌරා , සොරි සොරි වනචර ඌරා නෙවෙයි අපේ ප්‍රියා ......
      පත්තරයා ගන්න ඕනා දැන් බයිට් එකට ..යකෝ වයිෆ් සතියයි ළඟ හිටියේ මතක නැ ...ඕකා ලංකාවට අවම බොලොග් පැත්තම අමතක කරයි ....
      පව් ලුෂා බිසිලු ... හැක්

      Delete
    13. උඹට කියන්න මචෝ, ප්‍රියා රෙස්ට් කොරනවලු. බලහංකො. පෝස්ට් දාන්න කම්මැලියි කියමුකො, දැන් ඒකා කියවන්නත් හොරවෙලා.

      පත්තරයද, අම්මප ඕකයි, උගේ පත්තර නංගියි, මතක් වෙනකොට මට එන කේන්චියක්!

      Delete
    14. ඒ මොකක්ද මනෝෂයෝ ඒ?
      මං කීවේ I do the inversion

      Delete
    15. යේලා! යේලා!!

      Mi-Pethum කියන ෆොන්ට් එකෙන් ට්‍රයි කලානම් හරි මචෝ.

      දේශක කියන්නෙ මෙන්න මෙහෙම දෙයක් බං.

      "දැන් හරි, උඹ නියම මාර්ගෙ යන්නේ"

      Delete
    16. බයිට් එකට සෙක්සි පෝක්... සෙක්සි පෝක්...!! වල් උරා...!!
      පත්තරයා හොයාගන්නත් නෑ බං, ඉවාන් නං බොරු බිසී කිය කිය ඉන්නේ. හැක්.....!!!

      Delete
    17. අනේ මේ කියන තැනකට වදින්නම්. තේරෙන සිංහලෙන් කතාකරහල්ලා....

      Delete
    18. ඇත්තට මචෝ, පත්තරය වයිෆ් ළඟට හරි වයිෆ් පත්තරය ළඟට හරි ඉස්තීරෙටම ඉන්න ආව දවසට ඌට අපිව අමතකවෙලාම යයි නේද බං.

      අනිච්චාවත සංඛාරා!!

      ඒක තමයි බං මාත් කීවෙ, දන්න සිංහලේම හොඳයි කියල.

      Delete
    19. දැන් සිගරට් නැද්ද? එහනම් මම තරහයි

      Delete
    20. upka,d" fyg uu kqjr hkjd" tkak fjkafka ,nk ioqod' t;klka naf,d.a j,g f.dvfjkak fjkakE''' (ug ysf;k jsoshg kqjrg;a isgk,a kE''' yela yala'')
      ug nh maka ke;s gsflla WU, fudkj lr.kSo lsh,d''

      yrs mrsiaiuska hsgm,a,d''''

      ch fja jd !!!


      Delete
    21. අපේ ආතාගෙ වෑල් බ්ලොක් උනාමත් ඕං ඔහොම බාසාවක් කතා කරනවා !! ඕ යේස් …

      මායි ගෑණියි තංතෝසෙං හිටියට තොපි ඊරිසියයි

      තූ නොදකිං අවලං හැතිකරේ !!!!

      Delete
    22. ඒකනේ මචං මමයි මගේ ගෑනු තුන්දෙනයි සතුටින් ඉන්නවට අපේත් වටේ පිටේ එවුන් ඉරසියයි..

      Delete
    23. @මෙන්ඩියා..

      තියෙනවා තියෙනවා.. උඹ දුම් පප්පෙක් වෙලානේ.

      Delete
    24. \\upka,d" fyg uu kqjr hkjd" tkak fjkafka ,nk ioqod' t;klka naf,d.a j,g f.dvfjkak fjkakE''' (ug ysf;k jsoshg kqjrg;a isgk,a kE''' yela yala'')
      ug nh maka ke;s gsflla WU, fudkj lr.kSo lsh,d''

      yrs mrsiaiuska hsgm,a,d''''

      ch fja jd !!!//

      විදානයා නුවර යනවැයි කියන්නේ. නිට්ටඹුවට වගේ ඒ යන නුවරත් සිග්නල් නෑලු. මං හිතන්නෙ මහ නුවර නෙවෙයිද කොහෙද.

      ඌ නැති ටිකේ අපි කෙලවගනීලු. පරිස්සමින් ඉන්නලු.

      Delete
    25. අහා!! මේං බාන්ඩෙ ඇවිත්. වෙල්කම් බැක් පත්තරයෝ..

      පල පල දුවල ගිහින් නාගෙනම වර!!!!

      Delete
    26. මෙන්ඩියෝ...එක සඳූ, දෙක අම්ම කියමු, මං හිතන්නෙ තුන නැන්දම්මා වෙන්න ඕනි.

      මං හරි නේද? වැරදි වෙන්න විදියක් නෑ, සිගරට් බිව්වට උඹ හොඳ එකා නොවෑ..

      Delete
  5. ඔයා කොලේ වහල සිද්ධිය ලස්සනට ලියල තියනවා....... මනොෂ්....... මටත් මාව මතක් උනා....

    ReplyDelete
    Replies
    1. දුවෙක් විදියටද...මවක් විදියටද...?

      බොහොම ස්තූතියි නිහිංසා..

      Delete
    2. දුවෙක් විදියට..... තාම මවක් උනේ නැ...

      Delete
    3. ඒ අත්දැකීම් දෙකම ඔයගොල්ලන්න්ට විඳගන්න පුලුවන්..

      Delete
  6. එක්කෝ ගල් යුගයේ මවකගේ සෙල් ලිපියක්. නැත්නම් අකුරු දන්න වැදි මවකගේ ලියුමක්..

    ReplyDelete
    Replies
    1. මට උඹව තේරුම්ගන්න හරි අමාරුයි අයියණ්ඩී..

      Delete
    2. කවුරු ලිව්වත් ... මේක ලියල තියෙන්නේ ප්‍රේමකීර්ති ද , අල්විස් මහත්තයනේ....... ගැනු කෙනෙක් නෙමෙයි මාතලන් අයියේ.....

      මොකද්ද මේ පදමාලාවේ තියන ගතානුගතික බව...... මේක හොද නිර්මාණයක්........
      වැද්දොත්....... හොද ගී පද නිර්මාණය කලානේ......මාතලන් අයියේ.....

      Delete
    3. අනේ මංද නිහිංසා, මටත් ඒකමයි ප්‍රශ්නේ.

      Delete
    4. මම කතා කලේ ප්‍රේමකීරිතිගේ සිංදුව ගැන නෙමෙයි.. ඒ මනුස්සයා හිටියේ මීට අවුරුදු 30 කට විතර කලින් නේ. මම කතා කලේ සඳුමල්ගේ ලියුම ගැන.. මම හිතන්නේ නෑ අද අම්මලා ඔය වගේ කතා කියනවා කියලා..

      අනික ඉතින් උඹලා කොහෙද මාව තේරුම් ගන්නේ.. අපේ අම්මටත් බැරි කොට...

      Delete
    5. \\මම කතා කලේ ප්‍රේමකීරිතිගේ සිංදුව ගැන නෙමෙයි.//

      නමුත් අයිය මම කතාකලේ ප්‍රේමකීර්තිගේ සිංදුව ගැන.

      අනිත් අතට මෙහෙම නෙවෙයිද අම්මලා හිතන්න ඕනි? මේ ආදරේ අයිති අතීතෙට විතරමද? ඇයි ඒක වර්ථමානෙට ගෙනාවොත් නරකද?

      Delete
    6. ඔයා ගැන නම් හිතාගන්න මට හිතාගන්න බැහැ මාතලන් අයියේ, වැදි අම්ම කෙනෙක් මේක ලිව්ව කියමුකො. ඇගේ ආදරණීය හැගීම් මේ තරම්ම හැල්ලුවට ලක්කරන්නෙ ඔයා කොහෝමඩ?තමන්ගෙ ආදරනීය දෝණිව කෙළිසෙල්ලම්බඩු කරන අම්මලා අතරේ මේ වගේ උතුම් අම්මලා ඉන්නව.ඒක වර්තමානෙ,අතීතෙ,අනාගතේ කියල වෙනසක් නැහැ.

      Delete
    7. \\තමන්ගෙ ආදරනීය දෝණිව කෙළිසෙල්ලම්බඩු කරන අම්මලා අතරේ මේ වගේ උතුම් අම්මලා ඉන්නව.ඒක වර්තමානෙ,අතීතෙ,අනාගතේ කියල වෙනසක් නැහැ.//

      ඒක අපි හැමෝම තේරුම්ගන්න ඕනි දෙයක්. එහෙම නොවී අපි නෙගටිව් උනොත් මේ රට තවත් පිරිහෙනවා.

      Delete
    8. අද කෙල්ලන්ට කියලා දෙන්න ඕන මේවා නෙමෙයි ළෝකය දිනන හැටි. මේ මොනවද මේ. මේ වගේ දේවල් වලින් පෙන්වන්නේ, සැඟවුන පුරුෂාධිපත්‍ය හා සාම්ප්‍රධායික හනමිටි අදහස් පමණයි.

      Delete
    9. ///////අද කෙල්ලන්ට කියලා දෙන්න ඕන මේවා නෙමෙයි ළෝකය දිනන හැටි. මේ මොනවද මේ. මේ වගේ දේවල් වලින් පෙන්වන්නේ, සැඟවුන පුරුෂාධිපත්‍ය හා සාම්ප්‍රධායික හනමිටි අදහස් පමණයි.///////////

      මේ ගැන මාතලන් හා එකඟයි. මනෝෂ්ගේ මීට පෙර ලිපියට මම තවත් අදහසක් දැම්මා කියවා බලන්න.

      අපි ලෝකයත් එක්ක ඉදිරියට යනවාද.....නැත්නම් ඉදිරියට යන එවුනුත් ඇදගෙන ආපහු පස්සට යනවාද කියන එකයි වැදගත්. මම කතාකරන්නේ ගීතය ගැන නෙමේ ,,,අපේ චින්තනය ගැන.

      Delete
    10. චින්තනය අනුව .... කැම්පස් ළමුන්ට .....ලොක්කා දුන්න නායකත්ව පුහුණුවට ඇයි....... බොහෝ අය අකමැති.....? එතනදිත් අපේ බුද්ධිමත් අය ගියේ ආපස්සට නේද....? අරූ අයියේ....... වාසියට අපේ ඇය ආපස්සට යනවා නේද.....? හණමිටි යුගයට.....
      ඔන්න දැන් රජයේ සේවකයින්ට නුවරඑළියේ අශ්වයෝ පදින්නත් පුරුදු කරනවා කිව්ව. අපේ ලොක්කා.

      Delete
    11. මෙහි ගැබ්ව ඇති පුරුශාදිපත්‍ය කාරනය කුමක්දැයි නොවැටහේ. මෙය ගීයකට අදාල සන්වේදනාවක් බව මතකයට නගාගන්න. කෙල්ලෙක්ට ලෝකෙ දිනන්න කොහොමත් පුලුවන්.ඇය දැනගන්නට ඕන ඒ ගමනෙදි පරිස්සම්වෙන්න ඕන අවස්තා.එහි මූලික ගුරුවරය ඇගේ මව. ඒ ගැන මුල්ම පාඩම ඇයට ආදරෙන් කියාදීම බොලද දෙයක් ලෙස ඔබට දැනුනත්, තාමත් දුවක් වන මට එය මහමෙරක්.

      Delete
    12. ඔව් ඉතින් සමාජය ගැන ළෝකය ගැන මෙළෝ දෙයක් නොදන්න. පැරණි රසංග විඳින දුවෙකුට මේවා මහා දේවල් වෙන්න ඇති. මේකේ තියෙන පුරුෂාධිපත්‍ය නොතේරෙන්නේ ඒකයි. මොකෝ මේක ලියලා තියෙන්නේ සඳුමල්ගේ අම්මා නෙමෙයි නේ. සඳුමල්. සඳුමල් කියන්නේ, පිරිමියෙක්. මම දන්න තරමින්.

      Delete
    13. හැව්ලොක් සිටි එකේ ඉන්න අම්මත් බින්තැන්නේ ඉන්න අම්මත් අම්මලාම තමයි. නිර්මාණයක් හැව්ලොක් සිටි එකේ ඉන්න අම්මාවම ඉලක්ක කල යුතුද? මෙවැනි අදහස් ඇති මව්වරුන් අප්‍රමාණව ඉන්නවා. ඉස්සරෝම ලැබෙන දරු පැටියාට මේ ලිපියේ කියවුණු ආකාරයේ උතුරා යන ආදරයක් අකුරු කර තැබීමේ වරදකුත් නැහැ. සඳුමල් කලේ නිර්මාණයක්. ඔහු කතාව ගොඩනගන්නේ ගීතය වටා බව ඉතාම පැහැදිලියි ගීතයේම පද යොදාගන්නා නිසා.
      නිර්මාණයේ යම් අභව්‍ය තැනක් ඇත්නම් එය ලෙස මා දකින්නේ අලුත උපදින දියණිය මල්වර වන දිනයම කේන්ද්‍රෙකාට ඒ ගැනම විස්තර කරමින් ලිපියක් ලිවීම කෙතරම් ප්‍රායෝගිකද යන්නයි. එය නිර්මාණයේ අර්ථ රසය විඳීමට පමණයි බාධාවක් වන්නේ.
      මව් සෙනෙහස ප්‍රකාශයට නැගීම සහ සමාජයට විවෘත වීමේදී එන අභියෝග ගැන සඳහන් කිරීමේ කිසිම අසාමාන්‍ය බවක් මා නම් දකින්නේ නැත.

      Delete
    14. @ මාතලන්,

      එසේනම් ඔබේ දෘෂ්ඨියට අනුව ඩිජිටල් යුගයේ මවු කෙනෙක් දුවට මේ දවසෙදි දෙන්න ඕනි උපදෙස් මෙතන සටහන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

      Delete
    15. @අරූ

      පෙර අදහසට මමද පිළිතුරු ලබා දුන්නා.

      ලෝකය පසු පසට නැවත ගමන් කරවීම හොඳ නෑ තමයි. ඒත් පස්සට යන්නනම් ඉස්සරහට ඇවිත් තියෙන්න එපැයි. ඉදිරියට යෑම යනු කාලය ගතවීම පමණක් නොවන බව වටහාගන්න. ඔය කියන ඉදිරියට යාම තුල මිනිසාගෙ ආධ්‍යාත්මික සංවර්ඡනය කෙතරම් ඉදිරියට ගිහින් තියෙනවාද?

      Delete
    16. @නිහිංසා..

      කතාකරල වැඩක් නෑ ඒව ගැනනම්. වාසියට, අවස්ථාවට මිනිස්සු කබරගොයි තලගොයි කරගන්නවා ඇස් පනාපිට අපි දකිනවා නිහිංසා. ඔබේ අදහස් මා ඉතා අගයනවා. මේ සංවාදයට තවත් කාන්තා පාර්ශව එකතු උනානම් හොඳයි. මොකද කාන්තා අයිතිවාසිකම් පවා අද තලගොයා කරගන්න පිරිසක් ඉන්න නිසා.

      Delete
    17. පියසටහන්,

      විකෘති වූ වර්චුවල් ලොවක රඟන්නන් හට මේ දේවල් පැහැදිලි කර දීම අසීරුයි. ඩිජිටල් තිරයෙන් ඔලුව උස්සා ලෝකය දෙස ඇස් දෙකෙන් මනසින් බැලීමට ඔවුන්ට නුවණ පහදා දීමට ඔබ දක්වන මේ උත්සාහයට මගේ ප්‍රණාමය. මේ කාරණ්ය මා පවසන්නේ මගේ පෙම්වතිය ලෙස නොව සහෝදර බ්ලොග් කාරිනියක් ලෙස ඔබව දකිමින්ය.

      Delete
    18. @Mathalan Again,

      \\ඔව් ඉතින් සමාජය ගැන ළෝකය ගැන මෙළෝ දෙයක් නොදන්න//

      මාතලන් වැනි ප්‍රවීණ බ්ලොග් කරුවන්ගෙන් අපි මෙවැනි "මං පොර" ප්‍රකාශ බලාපොරොත්තු නොවන්නෙමු. අරූ අයියා බලනවානම් මේ තියෙන්නෙ අර කලින් පෝස්ට් එකේ ඔයා විදියෙ මං පොර ප්‍රකාශයක්.

      "මා හරි උගතා මා හරි ජගතා
      සිතනා මිනිහා මෝඩයෙකී...."

      අනිත් එක, මාතලන් පවසන පරිදි කාන්තාවකගේ අදහසක්, ඇය ලොවක් දකින විදියක් ලිවිය හැක්කේ කාන්තාවකටම පමණි. ඒසේ බලනවිට මෙතෙක් කල්, ලෝකය පුරා ලියැවුණු කාන්තාවන් ගයන, කාන්තාවකගේ සිතැඟි ප්‍රකාශයට පත්වන, නමුත් පිරිමියෙකු විසින් ලියූ ගී සියල්ල පුරුෂාධිපත්‍යට යටවී යයි. අහෝ විහිළුවකි!!

      Delete
    19. අනේ මාතලන් අයියේ. එහෙම දුවලත් අනන්තවත් ඉන්නවා. ඉන්නෙ මහියන්ගනේ උනාට සමාජෙ ගැන, ලෝකෙ ගැන අවබොදයක් තියෙනවා. ඒ අවබෝදය නිසාම මේවගේ ආදරණීය අම්මකෙනෙක්ගෙ අගය මට තේරෙනවා. මොකද මෙහෙම කියන මම ගැහැනියක්. කවදාහරි අම්මකෙනෙක්. අර කිවුවත් වගේ ලොකුලමයෙක් උන ඒ දවසට දැනෙන හැගීම් පිරිමි උන ඔයාල කොහොම තේරුම්ගන්නද?ඒ කෙනාට තමන්ගෙ බිරිද අම්මකෙනෙක් වෙන දවසට දැනෙන හැගීමත් නොදැනෙන්නඔනි ඔය කියනවිදියට.

      Delete
    20. \\හැව්ලොක් සිටි එකේ ඉන්න අම්මත් බින්තැන්නේ ඉන්න අම්මත් අම්මලාම තමයි.//

      සිහින දකින්නන්, අහසේ පාවෙන්නන් හිතන්නේ මේ රටේ ඉන්නෙ හැව්ලොක් අම්මලා කියල විතරයි මාධවී. රටේ බහුතරයක් ඉන්නෙ මෙහෙම අම්මලා කියල ඔවුන් දන්නෙ නෑ. නිර්මාණයක ගුණ දොස් දැකීම අරමුණ උනානම් මෙහෙම වෙන්නෙ නෑ. මෙතන වෙන්නෙ නිර්මාණය සාකච්ඡා කිරීමක් නොවෙයි. ඔබ, පහල විභීෂණ ප්‍රායෝගිකව නිර්මාණය සාකච්ඡා කොට ඇත.

      මේ බ්ලොග් එක ගී සංවේදනාවන්ට වෙන් වෙච්ච, ගීත ගැන කතාකරන බ්ලොග් එකක් බව කිහිප දෙනෙකුට මතකව ගොස් ඇත. ගීතය තුලින් කතාකරන සමාජ විවරණය පිළිබඳ කතා කිරීම වටිනවා. හරය විය යුත්තේ එයයි. නමුත් එහෙම කියල මට ගීතයට අදාල නොවන වීකෘති අර්ථකතනයක් හෝ, මම, මාතලන්, අරූ, නිහිංසා, පිඅයසටහන්, විදානේ, කුරුටු, මෙන්ඩි, එකී නොකී මෙකී හැම කෙනාගේම අදහස ගීතය තුලින් ඉස්මතු කිරීම කල හැක්කක් නොවේ. මං කතාකරන්නේ, ලියන්නේ, ගීතයේ රාමුවේ සිටයි. ඉන් බාහිර වෙනවා නම් මං ගී තේමා කොට නොගත් වෙනමම සාමාජීය බ්ලොග් එකක් පටන ගත යුතුයි. නමුත් ගීයේ අරුත, මගේ දැක්මට එකන්නග නම් ඒ වෙනුවෙන් මං තර්ක කරනවා පෙනී ඉන්නවා.

      Delete
    21. මෙතන මං පොර වීමේ රෝගයක් මට නම් නෑ. එහෙම අදහසක් ජනිත වෙලා මල පනින්නේ. මම කියපු අදහස මේ තුලින් ඉස්මතු වන නිසා. අනික සඳුමල් මම පොරක් කියලා හිතාගෙන ඉන්න නිසා. එහෙම හිතෙන්නේ තමන් පොරක්ය කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ට. මෙතන තියෙන්නේ මවක් ලියපු දෙයක් නෙමෙයි. 21 වන සියවසේ කොල්ලෙක් ලියපු දෙයක්. ඒකයි දුක. සඳුමල් ජරා කතාවක් කලින් පෝස්ට් එකෙත් මට කියලා තිබුනා. විවේචන බාර ගන්නම් බැරි නම් කොමෙන්ට් නොකර ඉන්නම්. පෞද්ගලිග මඩ ප්‍රහාර වලට මම කැමති නැති නිසා. මටත් ලියනවා නම් මීට වඩා ඔයාව ක්‍රිටිසයිස් කරලා ලියන්න පුළුවන්. ඒත් අපි එහෙම කරන මිනිස්සු නෙමෙයි. මේවලින් පෙන්නන්නේ මහා කරුණා ගුණය පිරි බෝසතුන් වැනි මිනිස්සු කියලා පෙන්නන්න හැදුවට අමුම අමු තිසිසනුන් කියලා. එවා දැන දැන් තමයි ඔප්පු වෙන්නේ. අහලා ඇති නේ මේ ගීතයේ රචකයාත්, මෑතක මිය ගිය ප්‍රවීන පුවත් පත් කාලාවේදියාත්. අපිට මනුස්සකම උගන්වන්න එන මහා ගුවන් විදුලි නිවේදකයොත්, සිංහල ජාහිය නගා සිටවන්න කතා කරන සිල් ගන්න මහා දේශපාළඥයන්ගේත් ඇත්ත ජීවිත මොනවද කියලා.

      මට කියන්න තියෙන්නේ සඳුන්මලුත් එහෙම කෙනෙක් කියලා විතරයි. අපි මඩ කාලා ගුටු කාලා හොඳට පුරුදු මිනිස්සු පුතා. අපි ගොඩ නගන්න යන ළෝකයට කොහොමත් ඔයාලා ගැලපෙන්නේ නෑ. අකමැති නම් කියන්න. මින් පසු කොමෙන්ට් නොකර ඉන්නම්. අපිට බබ්බු නලවන්න බෑ. හොඬ්හ්යි කිව්වාම විතරක් සන්තෝස වෙලා හැඟීම්බර වෙන්න එපා. වැරද්දක් කිව්වාමත් අඩු ගානේ කළබල නොවී මොකක්ද මුන් මේ කියන්න හදන්නේ කියලවත් කල්පනා කරන්න.

      සුභ ගමන්..!!!

      Delete
    22. ඔව් සිරාවටම මාතලන් කියන්නෙ මට පොරක් තමයි. මට විතරක් නෙවෙයි, මේ බ්ලොග් ලෝකෙ ඉන්න හැමෝටම ඔයා පොරක්. ඒක නෑ කියන්න කාටවත්ම බෑ. ඔයා බ්ලොග් ලෝකෙ වෙනුවෙන් කරන සේවය කොතරම්ද කියල ඒ වටිනාකම කොතරම්ද කියල අපි හැමෝටම පේනවා. ඉතින් අයියෙ, ඒ පොරගෙන් මං බලාපොරොත්තු වෙන්නෙත් එහෙම විවේචනයක්. ගැඹුරක් තියෙන විවේචනයක්. මට හොඳ අහන්න ඕනි නෑ. හැම එකටම චෝයි චෝය් ගන්න ඕනිත් නෑ. එහෙම මට වැඩකුත් නෑ. හැමෝම මට මුලදිම එහෙම කිව්ව නම් මං අද මෙතන ඇත්තෙත් නෑ, ඔබේ මතයට එරෙහිව මගේ ම්තය ඉදිරිපත් කිරීම ඔබට හැඟෙනුයේ හැම එකටම චෝයි කියන්න කියා මා ඉල්ලා සිටිනවා යන්න නම් සහ ඔබේ කමෙන්ට් ප්‍රතික්ෂේප කරනවා කියලනම් මින් එහාට ඔබ කුමක් කීවද ඔබේ මතයට හිස නවා එය හරි කියා කරබාගෙන සිටින්නම්.

      විය යුත්තේ හැම දේටම හොඳයි කීම හෝ, කමෙන්ට් නොකර සිටීම නෙවෙයි අයියේ, ඔබේ මතය උපහාසයෙන් තොරව වඩා බුද්ධිමත්ව ඉදිරිපත් කිරීමයි.

      \\අපි ගොඩ නගන්න යන ළෝකයට කොහොමත් ඔයාලා ගැලපෙන්නේ නෑ.//

      ඒ කතාවනම් හරි අයියේ, ඔයාල ඔය හදන්න හදන ලෝකෙ මොකද්ද කියල අපි දන්නවා. ඒ ලෝකෙටනම් අපි හුඟක් බයයි තමයි. ඒ නිසා අපි අපේ ලෝකෙ ඉන්නම්, ඔයාල ඔයාලගේ ලෝකෙ ඉන්න. මොකද එහෙම විවිධත්වයක් නැත්නම් මේ ලෝකෙ ලස්සනකුත් නෑනේ. මේ කියන්නෙ බොක්කෙන්මයඉ. කේන්තියෙන් වත්, හැඟීම වලට වහල් වෙලාවත් නෙවෙයි.

      අයෙම්ත් කියන්නෙ ඔබව මට හුඟක් වටිනවා. ඔබට බෙහෙවින් ගෞරව කරනවා. මාතලන් ගෙන් මං බලාපොරොත්තු වෙන්නෙ මීට වඩා විචාරශීලී විවේචනයක්. එච්චරයි කේස් එක. ගොඩක් තැන් වලදි අපි ගැටුනා. ඒක එතනින් ඉවර උනා. මං හිතනවා මේකත් එහෙම වෙයි කියලා.

      ඉදිරිය දෙස සුබවාදීව බලන් ඉන්නවා.

      Delete
    23. \\සඳුමල් ජරා කතාවක් කලින් පෝස්ට් එකෙත් මට කියලා තිබුනා//

      හිතාමතා කවදාවත් මං දැනුවත්වනම් එහෙම දෙයක් මං ඔයාට කියල නෑ. නමුත් ඔය උඩ කමෙන්ට් එකෙන්නම් මාව තිරිසනෙක්ට උපමා කරලා බොහොම පහත් විදියෙ ජරා කතා ගොඩක් කියල තියෙනවා.

      Delete
    24. එහෙනම් එච්චරයි.. විවේචන කළේ ලියපු දේ මිසක් උඹ නෙමෙයි.. මම කියන්න ඕන දේ පළමු කොමෙන්ට් එකෙන්ම කිව්වා.. ඒ ගැන තව දුරත් විග්‍රහයන් අවශ්‍ය නෑ කියලයි මම හිතන්නේ..

      පොරත්වය ගැන -
      ඕන්න ඔතනයි වැරදුන තැන. මේ දෙසීයක් තුන්සීයක් බලන බ්ලොග් කට්ටක් ලියන නිසා මම පොරක් කියලා කවදාවත් හිතන්නේ නෑ. වෙන කෙනෙක් එහෙම හිතන්න ඕනෙත් නෑ. මගේ ලෝකයේ පොරවල් වෙන්නේ. මොංගෝලියාවේ ගෝත්‍රික ජනයා උනත් නම අහපු ගමන් දන්න පේරුවල කෙනත් දන්න, අයිවරි කෝස්ට් එකේ එකත් දන්න උන් විතරයි. උදාහරණයකට කියනවා නම් මයිකල් ජැක්සන් මට පොරක්. එහෙම නැතිව මහින්ද මහත්තයාවත් මට පොරක් නෙමෙයි. කාලයක් මම වැඩ කරපු සෙලින්කෝ එකේ ඉන්න කාලේ ලලිත් කොතලාවල ඔක්කෝටම පොරක්. ඒත් මම එතන ඉන්න කොටමයි කිව්වේ මෙයා වැඩි කල් යන්නෙ නැතුව නානවා කියලා. එහෙම උන දවසෙ තමයි අනික් උන් පිලිගත්තේ ලලිත් කොතලාවල පොරක් නෙමේය කියලා. ඒ නිසා මම පොරක් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක හිතෙන් අයින් කර ගන්න. මොකෝ විශ්වය කියන්නේ මහා විශාළ තැනක්.

      Delete
    25. ඕක ඉතින් මෙහෙමනේ අයියා, අපි සමූහයක් ඉන්න තැනක ඉස්මතු වෙච්ච එක් විශේෂිත පුද්ගලයෙක් ඉන්න පුලුවන්. ඉතින් ඒ මනුස්සයා එතන පොර. ඒ වගේ කුඩා කුඩා ඒකක වල ඉඳල ඔය පොරත්වය විශ්වීය මට්ටමටම ගමන් කරනවා. ඉතින් අපේ ආකල්ප අදහස් උදහස් එක්ක අපිට එක එක ජාතියේ පොරවල් ඉන්නවා. ඔයාට ඉන්න පොර මට පොරක් නෙවෙයි, ඒ වගේම මගේ පොර ඔයාටත් පොරක් නෙවෙයි. ඕකයි ස්වභාවය. ඉතින් මේ සිංහල බ්ලොග් කලාව කියන සමූහය තුල ඔබ පොරක්. ගතකල කාලයෙන්, කරපු දේවල් වලින්, ලියපු දේවල් වලින්, දුන්නු අතහිතෙන්. ඒක ගැන කිව්වේ. හරි ඒ කතා ඉවරයි.

      \\එහෙනම් එච්චරයි.. විවේචන කළේ ලියපු දේ මිසක් උඹ නෙමෙයි..//

      එහෙනම් එච්චරයි...

      Delete
  7. නියම ලියැවිල්ලක්.................. ටිකක් අැගි හිරිවැටිලාමයි කියෙව්වේ............ හැබැයි මනෝෂ් ගීතය නම් දැන් තමයි හොයා ගෙන අැහුවේ..... අලුත් අලුත් දේවල් අපිට අහන්න සලස්වනවාට බොහොම ස්තූතියි මචං.................

    ReplyDelete
    Replies
    1. ගීතයනම් මටත් අලුත්. අපේ සිංදු ඇනෝ තමයි අහන්න දුන්නේ. ලිවීම ගැනනම් දැන් දැන් මට මං ගැනම සැකයි ගී පවුරේ.

      Delete
    2. ලිවිම ගැන සැකයක් නැ......මනෝෂ්....... මේ ඔයාගේ ආර........ ඒක වෙනස් කර ගන්න එපා. ඔය හොදයි.....

      Delete
    3. //ලිවීම ගැනනම් දැන් දැන් මට මං ගැනම සැකයි ගී පවුරේ.//
      අඩා් පිස්සු කෙලින්න එපා බං. කවුරු වුනත් උඹට අඩුපාඩුවක් පෙන්නලා දෙන්නේ උඹ 99% ක් සාර්ථක නිසා ඉතිරි එකත් හදලා උඹව පරිපූර්ණ පොරක් කරන්න. අඩුපාඩු ගොඩ තියේනං හැම එකාම කියයි “පජාතයි බං...මේ මොනාද මේ බං...පස්සෙ එන්නං බං“ ඔන්න ඔහොම. බොට එකෙක්වත් කියනවද එහෙම. කන්ඩ එපා මගෙං හරිද.

      Delete
    4. නිහිංසා, මේ වෙලාවෙ ඔබ ලොකු ශක්තියක් උනා. බෙහෙවින්ම ස්තූතියි ඔබට.

      Delete
    5. මෙහෙමයි මචෝ, සමහරුන්ට මේ ලිවීම පේන්නෙ වැදි බණක් වගේ. එහෙම පේන්නත් හේතුවක් ඇතිනේ. ඒකයි මං කිව්වෙ මගේ මේ ලිවීම හෝ මගේ අදහස් අසාර්ථක බව දැනෙනවා කියලා.

      Delete
    6. ///සමහරුන්ට මේ ලිවීම පේන්නෙ වැදි බණක් වගේ. එහෙම පේන්නත් හේතුවක් ඇතිනේ. ඒකයි මං කිව්වෙ මගේ මේ ලිවීම හෝ මගේ අදහස් අසාර්ථක බව දැනෙනවා කියලා.//////
      @ මනෝෂ්.....ඔන්න ඕක තමයි ලෙඩේ. බ්ලොග්ස් කියන්නෙම මත ගැටුම්. ඒවා එහෙම තමයි.එවාට අකමැති අය තමයි, කොමෙන්ට්ස් දාන බැරි විදිහට බ්ලොග්ස් පවත්වාගෙන යන්නේ. බ්ලොග්ස් කියන්නෙම මත ගැටුම්. නැත්නම් මොඩරේෂන් දාන්න. ඔය විදිහට හිතන්න එපා. Get up! Stand up!!

      මනෝෂ්ගේ පහුගිය සටහනට මා දැමු අවසාන දීර්ඝ අදහසේ මීට අදාලව කොටසක් මෙතනට ගෙනත් දාන්නම්. යම් අදහසක් ගන්න පුලුවන් කැමැති කෙනෙකුට. නැත්නම් බණින්න වුනත් පුළුවන්.

      /////////මතක තියා ගතයුතු කාරණය වෙන්නේ මේ වෙනකොට බ්ලොග් මාධ්‍ය කියන්නේ හිත මිතුරන් කිහිප දෙනෙක් එක්ව නියමයි මචං, පට්ට මචං කියන ආකාරයේ පිට කසාගන්නා බිම් කඩක් නොවන වග. දිනෙන් දින මොහොතින් මොහොත බ්ලොග් මාධ්‍ය පොදු ජනතාව අතර පුරවැසි මාධ්‍ය කලාවක් ලෙස ඉදිරියට ඇදෙමින් තිබෙනවා. මේ ගැන අපි නොදන්නා කතිකාවතක් තියෙනවා. ඒ නිසා තමයි වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්, බ්ලොග් කරුවන් දෙස විමසිල්ලෙන් ඉන්නේ. වෙබ් අඩවිතුලට බ්ලොග් අඩවි ඇතුල්කර ගන්නේ මේ සමාජ සංවාදය අවශ්‍ය නිසයි.

      දැන් මාධ්‍ය ලෝකය තුල සිදුවිය යුත්තේත් මතුපිට අතපත ගෑම නොව . ඒ පෙඳ පාසි තාට්ටුවතුල සැඟවී ඇති දේ මතුපිටට ගෙන ඒමය. කරුමෙට අද නොවන්නේත් එයමය////////////////////////////////

      Delete
    7. අරෑ ඔබ හරි. මෙය සාකච්ඡා මණ්ඩපයක් කර ගැනීමයි අවශ්‍ය. වාද විවාද තුලින් තමා නියම සත්‍යය හෙලිවෙන්නේ. කවුරුත් තමන්ගේ මතය සාධනය කිරීමට උත්සාහ කරනවා. අවසානයේ සැමට පිළිගත හැකි කරුණු සහිතව සත්‍යය මතුවෙනවා. මෙයයි වියයුතු. ඔබ කීවාසේ පාලකයන් මෙන් තමන් කරන සියල්ල එහෙයි කියා පිළිගන්නටනම් සාකච්ඡා අවශයම නැහැ. ලයික් එකක් දැම්මාම ඇති.

      Delete
    8. @අරූ අයියා,

      අන්න ඒක හොඳ කාරණයක්. විය යුත්තේ එයයි. මේක වැදි බණක්, මේක ගල් යුගයේ කතාවක් කියනවට වඩා. එහෙම ඒ පුද්ගලායට හිතෙන්න හේතුව, එතකොට මේ වැදි බණ වර්ථමානයට වෙනස් විය යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයයි. මේ මං දකින විදිය, ඉතින් අනෙක් කෙනා දකින විදිය දකින්න නම් උපහාසාත්මක, අපහාසාත්මක ප්‍රකාශයක් පමණක් ප්‍රමාණවත් නෑ.

      Delete
    9. මාධවී...

      ඔබේ කතාව හරි. නමුත් මෙතන සංවාදයක් ගොඩනැඟිල නෑ. පද රචකයාව, ගායිකාව සහ ඒ ගීය තුලින් මං ලියපු කතාව සහ මගේ අදහස් උපහාසයට ලක් කිරීමක් විතරයි කරල තියෙන්නේ. විපක්ෂෙන් අහන ප්‍රශ්න වලට ආණ්ඩුවෙන් කියන පදනමක් නැති කතා වගේ මේවත්. මං ගලක් පෙන්නුවාම කියනවා නෑ ඒක මැණිකක් කියලා. නමුත් ඒක මැණිකක් වෙන හේතුව කියන්නෙ නෑ.

      Delete
    10. ආවේගශීලිව උපහාසාත්මකව අදහස් දැක්වීම තුලින් බුද්ධිය සැඟවී හැඟීම් වලට ප්‍රමුඛතාව ලැබේ. මේ ක්‍රමයට මමත් කැමති නෑ. නිරිමාණ කිරීම මෙන්ම නිර්මාණ ඇගයීමද බුද්ධියට මුලතැන දී හැඟීම් සඟවා කලයුතුය යන්න නෙවෙයි මගේ අදහස. උපහාසය හා ආවේගය නිසා ඇතිවන්නේ වාද මිස සංවාද නොවේ.
      මාතලන් නවක බ්ලොග් කරුවන්ට දෙන සහයෝගය සහ දිරිගැන්වීම ගැන මගේ ඇත්තේ අප්‍රමාණ ගෞරවයක්. එහෙත් ඔහු තම මතය හා නොගැලපෙන අදහස් ප්‍රතික්ෂේප කිරීමට යොදාගන්නා ආර බොහෝ අයගේ සිත් ගන්නේ නෑ. එතනයි ප්‍රශ්නෙ.
      ලෝකය සමග ඉදිරියට යාම කියන්නේ මසායි/හූටු ගෝත්‍රිකයින් මෙන් එකිනෙකා මරාගනිමින් ගෙවූ කාලය අවසන්ව ශිෂ්ඨාචාරගතව ඉදිරියට යාමයි. ඒ ශිෂ්ඨාචාරගත වීම තුල අදහස් හා ආකල්පද යම් පාලනයකට ලක්විය යුතුයි.

      Delete
    11. ඔබේ අදහස් සමග සම්පූර්නයෙන්ම මමද එකගවෙමි මාධවියේ.

      Delete
    12. මීට පස්සේ සඳුමල් ලියන ඔක්කෝටම ෂා මාරයි, නියමයි, පට්ටයි, හරි ෂෝක්, මේවනේ පෝස්ට් කියලා දාන්නම්කෝ. එතකොට හරි නේ. ඇත්ත බොහොම තිත්තයි. අගයකිරීම් මෙන්ම විවේචනයන්ද දරාගැනීමට පුරුදු වන්න. නැත්නම් පුරවැසි මාධ්‍යකරණයටවත් එන්න එපා. ඔවුන්ට දේශපාළණය කොහොමත්ම ගැල්පෙන්නේ නෑ.

      Delete
    13. මාධවී කියන කාරණය හරියට තේරුම්ගත්තනම් ඔහොම කතාවක් කියන්නෙ නෑ. හැම එකටම චෝයි කියවගැනීමේ අවශ්‍යතාවයක් මට කොහෙත්ම නෑ. විවේචනයන් දරාගන්න අපිට පුලුවන්. නමුත් විවේචනය කියන වචනෙ තේරුමවත් දන්නෙ නැති මනුස්සයෙක් කරන උපහාසයන් දරාගන්න ටිකක් අමාරුයි.

      Delete
    14. මාතලන්, ඔබ නොදන්නවාට ඔබේ 600 ක් පමණ වන ලිපි සේරම වගේ කියවපු කෙනෙක් මම. එ් ඔබගේ මුල්ම ලිපිය දාපු දවසෙ ඉඳලා නෙමෙයි. එහෙම හොය හොයා කියවන්න ලේඛකයා කෙරේ යම් ගෞරවයක් තියෙන්න ඕනි නේද? කමෙන්ට් නොදැම්මේ කියවීම පමණක් කල නිසා. කමෙන්ට් දාන්න ගත්තෙත් මෑතදි බ්ලොගය පටන් ගත් පසු. අදටත් කමෙන්ට් නොදමන කියවන ලිපි තියෙනවා.
      ඔබ අප්‍රසාදයට ලක්වෙනවාටයි අපේ අකමැත්ත. ඔබ අලුත් අයට මීට වඩා නම්‍යශීලී වෙනවානම් ඔවුන්ට වන සිත් රිදීම් අඩුවෙයි. එපමණයි.
      එන්න එපානම් මාත් යන්නම්. හැමෝටම සුභ ගමන්!

      Delete
    15. \\එන්න එපානම් මාත් යන්නම්//

      කවුද බං දැන් උඹට එන්න එපා කිව්වේ? මගෙන් මොකුත් නාහ ඉඳහං. ඊයෙ හවස බොලාගෙ බ්ලොගේ බොලා මටයි, මං බොලාටයි කීව එක අමතකයිද?

      සංවාද විවාද දැන් ඉවරයි. දැන් කරට අතදාගෙන ඊළඟ පෝස්ට් එකට යමං. විකාර කියවන්නැතිව.

      කරුණාකරල මේකට රිප්ලයි එකකුත් දාපන්, නැත්නම් මං බොට වෙඩි තියනවා.

      Delete
    16. ඕන් ආවා...ඉතින් ගිනි පිඹපියෝ.......

      Delete
    17. ආවනේ, ඒ නිසා ගිනි බිඳින්නෑ..

      Delete
  8. උබේ ලියව්ල්ල නං නියමයි මචං......

    ReplyDelete
    Replies
    1. අහන්නත් සංතෝසයි මචෝ.

      Delete
  9. හෙට අනිද්දා ගෙට වෙන්න ඉන්න දුවෙක් ඉන්න අප්පච්චියෙක් හැටියට මට කියන්න තියෙන්නේ.. බොක්කටම වැදුණු බවයි..

    අහෝ දේශකයා ගෙ බස අණුකරණය කිරීමට ගොස් අමාරුවේ වැටුණු නිසා කෙටියෙන්ම මෙසේ කියා දැමූ වගයි..

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්
      දූ සනහන්නට ගීත ගයනවලු...
      දුවේ එපා ඒ කතා අහන්නට
      මේ නැළවිලි ගී මමයි කියන්නේ...

      රන් තැටියට කිරි පැණි පුරවාගෙන
      හදහාමී දූ බලන්න එනවලු...
      දුවේ එපා ඒ කතා අහන්නට...
      හඳහාමී කෙලෙසද මෙහි එන්නේ

      කිරි මුට්ටිය නුඹෙ ඟගේ ගියාලූ
      ඟගට උඩින් කිරි කොක්කු ගියාලූ...
      දුවේ එපා ඒ කතා අහන්නට
      මමයි නුඹට ලේ කිරිකර දෙන්නේ...

      දූ අල්ලන්නට හැන්දෑ යාමේ
      මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු...
      ධීර දුවේ මා බිය නොම වන්නේ
      සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ...

      පද රචනය - මහින්ද අල්ගම.
      සංගීතය - නන්දා මාලිනී.

      Delete
    2. අන්න එහෙම අප්පච්චිලාට, අම්මලාට මේ දේ හද පතුලටම දැනෙනවා මචං. ඒ දුවලගේ ජීවිතට එළිය කරන්නෙ එහෙම අප්පච්චිලා.

      ඒකනේ කිව්වෙ, ඒ බස අනුකරණය කරල මාවත් අමාරුවේ එහෙම දානව නෙවෙයි ඔන්න.

      Delete
    3. හැම අම්ම කෙනෙක්ම තමන්ගෙ දූට අසීමිතව ආදරෙයිනෙ මචෝ... මේ ගී පද වැල් හැම එකේම ගලාගෙන යන්නෙ ඒ අසීමිත මවු සෙනෙහස, පිය සෙනෙහස නේද සිංදුවෝ.. ඒත් මේ ඒ දෙකම අපහාසයට ලක්වෙන යුගයක්.

      Delete
    4. @කල්‍යණ මිත්‍ර
      උඔ හොද තාත්තා කෙනෙක් වග දැනුනා

      Delete
    5. උඹත් ඒ වගේම තාත්තකෙනෙක් කියල අපි දන්නවා මචෝ..

      Delete
    6. @ සින්දුවා

      තැන්කූ මචෝ.. පට්ට ලස්සනයි..
      මේකත් ලඟින් යනවා නේද?

      සිනා මල් ගොඩක්.. පාර දෙපැත්තේ..
      නෙලා ගන්න හිතයි දෝතට මල් කෝම වටින්නේ..
      කඳුලු මල් ගොඩක්.. පාර දෙපැත්තේ..
      නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ..
      සිනා මල් ගොඩක්.. නෑ කඳුලු මල් ගොඩක්..

      @ මෙන්ඩා

      බොහෝම ඉස්කෝතුයි.. උඹ හොඳ තාත්තෙක් (හා සැමියෙක්) බව නම් මට කලින්ම දැනිලා තිබ්බා... එළද බ්‍රා..

      @ සඳුමල්

      උඩ සංවාදය මුල ඉඳන්ම කියවගෙන ආවා.. මචං මෙතන අරූ හා මාතේ නියෝජනය කරන්නේ සමාජයේ නිරුවත නැත්නම් අමු ඇත්ත.. ඒක නිසා උන් කියන දේ වැරදියි කියන්න බෑ.. නමුත් මං මෙතන ඉන්නෙ උඹත් එක්ක.. කලාකාරයෙක් හැමතිස්සෙම අමු ඇත්තම හෝ වර්ථමානයම නියෝජනය කලයුතු නෑ.. ඒක ලියන එකාගේ කැමැත්ත.. අනික ප්‍රේමකීර්ති ලියපු දේම නැවත උඹ වචන කලයුතුයි කියල නියමයකුත් නෑ.. ඒ සින්දුව උඹට දැනෙන විදියට ලියනවා එච්චරයි.. මට දැනුනෙ ඇත්තටම උඹ ලියපු එක මිසක් ප්‍රේම් ගෙ සිංදුව නෙවෙයි.. ඉතින් මෙතන අවුලක් නෑ අන්තිමට.. කොමෙන්ට් වලට ප්‍රතිචාර දක්වනකොට ඔයිට වඩා ටිකක් නම්‍යශීලි වෙයන්.. ඒක ලේඛකයෙක් විදියට උඹට හොඳයි.. සංවාද වලින් මිසක් වාද වලින් රසය ප්‍රතිපූරණය කරන්න බෑ..

      ඊලඟ සිංදුව ලියනකොටත් මේ සියල්ල අමතක කරල නිදහසේ උඹේ ආරෙන් ලියපන් මල්ලි.. අන්න එත්කොට උඹ නියම ලේඛකයෙක්.. ජය ශ්‍රී!

      Delete
    7. හැටගනන් වල හණමිටි සමාජ වාදය අදට කොහොමත් ගැලපෙන්නෙ නෑ කල්‍යාණ්. ඒක වෙනම කතාවක්. උඩ සංවාද වල සමාජවාදය පක්ෂව හෝ විපක්ෂව කොතනකවත් මට පෙනුනෙ නෑ. කොහොම උනත් සාධාරණ සමාජයක් සමාජවාදියාටයි, ධනවාදියාටයි, අතරමැදි වාදියාටයි ඔක්කොටොම ඕනි කාලයක්නේ මේක.

      නම්‍යශීලි වෙන්නනම් මාත් කැමතියි මචෝ. ඒත් ඕනිවට වඩා උනාම ඒක තමන්ටම පාරාවළල්ලක් වෙනවා. ඒ නිසා අවශ්‍ය තැනදි වෙඬරු පිඩක් වගේ මෘදු වෙන්නත්, ගලක් වගේ රළු වෙන්නත් සිද්ධවෙනවා.

      කොහොම උනත් ඉදිරි නිර්මාණ වලට ඔබේ මේ දයාබර උපදෙස්, අදහ ගොඩක් වටිනවා මට.

      වාද විවාද දැන් ඉවරයි. මට හරි මහන්සියි අප්පා..

      බොහොම ස්තූතියි අයියණ්ඩියේ..

      Delete
    8. කමියා.......මේ කමෙන්ට් එක මෙතනට දාපු එක ගැන ස්තූතියි!!! විහේෂයෙන් මා ඔබෙන් උපුටාගත්ත කොටස මම අගයකරනවා. මේ පෝස්ට් එකටත් පසුගිය පෝස්ට් එකටත් නැවතත් අදහස් පලකිරීමට උත්සාහ කිරීමෙන් වලකිනවා. අසා සිටි ඔබ සැමට ස්තූතියි:D අපිට ඡන්ද වැඩ ගැන අහන්න කියවන්න බොහෝ දේ තිබෙනවා.

      Delete
    9. උපුටාගත්ත කොටස

      /////////කොමෙන්ට් වලට ප්‍රතිචාර දක්වනකොට ඔයිට වඩා ටිකක් නම්‍යශීලි වෙයන්.. ඒක ලේඛකයෙක් විදියට උඹට හොඳයි.. සංවාද වලින් මිසක් වාද වලින් රසය ප්‍රතිපූරණය කරන්න බෑ.. /////////////

      Delete
    10. ක්තාව නම් සහිතික ඇත්ත. ඒත් ඕක ඔච්චර හොඳට තේරෙණ අරූ අයියලාට ඕකෙම විරුද්ධ පැත්ත නොතේරෙන එකනෙ අරුමේ!!

      Delete
  10. ඉටිකිරිස්! මේ ඉට්ටැයිල් එක වෙනස් කොරනව නෙමෙයි මක්ක වුනත්.
    පුංචි දුවෙක් කියන්නෙ ගෙදරට මිණි පහනක් කියනවනෙ. දුවක් ඉපදුනාම තියෙන සතුට මෙතන ලියා නිමකරන්න බෑ මචෝ. (උඹටත් ඒ වාසනාව ඉක්මනටම ලැබේවා).
    මස්සිනා, මටනම් දූලා රොත්තක් හිටියත් මම කැමතියි. ඒත් කෝ මේ අපේ උන්දැගෙ නෑනෙ කිසි උනංදුවක්!

    ReplyDelete
    Replies
    1. \\ඉටිකිරිස්! මේ ඉට්ටැයිල් එක වෙනස් කොරනව නෙමෙයි මක්ක වුනත්.//

      එහෙම වෙන්නෙ නෑ මචෝ උඹල ඉන්නකල්. මේ ස්ටයිල් එක එහෙම ලේසියෙන් වෙනස් කරන්න බලාගෙන නෙවෙයි පටන් ගත්තෙ, ඒත් බං මං කිව්වෙ උඹට නොපෙනුනාට මං අසාර්ථක බව හැඟෙන අදහස් එක දිගට වැටුණ පහුගිය ටිකේම. ඒකයි එහෙම හිතුනේ. තාමත් හිතෙනවා.

      මටනම් දෙකක් ඇති මචෝ... අක්කයි මල්ලියි.. තව කොච්චර දුර හීනද බං මට මෙව්වා.

      Delete
  11. ඒහ් මාත් ආසයි ඕයි දුවෙකුට... :3
    අම්මප තාම අවු. 19 කොල්ලෙක් වෙලත් මටත් හිතෙන එව්වා..

    උඹ හැමදාම අලුත් අලුත් නිර්මාණ ගේනවා..
    මේ සින්දුවත් අදමයි ඇහුවෙ..

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. \\අම්මප තාම අවු. 19 කොල්ලෙක් වෙලත් මටත් හිතෙන එව්වා.. //

      අම්මප බොල ඒකනම් ඇත්ත. ඒත් බං අපේ රටේ තමයි මේ මඟුල් ඔක්කොම. බැඳල ළමෙක් හදන කාලෙ වෙනකල් ඉගෙන ගන්න වෙලානෙ අපේ සිස්ටම් එකට පිං සිද්ධ වෙන්න.

      ඇගයුමට ස්තූතියි මචෝ..

      Delete
  12. අනර්ගයි!! (මේලක් එව්වා)

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල්

      - ස්තුතියි -

      Delete
    2. මේල් දෙකම කියෙව්වා මචෝ.. උඹට බොහොම පිං. ඒ ටික මෙතනම් කිව්ව නම් මල් මසුරන්.

      Delete
    3. බයිට්එකට වනචර ප්‍රියා හුටා...නෑ නෑ ප්‍රියාගේ වනචර ඌරා

      Delete
    4. ප්‍රියත් නෑ ඌරත් නෑ.

      Delete
    5. ප්‍රියා උනත් කමක්නෑ වල් ඌරෙක් නම්. නැත්ද බොලවු?? :D :D

      Delete
    6. මට උඹට වල් ඌර කිය්ල කියන්න හිතෙන්නෙ නෑ බං!!!

      Delete
  13. තමන්ගේ දුව ගැන මේ විදියට හිතන තාත්තලා ඉන්න එක කොච්චරනම් වටිනා දෙයක් ද... මට එහෙම ලියන්න හිතුනේ පහුගිය සඳුදා උදේ පේරාදෙණිය රෝහලේදී මට මුණගැසුණු එක්තරා නංගි කෙනෙක් ගැන මතක් වෙලා... එයාගේ වයස 19 යි. ලස්සනයි. රෝහලේ ඇඳක් උඩට වෙලා දුක් මුසු ලීලාවෙන් ඔහේ බලන් හිටිය මෙයා ළඟට ගියපු මම (මම වෙද සිසුවෙක් ) මෙයාගේ රෝග විස්තරය අහන්න පටන් ගත්තා. කට ගොන්නක් බීගෙන රැවෙලා ගෙදර එන මෙයාගෙම තාත්තා මෙයාට හැමදාම ගහනවලු. එදා එයාට සිහිය නැතිවෙනකම් ගහල.

    හොඳ වෙලාවට මෙයාට ලොකු අමාරුවක් නෑ...

    මන් තව විස්තර ඇහුව.

    එයාගේ අම්මා රට ලු.

    ඉතින් මේ වාගේ අනාරක්ශිතව ඉන්න හිරිමල් තරුණ වයසේ ගොඩක් ගෑනු ළමයි තමන්ගේම තාත්තා අතින් අනාථ වෙන එක පුදුමයක් නෑ. ( හොඳ වෙලාවට තාම නම් එහෙම වෙලා නෑ ) හැබැයි අනාගතේ දවසක එහෙම වෙන්න බැරි නෑ.

    එහෙම නොවෙන්න පිළියම් හොයන්න ඕනි හන්ද මගේ ගුරුතුමා (විශේෂඥ අධිකරණ වෛද්‍ය ) අදාල තැන් වලට මෙයා ගැන විස්තර ලියල යැව්වා. මෙයාව මනෝ වෛද්‍යවරයෙක් ළඟට යොමු කිරීමත් සිදු කළා...

    ඒත් එහෙම කරා කියල එයාගේ ප්‍රශ්න වලට 100% ක් උත්තර ලැබෙන්නේ නම් නෑ...එයා 100% සුරක්ෂිත වෙන්නෙත් නෑ...

    මේවගේ තවත් තාත්තලා දුවලා මේ ලෝකේ කොච්චරනම් ඇත්ද???

    ReplyDelete
    Replies
    1. මේ වගේ තුරු කතාවලින් දවසින් දවස පුවත් පත් පිටු, රේඩියෝ නාලිකා, රූපවාහිනී නාලිකා, අන්තරජාලය පිරී යනවා. අපේ දෙසවන් පිරී යනවා. එහෙව් ලොවක සමහරු කතාකරනවා මේ ලිවීම තුලින් සම්ප්‍රදායික අතීතයට සමාජය ආපසු හරවන්න මං උත්සාහගන්නවා කියලා. ඒක එහෙමමයි කියල හ්ටිහුවත් කාලයෙන් පමණක් ඉදිරියට ගොස් ඇති සමාජය ආපසු හරවන්න හැබෑවටම පුලුවන්නම් අම්මප මං ඒක කරනවා. මොකද මේ ආයෙත් අපි යන්නේ තිරිහං යුගයට.

      ඔබේ අනාගතයට සුබපතනවා. ළඟදිම ඔබ වෛද්‍යවරයෙක් වෙනවා. නළාවට මිනිස්සුන්ගේ හදවතේ රිද්මය අඳුනගන්න පුලුවන්, මේ පොළොවෙ ජීවත් වෙන ඉසිවර වෙදදුරෙක් වෙන්න ඔබට හැකියාවලැබේවා..

      Delete
    2. කාලයත් එක්ක මිනිස්සුන්ට අමතක වෙලා ගිහිල්ල තියන මේවගේ සිරිත් විරිත් ගැන පොස්ට් එකකින් හරි අනිත් අයට කියන්න හදන ඔබේ වැයම අගය විය යුතුයි. අනිත් අය ලොරි ටෝක් දෙයි. ඒත් උන් ක්‍රියාවෙන් මුකුත්ම කරන්නේ නෑ. අන්තිමට එහෙම උන්ට වෙන්නේ මොකක් හරි උනාට පස්සේ අනේ අපොයි කියන්න විතරයි.

      සුබ පැතුමට ස්තුතියි...

      Delete
    3. ඒකනම් ඇත්ත. අවුලක් නෑ. දෙතුන් දෙනෙකුත් ඉන්න එපැයි ඔහොම හිතන. අපි එයාලට අනුකම්පා කරමු. අපි යන ගමන අපි යමු. ඔවුන්ව බලෙන් ඇදන් යන්න බැහැනේ. දවසක ජීවිතේ ආපසු හැරිල බලද්දි අපි ජීවිතේ විඳල තියෙයි, ඔවුන් ඔවුන් යන මාර්ගයේ ජීවිතය විඳවයිද මංදා, නමුත් ඔවුන්ටත් ජීවිතේ විඳිය හැකිවේවායි පතමු.

      Delete
  14. මනොෂ්..

    උඹේ ලියමන නම් ඉස්තරම්..

    අද කාලේ අම්මල මෙහෙම කියනවද කියල නම් මම හිතන්නේ නැහැ..එත් ඉතින් එහෙම හිතනවද නොහිතනවා ද දන්නේ නැහැ..

    ඒ හින්ද උඹේ ලියමන හරියටම විඳින්න නම් අඩුම ගානේ මීට අවුරුදු දහයකට විස්සකට කලින් අපේ මතක ඒ කාලෙට අපි යන්න ඕන.

    මේ ලියුම කියෝන කොට ආයේ හිතන්න දෙයක් නැහැ ඒ කාලෙට අපිව නිකන්ම යැවෙනවා..එහෙම ගිහින් මේ ලියමන කියෙව්වම පුදුමාකාර හැගීමක් දැනෙන්නේ.

    කලින් පොස්ටුවේ වගේම මේ සැරෙත් මගේ හිතේ තියෙන අදහස හරියටම මෙතන ටයිප් කරගන්න බැහැ..

    එච්චරටම දැනිච්ච සටහනක්...

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරැදියි විබීශණ, මෙවනි මවිවරු අද බොහෝ අල්පවෙන්න පුලුවන්. මෙම නිර්මානයෙත් කියවෙන්නෙ වත්මනේ වඩිවියට පත්වි එම දිනයේ තමන්ගෙ මව තමාවෙනුවෙන් මීට අවුරුදු 12කට 14කට පමන ලිවුව ලියුමක්.අද අනාථ වෙච්ච දාහක් දූවරු මේවගේ අම්මකෙනෙක්ගන හීන්ස්මවනව ඇති.

      Delete
    2. ඇත්තෙන්ම මචෝ..අවුරුදු දහයක් නෙවෙයි, අවුරුදු 30කටත් වඩා අතීත සමාජයේ බිහිවෙච්ච ගීයක් මේක. ඉතින් ගොඩාක් කට්ටිය මේ කතාව වර්ථමානෙට ගලපන්න හදනවා. ඔවුන්ට නොතේරිච්ච දේ තමයි මේ ගීය අතීත පරිසරයක ලියවුන ගීයක් කියන එක කියලා. හැබැයි මේ විදියෙ අම්මලා වර්තමානෙත් ඉන්නවා. ඒත් අල්පයි. පුද්ගලිකව මං කැමතියි හැම අම්ම කෙනෙක්ම මෙහෙම වෙනවනම්. ලෝකෙ කොච්චර ඉදිරියට ගියත් මවු සෙනෙහ්ස පසු පසට යා යුතු නොවන නිසා. අනික බං ඉතින් මේ ලියුම ලියල තියෙන්නෙම ඒ ළමය හම්බුන දවස් වලමනේ. ඒ නිසා ඒ අතීත පරිසරයෙන් තමා ලිඅයවෙලා තියෙන්නෙ, දරුව මේක වර්ථමානෙ කියෙව්වට. හැඹයි ඒ අම්ම සමත් වෙලා තියෙනවා අතීතයේ සිට වර්ථමානය දක්වාම එකම විදියට නොවෙනස්ව ඉන්න. පිරිච්ච ආදරයක් එක්ක.

      බොහොම සංයමයෙන් සංවාදානුකූලව ඔබ ගෙන හැර පෑ මේ අදහස් වලට බොහොම ස්තූතියි මචෝ..

      Delete
    3. ඔබ හරි පියසටහන්. ඒ අඩුව දැනෙන්නෙ එහෙම අම්මෙක්ට, එහෙම දුවෙක්ට. ඔබටත් බෙහෙවින්ම ස්තූතියි..

      Delete
  15. මමනම් ළමයි 10 හදන්න ඉන්නෙ.ගෑණිට වීර මාතා සම්මානෙ අරගන දෙන්න.
    අදමයි මේ සින්දුව ඇහුවෙ.මට මේ අත්දැකීම තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට.මගේ අක්කගේ පොඩි එකී,හම්බෙලා ගෙදරට ගෙනාපු ගමන් අම්ම ඒකිව දුන්නෙ මගේ ඔඩොක්කුවට.එදා ඉදන් ඒකි මගේ පණ.ඒකා ගෙට වුන දවසෙ මම යාපනේ,වැඩ වගේකට ගිහින්.ඔක්කොම දමල ගහල මාත් එකපිම්මෙ ගෙදර ආපු හැටි මට තාමත් මතකයි.ඒ ඇවිල්ල ඒකව බලන්න කමරේට ගිය වෙලාවේ ඒක මාව බදාගන හිටිය.ඒ වෙලාවේ ඒකා ඇඩුවෙ නැති උනාට,ඒකා අපේ ගෙදර ඔකොගෙම ඇස්වලට කඳුලු ගෙනාව. ඒ බැදීම අදටත් එහෙමයි.සමහර වෙලාවල් වලදි මම එයාගේ මාමා නෙමෙයි.හොඳම යාළුවා.උඹේ සින්දුව ගොඩක් හිතට දැනුනෙ ඒ නිසයි.

    හැමදාම වගේ අදත් උඹ එළකිරි. "ජය වේවා

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මචෝ සමහර බැඳීම්. බැඳීම් එක්ක අපි මේ ජීවිතේ පුරුක් නිර්මාණය කරගන්නවා. ඒ පුරුක් වලින් ගැටගහගෙන අපි ජීවිත දම්වැල ඇදගෙන යනවා. එක පුරුකක් හරි ගිලිහුනොත් අපි මෙච්චර වැටෙන්නෙ ඒකයි. ඔබේ සොඳුරු මතකයක්, බැඳීමක් මෙතනට එකතු කරල ලිපියට වටිනාකමක් දුන්නට බොහොම ස්තූතියි...

      Delete
  16. හ්ම්ම්ම් ලොකූ කමෙන්ට් එකක් කොටන්න තරම් හිතට නිදහසක් නැති උනත් උඹට කියන්න තියෙන දේ මම මෙහෙම කියන්නද…………

    මේක කියවත්දි හරියටම හෙටට අවුරුදු දෙක සම්පූර්ණ වෙන මගේ පොඩි එකීගෙ අනාගතේ ගැන මාර හැඟීමක් දැනුනා මචෝ.

    උඹේ ලි‍යමන ඒ තරම්ම හිතට වැදුනා. ඉස්තරම්.

    සිංදුවටත් ස්තූති වේවා. මම නාහපු ගීතයක්.!

    මටත් කියන්න තියෙන්නෙ උඹ කියපු දේමයි……//මගෙ දෝණිට තාත්තියි අම්මියි ගොඅඩාක්ම, ගොඩාක්ම ආදරෙයි.//

    ReplyDelete
    Replies
    1. කොච්චර වැඩ අස්සෙන් උනත් ඇවිත් මෙහෙම අදහසක් එකතුකලාට උඹට අනේක වාරයක් ස්තූතියි මචෝ..

      එහෙනම් ඔන්න කෙල්ලට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනව මචෝ.. එයාගෙ අනාගතේ ගොඩක් සාර්ථකවෙන්න කියල ඉත සිතින් පතනවා.

      අපි හැමෝගෙම ආදරය ගෞරවය සිංදු ඇනෝට හිමිවෙනව මචෝ..

      ස්තූතියි උඹට ආයෙමත්.

      Delete
  17. චැක් වලියක් ගිහින් මං එන්ඩ පරක්කු උනානේ

    ReplyDelete