Pages

Sandumal

Sandumal

Thursday, July 16, 2015

•මුල් දින මතක

"අනාගත ගුරුවරුන්.. සිරගතව හිඳියි අද..."


හැමතැනම අයියලා
නමුත් ඒ මල්ලිලා
ඔවුන්ගේ ගර්ජන,
රැවුම් එරවුම් හමුවේ
බිම බලා සිටිනා
අනාගත ගුරු පැටවු...
සර්ලා මෙහෙමද?
ටීචර්ලා මෙහෙමද?
ඉස්කෝලවල මොවුන්
බකතපස් රකිනවද..?

පරිප්පු හා සම්බෝල
සම්බෝල හා පරිප්පු
කලණ මිතුරන් වෙලා
තුන් වේල ලඟ හිඳියි..

මදුරු රජදහනක් අසල
ගලා යන කුණු ඇලක් අසබඩ
"ඩෝම්" යැයි කියාගත්
බිං ගෙයකි හිසට වහලට..

කියන දේ අහන
ඇහෙන දේ කරන
අණ ලැබෙන තුරු කල් මරන
දැන්ම පිට කොඳු බිඳූ
අනාගත ගුරුවරුන්
සිරගතව හිඳියි අද...


51 comments:

  1. උඔගේ පුහුනුවේ අත්දැකිම් ඉදලා හිටලා හරි අපිත් එක්ක බෙදා ගනින්..
    උඔ හොද ගුරැවරයෙක් වෙනවා කියලා මට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මටනං ඒවා බොදාගන්න ටිකක් ලැජ්ජයි ‍වගේ

      Delete
    2. මෙන්ඩෝ, ඔය මුල්ම අත්දැකීම්.. මෙහෙට ආ දවස්වලම. අනිවාරෙන්ම මචෝ.. ඒ හැම දෙයක්ම බෙදාගන්නෝනි මටත් උඹලත් එක්ක.

      Delete
    3. අනේ ඉතින් අපේ විදානෙ මහත්තයගෙ ලැජ්ජාව. ඔන්න ඔහෙ කිය. කිය..

      Delete
    4. අඩො විදානයා උඔ ඉන්නවද? අනේ උඔගෙ ලැඡ්ඡාව..ටියුලිප් මල්ලේ බ්‍රා ටික දාගෙන ගිය දවසේ ඉවර වුනා කියලයි ආරංචිය.

      Delete
  2. හැමදා නියං එකදා වැහි වලාවේ ද මොකද්ද එකක් තියේ නේද.
    හිතන්න එපා කාගෙන ඉදිං

    ReplyDelete
    Replies
    1. මුලින්ම හැමදා කියන එකෝ ,දා, යන්න දැක්කෙ නෑ බොලවු;

      Delete
    2. ඒක ඇත්ත මහියෝ...දැන් ගොඩක් දුරට හොඳයි.. මේ මුල් දින මතක නොවෑ.. ඒත් මේ තමයි ෆවුන්ඩේශන්ස්..

      Delete
    3. හි..හී... විදානෙ තුමාට කොහොමත් ඉතින් ඔය වගේ දේවල් පේනව හොරයි නොවෑ...

      Delete
  3. මචෝ පොඩි කට්ටක් කෑවම තමා ඒකෙත් රහ. අනික බොල, පරිප්පුයි සම්බෝලයි මරුනෙ.
    ඩෙංගු හදාගන්නව නෙමෙයි ගුල්වල රිංගලා.....
    අද හොඳා... අදට වඩා හොඳට හෙට කරන්න....ඔහොම යං....

    ReplyDelete
    Replies
    1. "හදාගන්නව නෙමෙයි ගුල්වල රිංගලා.."
      සංවාදයට විවෘතයි...

      Delete
    2. මධුවෝ...

      පරීපු එකට මිරිකල ඉතිරි වුන රොඩ්ඩෙන් හදන සම්බෝලෙ රහ නෑ මචෝ ගෙදර උනු බතත් එක්ක ගලේ අඹරල කන සම්බෝලෙ තරම්..

      දැන්නම් මදුරුවො නෑ මචෝ.. ඒකනම් පුදුම සහනයක්.

      Delete
    3. විදානෙට ඒකත් හොඳවෙලාවට "රිංගවල" වගේ නොපෙනුනේ...!!

      Delete
  4. ලොව යන අත ... කුමක් කරන්නද ?

    ReplyDelete
    Replies
    1. වෙනස් කල යුතුයි...

      ඔබව සාදරයෙන් පිලිගන්නවා මේ ඉසව්වට...

      Delete
  5. කෝ මගේ කොමෙන්ට් එක මමයි මේකේ අද පළවෙනි කොමෙන්ට් එක දැම්මේ? O.o

    ReplyDelete
    Replies
    1. O.o........?!
      අනේ දෙයි හාංදුන්නේ...... අපේ කළණයා වැලිකඩ! කවුරුත් නැද්ද තොරතුරක් දන්න එකෙක්?

      Delete
    2. වැලිකඩ ගියාම වෙන්නේ ඕකේ අනිත් පැත්ත නේද? පුංචියට තියෙන හිල ලොකු වෙන එක.. මෙන්න මේ වගේ.. o..O

      Delete
    3. බංකරේ ලොකුවෙලා...

      Delete
    4. කමියා උඔගේ කමෙන්ට් එකට උඩින් මම දැම්මා තරහා නෑනේ?

      Delete
    5. කමියෝ... අම්මප එහෙම කමෙන්ටුවක් හම්බුනේ නෑ මට.

      Delete
    6. උඹේ හරුපෙ ලපටි මට තේරෙන්නෙ නෑ මදාවියෝ..

      Delete
    7. කමියෝ, විදානයෝ,

      අන්න ඒකනම් ප්‍රැක්ටිකල්..

      Delete
    8. යටින් බැරිනම් උඩින් මෙන්ඩී... කොහෙ උනහම මොකද ඉතින්.

      Delete
  6. පල යන්න කම්මැලියා , බාගෙට පොස්ට් ලිය ලියා , ලිපියකෝ අපි වගේ දවසට දෙක ගානේ කම්මැලි කම නැතුව

    ReplyDelete
    Replies
    1. තෝ කොටියාම කාපිය ...අපිට මේ කියවන්න වෙලාවක් නැතිව ඉන්නවා .උඹ දවසට දෙක ගානේ දානවා ...(දවසට දෙපාරක් උඹ බොග නම් දානවා ඇති ) ...

      Delete
    2. අනේ අනේ ඉවානයෝ.. කෝ බලමු කීව කට!!!

      Delete
    3. සින්දුවෝ, ඒකනේ බං, මටත් පෝස්ට් එකක් ලියාගන්න වෙලාවක් නැත්තෙ ඉවානයාගෙ පෝස්ට් එක දිගට කියවලමයි.

      Delete
    4. අම්මප විදානයෝ..

      Delete
  7. ඔහොම තමයි... ඒත් බාදක මැදින් ජීවිතේ ගලාගෙන යනකොට තමයි ජීවිතේ රසවත්..

    ReplyDelete
    Replies
    1. පිස්සුද කෙල්ලේ බාදක නෙවෙයි බාධක...

      Delete
    2. අහ්.. ඔව් ඔව්... විදානේ මාමාව දැක්ක කල්... :O

      Delete
    3. ඒකනම් පට්ටම රහක් තුශානියො...

      Delete
    4. අපේ විදානෙ මාමා පහුගිය දවස්වල සිංහල ශාස්ත්‍රපති උපාධියක් කරල නොවෑ... ඒකයි වැඩිය පේන්න නොහිටියේ..

      Delete
  8. ඔහොම කාගෙන යමං ගලේ... හොඳ ගුරෙක් වෙලා එළියට වරෙං...!!!

    ReplyDelete
    Replies
    1. ඕං වර වර
      ඔඩ්ඩි සූනියං වර වර
      එස්වහ ෆුඃ...

      Delete
    2. එක අතකට ගුරුවරුන්ට දැන්ම කටුකන්න කියල දෙනව වෙන්නැති ඩ්‍රැකී..

      Delete
    3. අහස පලාගෙන වර, මුහුද බෙදාගෙන වර, විදානෙ මාමව උස්සාගෙන පල..!

      Delete
  9. ඔහොම හරියන්නේ නැහැ බං.ගුරුවරු විදියට උඹලා කෙලින් ඉන්න ඕනේ ඕනෑම තත්වයකට මුහුණ දෙන්න පුළුවන් විදියට.ගුරුවරයකුගේ වගකීම සැහැල්ලු එකක් නෙමේ.ගුරුවරු කෙලින් සිටියොත් තමයි ළමයින්ට කෙලින් සිට ගන්න පුළුවන් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කීයටවත් එහෙම ඉන්නෙ නෑ මනෝ.. වෙනදේ බලාගන්නකල් ආව කාලෙ ඉවසුවා. ඒ මුල්දින මතක තමයි මේ.. හුඟක් දේවල් අපි වෙනස් කලා. තව සැලසුම් ගොඩයි. යන්න කලින් කරන්න දේවල් එමටයි..

      Delete
  10. අනාගත ගුරුවරු හැමදාම බිහි උනේ ඔහොම තමයි සඳු....

    ReplyDelete
    Replies
    1. නෑ සුදු ඇමතිගේ ලිස්ටි එකෙනුත් බිහිඋනා...

      Delete
    2. ඒකම තමයි අපි වෙනස් කරන්නෝනිත් නිහින්සා.. ලංකාවෙ ගුරුවරුන්ට, අධ්‍යාපනයට මේ හෙන පතේට හේතුවත් ඕකමයි.

      Delete
    3. ඒකම තමයි අපි වෙනස් කරන්නෝනිත් නිහින්සා.. ලංකාවෙ ගුරුවරුන්ට, අධ්‍යාපනයට මේ හෙන පතේට හේතුවත් ඕකමයි.

      Delete
    4. සහතික ඇත්ත විදානයො...

      Delete
  11. ඕවා ඔහොම තමයි. පැමිණි දුක පැණි රහයි කියල ලියමු.
    http://nelumyaya.com/?p=3675

    ReplyDelete
    Replies
    1. අජිත් අයියගේ අතහිත කවදාවත් වැරදුනේ නෑ.. බොහෝම ස්තූතියි අයියේ..

      Delete
  12. මචෝ සතුටු වෙයන්....
    හීටරේ නොහැහුවාට...
    පත්තරේ නොබැලුවාට...
    ඉස්කෝලේ නොගියාට...
    ෆිජ් එකේ නොගියාට..
    ගිණි ගහන කලුවරේ බෝන්චි නොකැඩුවාට...
    ඇල්දියෙන් තැම්බූ පරිප්පු සමග බත්එක,
    ඇඟිලි කරු අතිරින් එලියට පනිනකං නොමිරිකා කෑවාට..
    දනිස් සහ වැලමිටින්,
    බිම දිගේ නොගියාට...
    නමුත් උඹ දුක්වෙයන්..
    සතුටු උන හැමදේට...


    ජ ය ‍වේ වා !!!!!
    (ගුරෝ)

    ReplyDelete
    Replies
    1. පට්ටයි මචෝ පට්ටයි...... ආයෙ කියන්න දෙයක් නෑ. ගින්දර වගේ උඹ දෙන අදහස් උනුසුම්ව පපුව පතුලටම දැනෙනවා..

      හොද්දෙන්ම තැම්බුනාම අපි තවත් රසවත්.

      Delete