Pages

Sandumal

Sandumal

Thursday, July 23, 2015

•කඩයිමක්

"සිය වෙනි පියවර.. ඔබත් සමඟම.."



නුහුරු ලොවකට අහඹු ලෙස මා
පය තබා යට ගිය දිනේ..
ඔබ සමඟ අද ඇවිද විත් ඇත
ටිකක් දුර මේ රස ලොවේ..

කෙටියි ආ මඟ
දුරයි යා යුතු මඟ
නිබඳ හිඳිනෙමි ඒ මඟේ..

ඇරඹුමේ සිට ලඟ ඉඳන්
අත ලඟින් මා එක්කරන්
මංමුලාවෙන් වලකමින්
මෙතෙක් දුර මට එළිය දුන්
දයාබර සඟයිනේ පුදමි තුති..
සියක් පියවර තබන මෙදිනේ...


55 comments:

  1. ශතකයට සුභ පැතුම්! ජය ශ්‍රී!

    ReplyDelete
  2. Replies
    1. දේශකටත් ගොඩක්ම ස්තූතියි..

      Delete
  3. සුභ පැතුම් මලේ ....ජයවේවා !!
    කියවන්න දෙයක් 101 න් වත් ලැබේවා !!!

    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන..

    වියරු ගිනි දැල් නොවෙමු
    වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු
    දැවෙන කැලයට වසින..

    නපුරු හීනය නොවෙමු
    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන..."


    සංගීතය : ගුණදාස කපුගේ
    ගායනය : ගුණදාස කපුගේ
    පදරචනය : දර්ශන මේදිස්

    ReplyDelete
    Replies
    1. ඇන්දු සිනා තමා හරිම හරියනම කමෙන්ටුව දැමුවේ !!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. තිස්ස අයියේ "ඇන්දු සිනා" කියන හැම වෙලාවේම මට මතක් වෙන්නේ නන්දා පතිරණ මහත්මිය ගයන මේ ගීතය ...

      ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
      රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ
      දෑත දරා පෙරදා කීව කතාවේ
      දෑස රැඳේ තාම බැඳීලා
      සීත රැයේ හඬනා දෑස ගියාවේ
      දෑත ඔබේ ලෝකේ සොයාලා
      ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
      රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ
      පාළු පැයේ මුමුණා ගීත ගැයේවා
      පාළු සිතේ ශෝක නිවාලා
      ජීවිතයේ තනි වී දෑත රැඳේවා
      ආයේ ඔබේ දෑතේ බැඳීලා..
      ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
      රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ ..........

      ගායනය - නන්දා පතිරණ
      සංගීතය - ස්ටැන්ලි පීරිස්
      ගී පද - කුලරත්න ආරියවංශ

      Delete
    4. සින්දුවා..ඇත්තටම උඔ මගේ යාලුවෙක් වුන එක ගැන මට ආඩම්බරයි..

      Delete
    5. සින්දු අයියණ්ඩී බෙහෙවින්ම ස්තූතියි..

      මං මෙහෙම කියන්නම්..

      දිවි මගෙහි මෙතෙක් දුර මා සමඟ ගමන් කල.. මා සමඟ සිනාසුනු.. මා සමඟ ඉකිබින්ද.. රසික ඔබ.. මට..කුමුදෙකි..ගඟුලෙකි.. පහනෙකි..පවනෙකි..."

      "ඔබ මට කුමුදෙක් මැයි
      ලා සඳේ රෑ පිපී ආ..,
      ඔබ මට ගඟුලෙක් මැයි
      සා පිපාසා නිවා ආ..,
      ඔබ මට පහනෙක් මැයි
      මාසේ පෝදා දිලී ආ.,
      ඔබ මට පවනෙක් මැයි
      ගිම් සමේහී හමා ආ

      ඔබ මට පැණසෙක් මැයි
      මා දෙසේ දොස් දකින්ටා
      ඔබ මට අවියෙක් මැයි
      ඒ දෝසේ මුල් සිඳින්ටා
      ඔබ මට බුදදස් මැයි
      රෝග පීඩා සොයන්ටා
      ඔබ මට ඔසුවෙක් මැයි
      රෝ නිධානේ තබන්ටා"

      Delete
    6. තිස්ස අයියේ.. ඒකනම් නියමයි. නම අනිත් පැත්ත ගැහුවත් වටිනාකම නිමක් නෑ..

      ඇන්දු සිනා....

      Delete
    7. කියල වැඩක් නෑ මෙන්ඩෝ... මේ සින්දු උල්පතක්.

      Delete
  4. ශතකයට උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි ඔබටත්..

      Delete
  5. සීය ගැහුවා වගේම දාහත් ගහන්නට පුළුවන් වේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා........ අැත්තට ම සතුටුයි මනෝෂ්....... හරිම සතුටුයි..........

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකේ මට එලිය ගෙනාව පහන් වැට.... දයාබර ගී පවුරේ... ස්තුතියි බෙහෙවින්ම.

      Delete
  6. සුබ පැතුම් !

    ReplyDelete
  7. සියවරක් ඊ පන්හිඳෙන්
    ගී අරුත් එකිනෙක ලිහන්
    නොලිව්වත් දැන් පෙරදි මෙන්
    නුඹ සිටී අප හද නිතින්

    දේශයේ මල් පුබුදනා
    තවානකදී පැලවෙනා
    ලදළු පොලොවෙන් මතු කරන්නට
    නුඹේ නැණ පැන් වාසනා

    ඉස්පාසු තව ලැබී මෙ‘ඉම වෙත පැමිණෙන්න
    රමණීය සිතුම් වැල් දැමු අගුළු හැරගන්න
    මුදු සුමුදු තොටිල්ලක අප සැවොම නළවන්න
    ශතකයට සුබ පැතුම් එන්න ජය පැන් බොන්න

    (වෙල්ඩන් මචෝ....තව පෝස්ට් 5 කින් මාත් ගහනවා... අරිද මල්ලී)

    ReplyDelete
    Replies
    1. සැක් ,මමත් එක සින්දුව ගානේ දැම්මනම් දැන් දෙසියටත් කිට්ටු කොරලා ....හැක් හැක්

      Delete
    2. එම්බා......දුශ්ඨය, තොප එම්බාම් කරන්නට සිතේ.
      තා ලියන්නේ මෙතෙක් ලියැවී/ කියැවී ඇති ගීතයන් පමණකි. මා එසේද? මා ලියන්නේ මානව ඉතිහාසයේ මෙන්ම මහා සිංහලේ වංස කතාවේ මෙතෙක් නොලියැවුණු අතිශිෂ්ඨ වූ මහා කාව්‍යයන්ය. මා අභියස තොප පැස්ටෝල් මැක්ස ලාම්පුවක් ඉදිරිපිට වන් කදෝ පැනියෙකු මෙන් වන්නාහ.
      අවි බිම තබා දණ නමා... යටත් වෙනු!
      බුහහ්...හහ්...හා............................

      Delete
    3. //මෙතෙක් නොලියැවුණු අශිෂ්ඨ වූ මහා කාව්‍යයන්ය//
      බුහහ්...හහ්...හා............

      මාගේ අවසර නොම ගෙන
      මාගේ අවසර නොම ගෙන
      ආවද තා මෙමගෙ විජිතෙටා
      දෙරණ හෙලා සුන්කර තොප
      ගොදුරු කරමි කැනහිළුනට

      මාගේ තෙද බල නොම දැන
      මාගේ තෙද බල නොම දැන
      මාගේ තෙද බල නොම දැන
      මාගේ තෙද බල නොම දැන
      ආවද මා සමග සටනටා
      ධීර බලැති ධනුධර වෙමි
      කෲර තොපගෙ එඩි බිඳලමි..........

      ( මනමේ )

      Delete
    4. තොපි දෙන්නා මෙහම කමෙන්ට් දාන්න එපෝ...බඩ කොර වෙලා හිනා වෙලා..
      මධු, සින්දු
      ගාන ගැන එච්චර හිතන්න එපා..බං.

      Delete
    5. අවුලක් නෑ මෙන්ඩො, ඒත් පොඩි කික් එකක් තියෙනවා ගාන නගිනකොට.

      මෙන්න සින්දුවගෙ තැටිය ප්‍රතිවාදනය වෙනවා. ඔයනං මගේ සිංහ ගර්ජනාවට බයේ...හික්...හික්...

      Delete
    6. බලහං අපි මෙච්චර කෙළගන්නවා. මේක අයිතිකාර නසරානියා නිකමටවත් එබිල බලනවද?

      Delete
    7. මදාවියෝ උඹවත් මේ කොමෙන්ට් වලට උත්තර දාපන් මචෝ ...මූට 100 මතකයි .අපි අමතකයි ..ශික්

      මෙන්ඩෝ ......

      අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
      අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී
      එක හැලියේ බත් කන්නේ එක සෙව්නේ නිදියන්නේ
      අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී

      අපෙ සිත්වල නෑ ක්‍රෝදේ විහිළුවටයි විවාදේ
      අනුනට නෑ ඔරවන්නේ අවිහින්සක ලෙස ඉන්නේ
      සැපතේ විපතේ වේවා එක්වී එකටම ආවා
      අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී

      සින්හල රජිඩෙකු පෙරදා මිතුදමේ අගය පහදා
      තම හිතවත්කම පෙන්වා මහ ගිනිමලයට පැන්නා
      දුක සැප දෙකේම වාසෙ ඇදි බිත් සිතුවම් රූසේ
      අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී

      හැමදා උපදින වාරේ හමුවේවා සංසාරේ
      කවදත් එකටයි ඉන්නේ කිසිවිට නෑ වෙන් වන්නේ
      ජීවිතේ මිහිර විදිමු ප්‍රීතියෙන් ගීත ගයමු
      අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී

      ගායනය - ජෝති / මිල්ටන්
      ගී පද - කරුණාරත්න අබේසේකර / ගුණරත්න අබේසේකර

      Delete
    8. මධුමාධවියේ... මං වෙනුවෙන් ලීව ගීතයනම් මාව අරන් ගිහින් සඳමත හින්දුවා වගෙයි. අගෙයි අගෙයි හරිම අගෙයි.

      ඔබේ සවිය, ඔබේ එලිය, ඔබේ දිරිය ගෙනෙයි මට වාසනා...

      ස්තූතියි මාධවියේ...

      Delete
    9. මම දැනගතිමී....
      මම සැක කලෙමී....
      මධාවියා...මධාවියා..
      මධාවියා..........
      මධාවියා....

      සුරතල් සින්දු...
      ආදර බින්දු...
      ලියන්නිය,කියන්නිය,ගයන්නිය...

      Delete
    10. අම්මප මෙන්ඩෝ, ඉල ඇදෙනව බොල හිනාවෙලා..අපිනම් හරිම වාසනාවන්තයි මචං.

      Delete
    11. මධුවෝ.. ආව, ආව, ඔන්න ආවා. තරහ අවසර ඉතින්..

      Delete
    12. අනේ බොලං ඇන්දු සිනෝ... 100ත් අමතක උනා බං. ඒකත් අහම්බෙන් දැක්කේ. 100 මතක්කරල දැම්මෙ 101වෙනි එකේනෙ.

      Delete
    13. අපි එකම රෑනෙ කුරුල්ලෝ

      මේ පාරාදීසේ

      නෑ වෙන්වන්නේ නෑ තනි‍වන්නේ

      වරෙල්ලා මේ රෑනේ




      මදු තියලා දැල් එළලා

      නෑ පැටලෙන්නේ අපී

      අපේම ලොවකට පියඹා යන්නේ

      වරෙල්ලා මේ රෑනේ



      තටු ලැබුණේ පියඹා යන්නයි

      කූඩුව දොරකඩ ඉන්න නොවේ

      අපේම ලොවකට පියඹා යන්නේ

      වරෙල්ලා මේ රෑනේ

      පදරචනය: ඇල්ලේ ගුණවංශ හිමි

      සංගිතය: සහ ගායනය: විජේසුන්දර වේරගොඩ

      Delete
  8. ජයවේවා ජයවේවා..
    ආවඩා ආයුබෝවේවා...!!!

    ReplyDelete
    Replies
    1. ඔබ තුමන්ගේ සුබපැතුම් මට ඉමහත් ගෞරවයක්.. ස්තුතියි බෙහෙවින්ම.

      Delete
  9. ආයිබෝං ලොක්කා …

    සීයට බොක්කෙන්ම රෙෂ්පට් !!!

    දීපං අර ඉස්සර වගේ සංවේදනා ටිකක් මචෝ අපිට කියවන්න !!

    ReplyDelete
    Replies
    1. අලුත් පිංතුරේ ලස්සනයි මචං..මෙහම උඔගෙ අතින් පොඩ්ඩි අල්ල ගත්තාම දාලා ආවේ කොහමද බං?

      Delete
    2. ඇත්‍තම කියන්නං …

      "පියෙකුගෙ කදුළු මුතු කැට වුනි දරු පෙමට .... "

      ෆ්ලයිට් එකට නැගලා අරක්කු වලින් කඳුලු දිය කරලා දැම්මා ටික වෙලාවකට මචං...

      Delete
    3. උඔ යනවා කියලා කියපු වෙලාවේ මම සිගරට් දෙකක් බිව්වා..

      Delete
    4. ඒ වෙලාවේ මට උඔව හොදටම දැනුනා..මට ඒ වචන ටික බොක්කට වැදුනා ඇස් වලින් කදුලු පනින්න.

      Delete
    5. පත්තරේ සහෝ... උඹලගෙ පිහිටෙන් ආරක්ශාවෙන් තමයි මචෝ මේ සීය. තෑන්ක්ස් මචෝ බොක්කෙන්ම.

      කියවන්න එකක් ලිව්ව මචෝ, උඹ මට එව්ව සින්දුවකට, සඳුදට කියවමු හොඳේ..

      Delete
    6. මෙන්ඩෝ,මාත් ඒ ගැන පත්තරේගෙන් අහන්න හිටියෙ බං.

      Delete
    7. මචං පත්තරේ... මේ පුන්චි ඇඟිලි, ඒ සීතල බැඳීම, උඹේ පපුවෙආදරේ කොහොම ගී සින්දු කරන්නද බං.

      Delete
    8. මචන් මෙන්ඩෝ.. මේක උඹෙයි, මගෙයි ගානෙ අපේ පත්තරේට...

      දඬු මොනරෙ පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමී
      දරු පැටව් බලා ඉන්නම් ඔබ නමින්ම පේවී

      පුන්සඳ කොපුලත කඳුළු බිංදු වියලී යාවී
      අපෙ හඬ අරගෙන ඈත හඬන සක්වා ලිහිණී

      දොළොස් මහේ පාන පත්තු වෙලා හදවතේ
      ඒ එළියෙන් මට පේනවා අපේ ආදරේ
      ගිය ගමන් තැපැල් කරමී සඳ කිඳුරු ජාතකේ
      නොහඬන්න දේවියේ //

      දඬු මොනරෙ පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමී
      දරු පැටව් බලා ඉන්නම් ඔබ නමින්ම පේවී

      පුන්සඳ කොපුලත කඳුළු බිංදු වියලී යාවී
      අපෙ හඬ අරගෙන ඈත හඬන සක්වා ලිහිණී

      නේරංජාවද මා මේ එතෙරව ආවේ
      යකඩින් ළය සදා තිබුණු අහස් යන්තරේ
      කන්ථක අසුමෙන් ළය පැළෙන්නෙ නෑ හිමි සඳුනේ
      මම නාඩා ඉන්නේ //

      දඬු මොනරෙ පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමී
      දරු පැටව් බලා ඉන්නම් ඔබ නමින්ම පේවී

      පුන්සඳ කොපුලත කඳුළු බිංදු වියලී යාවී
      අපෙ හඬ අරගෙන ඈත හඬන සක්වා ලිහිණී

      ගායනය - ගුණදාස කපුගේ සහ සමිතා එරන්දතී මුදුන්කොටුව
      පද රචනය - අමිල තේනුවර
      තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

      Delete
  10. සියය ලක්ෂය වෙන්න සුබ පැතුම්! ලියන්න, නොකඩවාම ලියන්න. පලකරන්න පෙර හිතන්න. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම විචාරකතුමනි... ඔබතුමන්ටත් අනේකවාරයක් ස්තූතිය...

      Delete
  11. ගහමු බෝතලයක් සතුටට..
    බ්‍රෑන්ඩ් එක ගල්
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අනිවා... අරිමු බාරෙක.. බයිට් එකට උල් වාරා...

      ස්තූතියි මචෝ..

      Delete
  12. 100 අගට තව තවත් බිංදු ඇඩ් වේවා සෑහෙන කාලයක් මේකෙ එල්ලිලා ඉදීවා
    ජයෙන් ජයමවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්... මේ දිරිමත් කිරීම් ඉදිරියට මහ හයියක්.

      Delete
  13. Replies
    1. එකෙන්ම මාත් මටම පතනවා ලියවේවා කියලනම්..

      ස්තුතියි ඉවාන් අයියේ.

      Delete
  14. සුභපැතුම් මනෝෂ්! :)

    ReplyDelete
    Replies
    1. අශාන්.. ඔබව මුණගැහුනෙ කාලෙකට පස්සේ.
      බෙහෙවින්ම ස්තූතියි ඔබටත්.

      Delete
  15. Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මචෝ..
      ස්තූතියි ගොඩක්ම.

      Delete