Pages

Sandumal

Sandumal

Wednesday, April 22, 2015

•බොල්පින් වෑහෙන වේලාවේ

"තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ..."





එකම හඬින් දිය ඇල්ලක් සේ වතුර මලෙන් හිසට වැටෙන ජල කඳට නිදැල්ලේ ගලා යාමට ඉඩදෙමින් මා ඔහේ හිටගෙන උන්නේ සිරුර නහවමින් ගලා යන ජල කඳින් මගේ මහන්සියද සේදී යාමට ඉඩහරිමිනි. සිත්සේ නාගෙන තුවාය දවටාගෙන නාන කාමරයෙන් එලියට එනවාත් සමඟම කාමරයේ දොරට කිසිවෙකු තට්ටු කරන හඬ ඇසුණු හෙයින් හිස ගසා දමමින්ම "කවුද.." යැයි විමසුවෙමි.

"මහත්තයා මං තිලක්.."

පිලිවදන් දුන් සැනින් මම දොර අඩවලේට හරිමින් ඔලුව පමණක් පිටතට දමා එබුනෙමි.

"මහත්තයා භාණ්ඩෙ ගෙනාව. පහල ඉන්නවා එවන්නද?"

මගේඅ අවශ්‍යතාවය දන්නා හෙයින් මා යමක් විමසීමට පෙරම ඔහු එලෙස පැවසීය.

"හා.. එවහං එවහං.. කොහොමද කෑල්ල..?"

"ගින්දර වගේ.. ඔහොම ඉන්නකො පොඩ්ඩක් මං එවන්නම්.."

එලෙස පවසා ඔහු සැනින් නික්ම ගියේය.

කායිකව සහ මානසිකව තරමක් තෙහෙට්ටුවෙන් පසු වූ මා හට සුකුමල දෑතක සියුමැලි පහසක අවශ්‍යතාවය වඩ වඩාත් දැනෙන්නට විය. ඉඳුරන් දමනය කල නොහැකිව කෑ මොර දෙන්නට විය. එනිසාම දොර අගුලු නොදමාම විත් සුසිනිදු සයනයෙහි තුවාය පිටින්ම වාඩිවුනෙමි. ගතවන මිනිත්තුවක් කල්පයක් සේ හැඟෙන්නට විය. සුපුරුදු දින චර්යාවෙහි ගෙවෙන තවත් සුපුරුදු මොහොතක් වුවද ඒ දින චර්යාවේ ඒකාකාරි නොවන එපා නොවන එකම දෙය වූයේ මෙයයි. දැන දැනම වරදෙහි බැඳෙන මිනිස් ආශාවන් කෙතරම් විශ්මයජනකද. නමුදු මේ ඒ පිළිබඳව සිතීමට වෙලාව නොවෙයි.

මිනිත්තු කිහිපයක් ගතවිය. ඉතා සෙමින් තුන් වරක් දොරට තට්ටු කරන හඬක් ඇසිණ. නිම් හිම් ගිය ආශාවන් උතුරා යන්නට විය.

"එන්න.."

පැවසූ සැනින් දොර මදක් විවර විය. මොහොතකට පසු කාමරය තුල වූයේ වයස විසි පහක පමණ යුවතියකි. ඇය ඉතා රූමත් එකියක නොවුන මුත් ඉතා ආකර්ෂණීය එකියක වූයේය. ලාවට තෙත්ව තිබූ තරමක් කෙටි කේෂ කලාපය නිදැල්ලේ කඩා හලාගෙන උන්නේ ඈ වඩාත් නැවුම්ව තබමිනි. දණහිස තෙක් වූ ගවුම තුලින් ඇගේ ප්‍රිපුන් සිරුර වඩාත් කැපී පෙනුනේ මා ඉඳුරන් තව තවත් අවධි කරමිනි. රාගයෙන් මත්ව ගිය මා තවත් මොහොතකට පසු ඇයව අතින් ඇද ඇඳ මත හිඳුවා ගත් බව මතකය.

************************************************************************************************

ජීවිතයේ කලාතුරකින් මිනිසෙකුට ලැබෙන සුමිහිරිතම වෙහෙසකාරී පැය කිහිපයකට පසුව මම ඇගේ සිරුර මත්තෙන් නැඟී සිටියෙමි. තවමත් අඩවන්ව ඇති දෙනෙත් සමඟින් ඇගේ නිරුවත් ළමැද වේගයෙන් උස් පහත් වෙනු මට දක්නට ලැබුනි. නැවත පහත්වී ඇගේ මදක් විවර වූ දෙතොල් මත මගේ දෙතොල තබා මම සෙමෙන් ඇඳෙන් බැසගියේ ඇගෙන් නික්මුනු සියුම් කෙඳිරියක්ද සමඟිනි.

කිලිටි වී ගිය දහදියෙන් පෙඟුනු සිරුරට නැවුම් ජල පහස ලැබ දෙමින් සියලු ඉඳුරන් සන්සුන්ව ඇති තෘප්තිමත් මොහොතක සුවය උපරිමයෙන් විඳිමින් සිත් සේ මම නාගතිමි.

නාන කාමරයෙන් පිටතට පැමිණෙන විට ඇය කෙටි ගවුමක් හැඳ ඇඳෙහි කොනක වාඩිවී සිටියාය. මා දෙස මොහොතක් බැලීමට හිස එස වූ ඈ, මද සිනහවක් මවෙත පා නාන කාමරය දෙසට ඇවිද ගියාය. ඇවිද යන ඇගේ සිරුරෙහි සුන්දරත්වය වීත රාගීව විඳගනිමින් ඈ නානකාමරයට ගොස් දොර වසා ගන්නා තුරු මම ඈ දෙස බලා සිටියෙමි.

කෙටි කලිසමක හැඳ යලිත් ඇඳට ගොඩවූ මම ඈ පිලිබඳ මෙනෙහි කලෙමි. මේ මා ඇසුරු කල පලමු ගණිකාව නොවේ. එමෙන්ම මේ කී වැනි එකියදැයි කීමට තරම් හැකියාවක්ද මට නොමැත. ඩිලිවරි රස්සාව පටන්ගත් දා සිට මම අනන්තවත් ළඳුන්ගේ පහස මෙසේ ලැබ ඇත්තෙමි. නමුදු ඒ සියලු ළඳුන්ට වඩා යම් වෙනසක් ඈ සතුව පවතී. විවිධ වෙසඟනන්ගේ විවිධාකාරවූ පහස ලබා ඇතිමුත් අද මැගෙන් ලබා ගත් සුවය වෙන කිසිදු වෛශ්‍යාවකගෙන් මා ලබා නොමැත. එය හුදෙක් ලිංගික තෘප්තියක්ම නොවන්නේය. එය මේ යැයි කියා මට විස්තර කල නොහැකිමුත්, විවාහකයෙකු තම දයාබර බිරිඳගෙන් හෝ, පෙම්වතෙක් තම සෙනෙහෙවන්තියගෙන් හෝ ලබන, විඳින සිරියහනේ සුන්දරත්වය මෙය වීමට හැකි යැයි මට සිතේ. මැය කාගේ හෝ බිරිඳක්ද, පෙම් වතියක්ද යන්න මම නොදනිමි. ඇය කාගේ කවුරුද කොහේ සිට පැමිනිණියාද යන්න මා නොදන්නා මුත් ඈ මට නිකම්ම නිකම් ගණිකාවක් ලෙස නොහැඟෙන බව පමණක් මසිතට හැඟෙයි.

නාන කාමරයේ සිට සුදු පොරෝනයකින් සිරුර වසාගෙන පැමිණි ඈ, මා සිටි යහනට අනාරාධිතවම පැමිණියේ මංගල මධුසමයේ මනාලියක විලසිනි. තවත් සුන්දර නිමේෂයන් රැසක උරුමය මවෙත පවරගනිමින් බොහෝ වේලාවක් ඈ සමඟ ආලිංගනයේ යෙදුන මා පාන්දර එකට පමණ ඈ තුරුලෙහිම නිදි දෙව් දුව වැළඳ ගතිමි. පෙම්වතියක් සේ, බිරිඳක් සේ ආදරයෙන් ගණිකාවක් බදාගෙන මා මේ නිදාගන්නා ලද්දේ ජීවිතයේ පළමුවෙනි වතාවටයි. අන් හැම දිනෙකම අරමුණ සඵල වී කර්තව්‍ය නිමාවූ පසු යහනේ තාවකාලික සහකාරිය දෙස පිලිකුලෙන් බලා අනෙක් පස හැරී නිදාගන්නා මෙමා, අද මෙම ආගන්තුක යුවතිය තුරුලු කරගෙනම නින්දට වැටීම පිළිබඳව මම මා ගැනම මවිත වුනෙමි. නමුදු ඇගේ සෞන්දර්‍ය, ඇගෙන් මා ලැබූ අපමණ සුවය, වේසඟනකට එහා ගිය ඈ තුල වූ ප්‍රේමාන්විතබව මේ රැයෙහි මා තාවකාලික පෙම්වතෙකු බවට පත්කර ඇති බව තේරුම්ගතිමි.

************************************************************************************************

මා අවධිවන විට උදෑසන හය පසුවී තිබින. පසුගිය රැයෙහි මා සමඟ වෙහෙස වූ සුන්දරාවිය තවමත් මා පපුතුරෙහු හිස තබාගෙන නිදි සුව විඳිමින් සිටී. ජනෙල් වීදුරුවට එපිටින් හිමිදිරි වැහි පොදක් වැටෙනු නැඟෙන ලා හිරු රැස් මැදිනි මම දුටුවෙමි. අලුත විවාපත් යුවලකටනම් මේ කදිම උදෑසනක් වනු ඇත. ඔවුන් ඔවුනොවුන්ට තව තවත් තුරුලු වී හිඳිනු ඇත. එහෙත් මම එවන් පෙම්බරෙකු හෝ මැය එවන් පෙම්වතියක නොවේ. ඈ හුදෙක් ඇගේ රාජකාරිය ඉටුකරයි, මම ඇගේ සේවාදායකයා වෙමි. ගනුදෙනුව එතනින් හමාර වේ. නමුත් එය එසේ සිදුවිය හැකිද, අතිශය සියුම් මානවීය හැඟීම එලෙස විකිණීමට හෝ මිලට ගැනීමට හැකිද. මම වේගයෙන් හිස දෙපසට ගසා ගතිමි. කවදාවත් නොමැතිව මා මේ සිතන්නේ මොනවාද. අන් දිනයකනම් මේ වනවිටත් මා සමඟ යහන් ගතවූ ගැහැණිය මේ වනවිටත් නික්ම ගොසිනි. මා පෙර දින රාත්‍රිය අමතක කොට අලුත් දිනය හඹා යාමට කඩිමුඩියේ සූදානමිනි. නමුත් අද මා ආගන්තුක ගැහැණියක් ලයෙහි හොවා ගෙන හිමිදිරි පාන්දරක යහනකට වී මේ සිතන්නේ මොනවාද.

නිරායාසයෙන් මම ඇය දෙස බැලීමි. ඇගේ මුහුණෙහි වෛශ්‍යාවකගේ පෙනුමක් කිසිසේත්ම නැත. සියුම් මදහසක් වන් සුන්දර වතකින් ඈ නිදා සිටී. ඇගේ සිරුර හුස්ම ගන්නා තාලයට සෙමින් උස් පහත් වෙයි. ඇය මලක් මෙන් පියකරුය. ඒත් ඒ පියකරු බව ට අයිතිකාරයෙකු නොමැත. මමද මල් වත්තට පැමිණි අමුත්තෙකු පමණි. කෙතරම් ලස්සන වුවද නෙලාගැනීමට නොකැමති වන මල්ද මෙලෙස පිපී හිනැහෙයි. සැවොම ඒ මල්වල සුවඳ ඉඹ, රොන් උරා නෙලා නොගෙනම නික්ම යති. මල්ද ඒ බමරුන් වෙනුවෙන් පෙති විදා පිපී හිනැහෙයි. එනිසා මා දැන් මල අතැර යා යුතුවෙයි.

නමුදු ඇය අවදි කිරීමට මහා ලෝබකමකින් මසිතට පෙලෙයි. එනිසාම ඉතාම සෙමින් මා බඳවටා එතී තිබූ ඇගේ සුරත ඉවත් කොට ඈ හිස සෙමෙන් කොට්ටය මත තබා මම ඇඳෙන් නැඟිට්ටෙමි. තරමක් සුසුමක් හෙලා හිස තව තවත් හරිබරි ගස්සාගෙන ඈ යළිත් නිදනු මම දුටුවෙමි. හනිකට නානකාමරයට වැද මුහුණකට දොවාගත් මම හැඳ පැලද ගතිමි. අද දවස තුල මා බොහෝ දුර යා යුතුය. ආවරණය කල යුතු ප්‍රදේශය බොහෝ විශාල විය. එනිසා කඩිමුඩියෙන් හැඳ පැලඳගත් මා නික්ම යන්නට මොහොතකට පෙර සයනය මත වූ සොඳුරු මුවැත්තිය දෙස යළිත් වරක් බැලීමි. ඈ තවමත් සුව නින්දකය. හදිසියේ හිතට ආ හැඟීමකට අනුව සාක්කුවෙහි හූ පෑන සුරතට ගත් මම කොල කැබැල්ලක මෙලෙස සටහනක් තැබීමි.

'මම යනවා. ඔයා ඇහෙරවන්න ලෝබ හිතුන මට. මේ කඩදාසියත් එක්ක මම ඔයාට පොඩි මුදලක් තියල යනවා. ඒක හොඳ හිතින් දෙන පොඩි තෑග්ගක්. "සල්ලි" නෙවෙයි.'

කවදාවත් නොකරපු දෙයක් මම එලෙස සිදුකලෙමි. රුපියල් පන්දහසක මුදලක් මම ඇය වෙනුවෙන් තැබුවෙමි. ඒ ඈ මා සමඟ ගතකල වටිනාකමෙහි 'මිල' මෙන් කිහිප ගුණයක මුදලකි. නමුත් ඒ හුදෙක් ගෙවීමක් නොවීය. වෙලාවෙ හැටියට මට ඇයවෙනුවෙන් කල හැකි වූ එකම දෙය එය පමණකි. තවත් වරක් ඈ දෙස බැලූ මම සැනකින් කාමරයේ දොර වසාගෙන එලියට පැමිණියෙමි.

පහල තට්ටුවට පැමිනි මා කවුන්ටරය වෙත ගොස් මා නවාතැන් ගත් කාමරයට අදාල බිල්පත ගෙවා දැමූයෙමි.

"රූම් එකේ ලේඩි කෙනෙක් ඉන්නවා. එයා තාම නිදි. තවටිකකින් ඇහැරෙයි. එයාට බ්‍රේක්ෆස්ට් රෙඩිකරන්න. එයාට කියන්න මං බිල් සේරම සෙට්ට්ල් ඩවුන් කරල තියෙන්නෙ කියලා."

කවුන්ටරයේ සිටි පුද්ගලයා විස්මයෙන් මා දෙස බලා සිටියදී ඉතිරි මුදල්ද ලබා නොගෙන මම වේගයෙන් එතැනින් නික්මී මිදුලට පැමිණියෙමි. මා එලියට පැමිණෙන විට මගේ රියදුරු වීරරත්න සහ සහායක තිලක් වාහනය සූදානම් කොටගෙන මා එනතුරු දුම්වැටියක් උරමින් සිටිනු දක්නට ලැබුනි. මා විගසින් පැමිණ ලොරියෙහි ඉදිරිපස දොර හැර නැඟ වාඩිවෙන විට වීරේද සිගරට් කොටය වීසි කොට පැමිණ රියදුරු අසුනේ වාඩි වී වාහනය පණගන්වන ලදි. ඒ සමඟම තිලක්ද ලොරියේ පසු පස කැබිනයට ගොඩවූයේ, "කොහොමද මහත්තයා, කෑල්ල හොඳයි නේද.." යැයි මගෙන් ඇසීය.

අවේලාවේ, අනවශ්‍ය ලෙස ඔහු නැඟූ ප්‍රශ්නයට මසිත පැන නැගි සියුම් කූපය සමඟින් මම ඔහුට ඕනිවට එපාවට මෙන් "හොඳයි.." යැයි පිළිවදන් දුනෙමි. 

නමුදු ඔහුගේ පැනයෙන් මසිත යලිත් ඈ කෙරෙහිම බැඳී ගියේය. සමහර විට දැන් ඇය අවධිවෙලා ඇති. ඈ මා සොයනවා ඇත්ද. මගේ සටහන සහ මුදල් පිළිබඳ ඈ කුමක් සිතනවා ඇත්ද. නිකම්ම නිකම් ඩිලිවරි කාරයෙකු වූ මා පිළිබඳ සෙවීමෙන් ඈට කුමන පලක් අත්වෙයිද. ඇගේ මෙහෙය නිමා වූ පසු ඈ මා පිළිබඳ සොයාවි යැයි මා සිතා පලක් නොමැත. මා සිතෙහි වන මේ පෙරලිය ඈ සතුව තිබිය නොහැකිය. සේල්ස් රෙෆ් වරයෙකු ලෙස මා ගෙවන්න අහිකුණ්ඨක ජීවිතය පිළිබඳ ඈ නොදන්නවා ඇත. ඈ පිළිබඳ මේ සොඳුරු මතක අද රෑ නවාතැන් පොල වෙත යනතෙක් පමණක් මසිත රැඳෙනු ඇත. එමෙන්ම මා පිලිබඳ මතකයද ඇය සිතෙහි ඇගේ මීළඟ පාර්භෝගිකයා හමුවන තෙක් පමණක් පවතිනු ඇත. එනිසා ඇය පිළිබඳ මතකය මා දැන් අමතක කල යුතුව ඇත. මම මගේ 'උඩු සිතට' එසේ නියම කලෙමි."

"වීරෙ, අද අපි අවිස්සාවේල්ලට යනකල් යන්නොනි. සෙත් සුව ෆාමසියට බඩු දැම්මම අපි අදට නවතිමු. ද හැවන් ගෙස්ට් එකේ මං කාමර දෙකක් බුක් කලා."


බොල්පින් වෑහෙන වේලාවේ
ඔබ ගෙන් සමු ගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒක යි මා නොකියා යන්නේ

ගැල පිට නැගලා ඈත ගම් බලා
පියමන් කර යන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ

ඔබ අවදි ව මා සොයනු එපා
ඈත යි මා ඉන්නේ
තවලම්කරුවෝ කවර දාක දෝ
එක ම තැනක ඉන්නේ


පද රචනය : සරත් ප්‍රනාන්දු
සංගීතය හා ගායනය : රූකාන්ත ගුණතිලක








(Bol Pini Wehena Welawe - Rookantha Gunathilaka)




52 comments:

  1. කාලෙකින් මේ පැත්තට ගොඩවෙන්න බැරිවුනා. ඉතා සංවේදී නිර්මාණයක් සඳුමල්. බොරු උපාසක කම් නැතුව ඇත්ත කියනවානම් මටත් මෙවැනි අත්දැකීම් තිබෙනවා. අපි කාටත් එහෙම අත්දැකීම් ඇති. හැබැයි අවිවාහකව හිටපු කාලේ. මිනිස්සු අතරේ මෙවැනි ගනුදෙනු, හමුවීම් වෙන්වීම් එදත් අදත් හෙටත් සිදුවෙනවා. කාලය ගලා යනවා. අපි පරිනත වෙනවා. පසුතැවීමක් හිතේ නැත්නම් අපි සැනසුමක් ලබනවා.

    ReplyDelete
    Replies
    1. හප්පේ දැකපු කල්. අලුත් අවුරුද්ද උදාවෙනකල්ම හිටිය නොවෑ විචාරකතුමා මේ අහ ගොඩවදින්න.

      ඇත්ත. සමාජයෙන් හරි අඩකටවත් මෙවන් අත්දැකීම් තියෙනවා. ඒ වගේම අව්‍යාජව ඒ යථාර්ථය පිලිගන්නා ඔබ වැනි අය ඒ අතරින් ඉතා වටිනවා. ජීවිතයට එවන් අත්දැකීම් ඇති උදවියට මේ ගීය වඩාත් සංවේදීව දැනෙනවා. වැරදි කිරීම මනුස්ස ෆතියක්.ඒ කගේම පරිණතභාවයත් සමඟ වැරදි හදා ගැනීම දේව ගතියක්.

      ඔබ තුමාට බොහෝම ස්තූතියි මේ පැත්තට ඇවිත් වටිනා අදහසක් එකතුකලාට.

      Delete
  2. //දැන දැනම වරදෙහි බැඳෙන මිනිස් ආශාවන් කෙතරම් විශ්මයජනකද. නමුදු මේ ඒ පිළිබඳව සිතීමට වෙලාව නොවෙයි.//
    //ඇවිද යන ඇගේ සිරුරෙහි සුන්දරත්වය වීත රාගීව විඳගනිමින් // //නිමාවූ පසු යහනේ තාවකාලික සහකාරිය දෙස පිලිකුලෙන් බලා//
    මේ යෙදුම්දෙක උපුටාගත්තේ එයින් මතුවන කටුක සත්‍යය සහ ඔබ එය මතුකිරීම අගය කරන්න. වරදේ බැඳෙද්දි දුරදිග නොසිතීම සහ තෘප්තිමත් පිරිමි සිතක ඇතිවන ක්ෂණික පෙරලිය මෙහෙම වචන ඛණ්ඩ කීපයකින් මතුකිරීමයි වටින්නෙ.
    කාලෙකට පස්සෙ සුපුරුදු සඳුමල් ඉපදිලා.
    ආ... මේ දවස්වල නිවාඩු ඇතිනෙ. තව කීපයක් ලියලා ෂෙඩූල් කරල දාන්න.

    ReplyDelete
    Replies
    1. මගේ සංවේදනා වලට විචාරයන් ලබාදෙන දයාබර සහෘදයා... මාධවියේ, මෙලෙස උපුටා දක්වමින් ඔබ කරන අදහස් දැක්වීම්, විචාරයන් මේ නිර්මාණවලට දීප්තිමත් ආලෝකයක් සපයනවා. ඔබ මගේ නිර්මණ බබලවනවා.

      ලියල ෂෙඩූල් කරන්නනම් ආසයි. ඒත් වෙලාවනේ ප්‍රශ්නෙ. ලැබුනු දවස් දහයෙන් කිටක් නම් දේවල් කරන්නද. ඒත් තව එකක් හරි ලියාගන්න උපරිම ට්‍රයි කරනව මං.

      ස්තූතියි මාධවියේ...

      Delete
  3. ඇයි මේකට 18+ දැන්මේ නැත්තේ වැරදිලා මමත් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාදට මේක දැකලා මං කියෙව්වෙ නෑ !!

      Delete
    2. වෙල්කම් බැක් මැලේ...

      මං පොඩි එකාව නරක් කලාද මංද.

      Delete

    3. අනේ පත්‍තර පොඩ්ඩෝ.. උඹනම් කියවන්නෙපා මං මේ කියන්නමයි හිටියේ. උඹෙ ලාමක ලපටි හිත දූෂණය වෙයි. අම්මප.

      Delete
    4. දෝයි දෝයි දෝය්ය බබා...
      බයි බයි බයිය බබාලා

      Delete
    5. හ්ම්....... කියපං මචෝ..

      Delete
  4. පට්ටයි..!!

    උඹෙ කතාව හරිම සෞම්‍යයි, රසවත්! අපි හැමෝම ජීවිතේ ගැල් කාරයො බං.

    එක පාරක් දිලීප අබේසේකර කිව්ව එයාගෙ හිතවත් ගුවන්සේවිකාවකගෙ ප්‍රියතම ගීය ඔය සින්දුවලු.

    ReplyDelete
    Replies
    1. අර නාමල්ගේ කාර්‍යාල වැඩ කටයුතු කරපු කෙනාද ඈ...

      Delete
    2. අද පරණ යාලුවෝ ගොඩක් ඇවිල්ලා..

      ඉන්දික අයිය කියන්න වගේ පේ මේ ජීවිතය වගෙම මේඅහ සසර චක්කරේම තවලමක් වගේ තමයි.

      ගොඩක් ගුවනේ අයනම් මේකට කැමති ඇති තමා!!

      Delete
    3. මාතලන් අයියේ.. එයා නිශන්ත ලඟ හිටපු එක්කෙනෙක්ලු!!!

      Delete
  5. මනාේෂ්......................... ඒ ගීතය උඹ හරි ලස්සනට විචාරය කරලා.... නැහැ නැහැ සංවේදනවක් ගොඩනගලා..... ඒ සිදුවීම් සියල්ල ලස්සනට කතාවක් කරලා... කෙටියි ලස්සනයි....ඔබ හැගීම් සහ සිතුවිලි හරි ලස්සනට විස්තර කරලා තියෙනවා.... රුසියානු කතා කරුවන්ගේ ලක්ෂණ බොහොමයක් තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ..... මේ හැකියාව ගැන ඒච්චර කියන්න දෙයක් නැහැ ඔබ කොහොමත් දක්ෂයානේ...... කොහොම වුණත් දිගට ම ලියන ඒකයි වැදගත්

    ReplyDelete
    Replies
    1. අන්න මගෙ අනිත් විචාරක මණ්ඩලය. මගේ නිර්මාණයකට ඔබේ කමෙන්ටුවක් වැටෙන තුරු මං නොඉවසිල්ලෙන් ඉන්නෙ. ඔබ එලෙස කියන විට සංවේදනාව ගැන මටම ලෝබ හිතෙනවා. ගොඩ්ක්ම ස්තූතියි ගී පවුර්‍ර්.. ඔබ සියලු දෙනට අනන්තවාරයක් ස්තූතියි..

      එක දිගටම ලියවන්න තරම් වෙලාවක් නැති එකනෙ ප්‍රශ්නෙ...

      Delete
  6. සුපිරියි... බෝඩිං ජීවීතේ එක්ක ළෝකය අවබෝධ වී ඇති බව පෙනේ..

    සිරිබෝ හාමි මතක් උනා.. ජෝ මතක් උනා.. මල් මසුරන් මචෝ...

    ReplyDelete
    Replies
    1. හොස්ටල් ජීවිතේනම් තනිකරම ලිං මැඩි ලෝකයක්. ඒකෙන්නම් ගන්නම දෙයක් නෑ අයියණ්ඩී..
      පෝස්ට් එක මාතලන් අයියට වැදුන කිටන්නෙ ඉතින් ආයෙ හෝදන්න දෙයක් නෑ, ඒ කිටන්නෙ මේක උපරිමයි. එල එල.

      Delete
  7. උක්කෝලේ මහත්තය ගෙදර ඇවිත්

    ReplyDelete
    Replies
    1. හුකෑස්!!! කෝ ඉතින් ඔය දරුව මං කීව පාඩම කියවගත්තෙ නැත්ද??

      Delete
  8. ඇත්තටම මචං මට නන් මේ වගේ තැනකින් ඈත්වෙලා යන්න තරන් ආත්ම ශක්තියක් නෑ..හුගක් සන්වේදී හින්ද,සමහර දේවල් දැනුනම මන් කියන්නෙ ආදරේ වගේ හදවත ඇතුලටම දැනෙන හින්ද වෙන්නැති.. ......එල ,නියමයි..

    ReplyDelete
    Replies
    1. එක අතකට ඒක සංවේදී මනුස්සකම. තව අතකට දුර්වල කම. කොහොම උනත් හරිම දේ තමයි ගැල් කරුවෙක් නොවී ඉන්න එක.

      ස්තූතියි මචෝ...

      Delete
    2. "ගැල් පදවන්නේ සල් මල් උයනේ.." හ්ම්ම්...සුබ අලුත් අවුරුද්දක් වේව මචෝ...ඉස්සෙල්ලම මේකෙ කොමෙන්ටුවක් දම්මෙ දැම්මේ..

      Delete
    3. හෙහ් හෙහ් හේ... ඒ ගැල්නම් අවුලක් නෑ නේද මචෝ..

      අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම මං වෙනුවෙන් කමෙන්ට් එකක් දැම්මෙක කොච්චර දෙයක්ද.

      ඔබටත් පවුලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....

      Delete
  9. පීඨේ නිවාඩු හම්බෙලා වෙන්නෝනේ අපි දන්න මනෝශ් ආපහු ඇවිත් ඉන්නේ.. කළබලෙන් කියුවේ වැඩ අස්සේ.. අම්මට සිරි ඒකෙන් උනේ ආයෙම කියවන්න උනු එක මුල ඉඳල.. උපරිමයි මලේ.. සින්දුව අද තමයි වැදුනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියණ්ඩී.. ගෙදර ඇවිත් ඉන්නේ. දහසක් වැඩ මැද්දෙත් ඇවිත් කියවල අදහසක් එකතු කලාට ගොඩක් ස්තූතියි. මේ දවස්වල තියෙන්නෙ සුලු පටු වැඩ කන්දරාවක්‍ යැ. තනි අපිටත් මෙහෙමනම් දරු පවුල් කාරයෝ වෙච්ච උදවියට කොහොමට ඇත්ද.

      Delete
  10. Replies
    1. තැන්කිවු.. තැන්කිවු...

      Delete
  11. මං හිතන්නේ මං මේ පැත්තට ආවමද කොහේද.. මුලින්ම ස්තුති වන්නත වෙනවා පාර පෙන්නපු ඈයන්ට...
    සු භ අ ළුත් මෙව්වා එකක් වේවා !!!

    ජ ය වේ වා

    සැර දේවා ...

    බුද ු සරණ යි

    ReplyDelete
    Replies
    1. මාත් මේ විදානෙව දැක්කමයි. මං ඔයාගෙ බ්ලොග් එකත් හොයාගත්ත. අපරාදෙ, වටිනා බ්ලොග් එකක් කාලෙකින් ලියල නෑ.

      පිස්සු මචෝ.. අලුත් අවුරුද්දෙවත් බොගේ දැකුලු මල් කඩල ගනින්කෝ..

      විදානෙටත්, පවුලෙ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
    2. මාත් මේ විදානේ කියලා කෙනෙක් දැක්කාමද කොහෙද... ඒයාට බ්ලොග් ඒකකුත් තියෙනවාද?????

      Delete
    3. හපෝයි තියෙනවා. ඒකෙ පෝස්ට් දාන දැමිල්ලට කියවිල්ලත් එපා වෙනවා. දවසට දුසිමක්වත් වැටෙනවා. ඒ නිසා මං දැන් ඒක කියවන්නෙ නෑ වැඩිය.

      Delete
  12. කාලේකින් මනෝශ්ගේ ගීත සංවේදනාවක් කියෙව්වේ.

    සංවේදීව දැනෙන්න හරිම අපූරුවට ගිතය අකුරු කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ලිව්ව එක ගැන මටත් සතුටුයි තුශානි.

      රසවින්දනම් ඒකයි වටින්නේ..

      බොහොම ස්තූතියි...

      Delete
  13. ගොඩක්ම පරක්කු උනා මචෝ .දවස් ගානක් සයිබරයෙන් ඈත් වෙලා උන්නා .පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ .හැක් හැක්
    වෙනදා වගේම නියමයි මනෝ ...උඹ පොඩ්ඩක් වල් වෙලාද මන්දා හැක්...

    මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
    කළුවර කතරේ කඳු වැටි මානේ
    දුක් ගී රාවේ සවනට වෑහේ
    සුදු මැණිකේ
    මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ

    පාළුවේ පාවී හපුතල් කන්දේ
    කුර හඬ නැඟුණේ මේ දිගු ගමනේ
    තව දුර වැඩිවේ ගව්වෙන් ගව්වේ
    ඔබ නැති ගම්මානේ මේ දුර නෑහේ

    සීපදේ රාවේ සියොළඟ සසැලේ
    ඔබෙ සිත සැඟවේ දාහය උතුරා
    උණුසුම ඔබගේ සිරුරේ දැවටේ
    නෑ හිරු පායන්නේ නෑ මට ආයේ

    ගායනය : විජය කුමරතුංග

    මෙන්න මචෝ මේ ගීතය ගැන තව විස්තර ටිකක්

    ReplyDelete
    Replies
    1. ප්‍රමාද වෙලා හරි එකතුකල ගීතයනම් මල් මසුරන් මචෝ...

      ඒකත් එක්ක මට මතක් වෙනව ඈත හමා යන,මද සුළඟේ ගීයත්.

      හප්පච්චියේ මං වල් වෙලාද ඒ කියන්නෙ!!!

      Delete
  14. මේ සින්දුව කලින් ඇහිලා තිබුනට මේ වචන වල මේතරම් තේරුමක් තියනවා කියල හිතුනෙම නැහැ...සුපිරි මචං..(y)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මචෝ මේ පැත්තට. කතාවත් එක්කම ගීයක් රසවිඳිනකොට දැනෙන හැඟීම උපරිමයි මචෝ..

      Delete
  15. මම ගොඩක් සිංදු දැන් අහන්නෙ තේරැමත් එක්ක උඔට පිං සිද්ද වෙන්න..
    අපි නොදැකපු පැත්තකින් උඔ කතාව ගොඩ නගලා. එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අනේ අනේ මචෝ.. ගෙනත් දියන් මට උරයක් පිං ටික අහුරගන්න.

      උඹලට පිං සිද්දවෙන්න තමයි බං මං ලියන්නෙ.

      Delete
  16. උඹට මේක ලියන්න විවේකයක් ලැබුන එක ගැන මම මාරම සතුටු වෙනවා බං.. මම මාරම ආසම සිංදුවක් මේක.. හුඟක් වෙලා ඇස් දෙක පියාගෙන අහන් ඉදිය වෙලාවල් තියෙනවා.. උබේ කතාව ගැන කියන්න තියෙන්නේ හැමදාම කියන දේම තමයි..

    ReplyDelete
    Replies
    1. මටත් සතුටුයි බං මේක ලියාගන්න පුලුවන් වෙච්ච එක ගැන. ඒ වගේම සතුටුයි මේක උඹෙත් කැමතිම ගීයක් වෙච්ච එක ගැනත්.

      මේකට මෙච්චරම කැමති පුද්ගලික අත්දැකීමෙන්වත්දෝ!!!!!!!?

      ස්තූතියි මචෝ.....

      Delete
  17. ලස්සනට ලියල තියෙනවා මනොෂ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියණ්ඩී....

      Delete
  18. Replies
    1. අන්න ඒ ජාතියේ පිංතූරයක් තමයි මටත් හොයාගන්න ඕනි උනේ. නියමයි අයියා..

      Delete
  19. කියවන්න එන්න පරක්කු වුනා, මාර සන්තෝසයක් දැනුනා පරණ මනොෂ් ආපහු ඉන්නවා දැක්කම. කතාව පට්ට යි . බොහෝ දෙනකගේ ජීවිත වල කොතනත් හැංගිච්ච ප්‍රේමයක් හොල්මන් කරනවා, එකේ තරාතිරම තමයි ප්‍රශ්නයක් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හප්පා ඇති යන්තම්. උඹල දෙන්නට කියවන්නම තමයි මං මේක රෝලෙ උඩට ඇද්දෙත්.

      ජීවිත හරි සරලයි,සංකීර්ණයි,ගුප්තයි,සොඳුරුයි...

      Delete
    2. කවුද බං දෙන්නා, උඹ ලියන කතා කවදත් සංවේදියි, උඹ වෙල්ලස්සේ ගීතයට ලියපු සංවේදනාව මට තාම මතකයි. එත් මැදදී උඹ ලියපු දේවල් වල ඒකාකාරී ගතියක් දැක්කා. එත් මේ සටහන දැක්ක ගමන් මට පුදුම සන්තෝසයක් ආවා. උඹ තමයි මේ දේවල් වලට හැබෑම හපනා

      Delete
    3. උඹයි අපේ මෙන්ඩයි. මැද හරියෙදි එහෙම ගතියක් තිබුන කියල මටත් දැන් හිතෙනව බං. මොනා උනත් මෙදා පාර එක හිතට වැදුනනම් පට්ට සතුටුයි මට.

      ස්තූතියි ඉවාන් අයියේ...

      Delete
  20. මට ඔය වගේ අත්දැකීමක් නැහැ බන්...

    එත් ඒ අත්දැකීම තියෙන එකෙක්ගේ හැගීම් අපිටත් දැනෙන විදියට මේක ලියවිලා තියෙනවා.

    ආයේ කතා දෙකක් නැහැ පපුවටම වැදුණු නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමනම් නෑ බං. ඒත් මං ඒලෙවල් කරන කාලෙ හිටපු බෝඩිමේ හිටිය ඩිලිවරි යන පොරක්. ඌ ඔය වගේ සීන් කියනවා. මේසිංදුවේ තේරුම ඉස්සෙල්ලාම දැනගත්ත දවසෙ මට ඌවමයි මතක් උනේ.

      Delete