Pages

Sandumal

Sandumal

Sunday, April 5, 2015

•සොහොයුරේ..

"නුඹේ නාමෙන් තවත් රතු මල්.. දෙරණ සුපිපෙයි දහස් ගනනින්..."
මේඝ ගර්ජනා අසෙනි වැසි වැටුණු
අනන්තවූ අඳුරු රැයක
නිමා නොවන ගන අන්ධකාරය
නිමා කොට නව දිනෙක අරුණැල්
මිහිකතට උදාකර..
නැවුම් දිදුලන නව දිනක් ගැන
සුබ සිහිනදුටු
සොහොයුරේ...
නුඹෙ සිහිනයට බියගෙන
සිහින දුටු සිත
සිහින දුටු නෙත
සිහින දුටු ගත..
දෙතිස් වදයට පමුණුවා
නිහඬ කල මුත් උන්
නුඹේ හඬ..
උන්ගෙ අවියට
උන්ගෙ සවියට
නොහැකි විය නසන්නට
නුඹේ සිහිනය...
රටක් වෙනුවෙන්
හෙටක් වෙනුවෙන්
නුඹ එදා දුටු සොඳුරු සිහිනය
සැබෑ වෙන තුරු
උදා වෙන තුරු..
නුඹේ නාමෙන් තවත්
රතු මල්..
දෙරණ සුපිපෙයි
දහස් ගනනින්...
•44 වැනි අප්‍රේල් විරු සමරුව වෙනුවෙනි...

16 comments:

  1. මේ මාතෘකාව ගැන ඔය තරම් ගැඹුරට යන්න එපා මචෝ. නායකයො බොහෝ පාවාදීම් කරපු පුරාවෘතයක් තමා තියෙන්නෙ. මේ යන ක්‍රමය ඇතුලෙ මේවා ගැන වැඩියෙන් කීවොත් උඹලා නරක මින්ස්සු වෙයි. අනික මේ කියන විප්ලව වලින් උදාවෙන ලෝකය අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වලට ගැලපෙන්නෙ නෑ. ඒ නිසා අසාර්ථකයි. උඹ තවත් ටිකක් මෝරනකොට දැනේවි. තරහකට නෙමේ කීවෙ. උඹලාට තියෙන හිතවත්කම නිසා. මේවා ලංකාවෙ නැවත ඇති නොවෙනවම් තමා අපි කැමති.

    මේ පේනවනෙ, කමෙන්ට්ස් නෑ. මේක තිබුනෙ රෝලෙ මැද වගේ. මගහැරුණා. පොඩ්ඩක් හොයලා බලාපං.

    ReplyDelete
    Replies
    1. නැවත එහෙම යුගයක් උදාවෙනවට කවුරුවත්ම කැමති නෑ මචෝ. නමුත් ‍යහපත් අරමුණක් වෙනුවෙන් ජීවිතය කැපකරපු මිනිස්සු වෙනුවෙන් ස්මරණයක්, සමරු ස්ටහනක් විදියටයි මං මේක ලිව්වෙ. මේ තුන් වෙනි වතාව. අපි හැමෝටම විවිධ දේශපාලන මතයන්, දෘෂ්ඨි තියෙනවා. ඒව විවිධයි. මේ මගේ මතය. ඔවුන් කල දෙය අදට වලංගු නෑ. ඒ හැමදේම කාලයට සාපේක්ෂයි.

      ෆෝන් එකෙන් දාන නිසා දිනේ ලොකු වෙනසක් තියෙනවා. පෝස්ටෙකේ දිනේ පෙන්නන්නෙ සතියකට එහා. ඒ නිසා බ්ලොග් රෝල් වල ගොඩක් මැද තියෙන්නෙ පෝස්ට් එක.

      කමෙන්ට්ස් නම් අවුලක් නෑ බං. මගේ ආත්මතෘප්තියට දැම්ම මිසක් කමෙන්ට්ස් නෑ කියල කිසිම පසුතැවීමක් නෑ. අනික මං මේ මාතෘකාව ගැන කා එක්කවත් තර්ක කරන්න යන්නෙත් නෑ. මේකට එකඟ නැති අය එයාලගෙ මතේ. මං මගේ මතේ. කොච්චර තර්ක කලත් එයාල නිසා මගේ මතයවත්, මං නිසා එයාලගෙ මතයවත් වෙනඩ්වෙන්නෙ නෑ.

      Delete
    2. කමෙන්ට්ස් නැත්තෙ උඹේ මතයෙ අවුලක් හින්දා නෙමේ ඉබ්බො. මේක රෝලෙ පහලට රෝල් වෙලා හින්දා. බලපංකො කමෙන්ට්ස් එන්නැද්ද කියලා මේවට.

      Delete
    3. මට මේ මඟුල එපාවෙලා බං. මොන කරුමෙකටද මංද එහෙම දිනේ ගොඩක් ආපස්සට පෙන්නන්නෙ. හදාගන්න තේරෙන්නෙත් නෑ.

      Delete
  2. අරගලය වෙනුවෙන් දිවි පුදපු මිනිස්සු දැන් තත්වය දන්නවා නං ..........

    ReplyDelete
    Replies
    1. අරගලය සදාකාලික විසඳුමක් නෙවෙයි සජ්ජා. කොයි දේ උනත් කාලානුරූප වෙන්නෝනි.

      Delete
  3. හැමදාම අරගල කලාට අන්තිමේ ලැබුන දෙයක් නෑ.. ජීවිත නැති උන එක විතරයි උනේ.. කාලයක් ගියාට පස්සේ අරගල කරපු නායකයන්ටත් අමතකයි අපි එහෙම ඒව කලාද කියලා..

    ReplyDelete
    Replies
    1. මේ ලෝකෙ කිසිම දෙයක් සදාකාලික නෑ දිනේෂ්. අරගල වලටත් ඒක පොදුයි. ඒක ඒ යුගයට අයිති දෙයක්.

      Delete
  4. පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
    සැමරුම් දින නැති විරුවන් පිරිසක්
    සැතපෙන බව පස් කඳුයට රහසේ
    මිහිකත කම්පා වී ගුගුරා දෙස්දේව්
    පීඩිතභාවය හිස පාගනවිට
    සමාධ් සුවයෙන් නොසිටිය යුතුවග
    කියාදෙමින් ඒ විරුවන් මියැදුනි
    උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි
    මිල මුදලට යස ඉසුරට ලොභබැද
    අවි ගැටුවේ නැත උන් රණබිම්වැද
    භීෂණ දූෂණ රජවූ දෙරණක
    සුභසෙත සලකා මළෝය උන්සැම

    ReplyDelete
    Replies
    1. ඒ තමයි ගැලපෙනම උපහාර ගීය. කලින් වතාවකදි මම ඒ ගීයත් සටහන් කලා.

      ඔබට ස්තූතියි..

      Delete
  5. විරැවන්ට උපහාර පුදන එක හොදයි ඒත් මේ දේශපාලනයට කැමති නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ ජවිපෙ දේශපාලනයටද, නැත්නම් සමස්ථ දේශපාලනයටද බං?

      Delete
  6. පෝස්ට් එකේ ඩේට් එක හදන්න ආපහු පලයන් අප්ඩේට් කරන තැනට.. එතන දකුණු අත පැත්තේ තියෙනව පෝස්ට් සෙටින්ග්ස් කියල එකක්.. එතන පබ්ලිශ්ඩ් ඔන් කියන එක උඩ ක්ලික් කරාම කැලැන්ඩර් එක එනවා.. ඒකෙ හරි දිනේ ක්ලික් කරල ඩන් කරපන්. පෝස්ට් එක ගැන කියවලා කොමෙන්ටෙකක් දාන්නම්. මිස් උනේ කොහොමෙයි කියල බලද්දි මේ අවුල දැක්කේ.

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් ඔය හපන්කම කරන්න බෑනෙ බං. ඒකනේ අවුල. නැත්නම් ඉස්සර මං ලැපෙන් පෝස්ට් දානකොට අනිවාරෙන් ඔය විදියට ශෙඩූල් කරලමයි දාන්නෙ. දැන් ඉතින් ආයෙ ගෙදර යනක්ඩ්ල්ම ඉන්නෝනි.

      Delete
  7. Replies
    1. අයියණ්ඩී මේ ලින්ක් එක මට කලිනුත් දීල තියෙනවා. මං ඒ සිංදු ටික ඩවුන්ලෝඩ් කරගත්‍තා.

      ස්තූතියි අයියණ්ඩී...

      Delete