Pages

Sandumal

Sandumal

Wednesday, May 25, 2016

•ආයෙත් එනකල්

"ආයෙත් දවසක ආපහු එනකල්... රෑ බස් එකේ දහඅටෙන් එනකොට.."




කවුලුවෙන් දුර එපිට පෙනෙන නිම්නයේ
සියදහසක් එළි අතර
පුංචි තරු ඇස් දෙකක් හැංගිලා..
ඒත් බැරි නෑ අඳුනගන්න මට
ඒ බොඳවූ තරු එළිය..
කඳුලු බිංදුවකින්..
ආයෙමත් දවසක එනකල්..
බලන් ඉන්න තරු ඇස් දෙක..
දහ අට වංගුව දිහා..


24 comments:

  1. Replies
    1. අම්මටසිරි...!!

      වෙල්කම් බැක් සහෝ....

      පෝස්ට් එකක් එහෙම දැම්මෙ නැතෙයි??

      Delete
    2. ප්‍රියා තව පොඩ්ඩක් එහාට මෙහාට වුනානම් දාන්න තිබ්බා හොඳ පොස්ට් එකක් සුදු කොඩියක් එක්කම ..හැක්

      Delete
    3. පිස්සුද බං.. ගං වතුරට පොල් ගස් ගිලෙන්නෙ කොයි රටේද?? :-)

      Delete
    4. පිස්සු හැදෙයි කිවුවලු... ඕ යෙස්.. :D

      Delete
    5. මුගේ වේලාවට ටොයිලට් එකෙන් එලියට ඇවිත් තිබුනේ ...නැත්නම් බලන්න තිබුනා වැඩේ ..කොහොම මුහුණු පොතේ ෆොටෝ ටික ෂෙයාර් වෙන විදිහ ...හැක්

      Delete
    6. හොඳවෙලාවට ගංවතුර ආවෙ.. නැත්නම් මූ තාම ටොයිලට් එකේනෙ.. :-)

      මොන ෆොටෝ ටිකද බං?? මං දැක්කෙ නෑනෙ.

      Delete
    7. උඹ දකින්න මේකා මලේ නෑනේ ...හැක් .මම කිවේ මරුනානම් මුහුණු පොතේ යයි "ටොයිලට් එකේ හිටියත් මරුවාගෙන් නැත බේරුම් " කියලා හැක්

      Delete
    8. අහා... අන්‍තිම පේලිය දැන් නොවෑ තේරුනේ.. :-) :-)

      ඒක නෙවේ, අම්මප හැබෑට මේකා තාම ටොයිලට් එකේනෙ...!

      Delete
  2. කෙතරම් බලා උන්නත්
    නොරිදෙනා නෙත්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම.. නෙත් නොරිදෙනව වගේම බලාපොරොත්තුව කඩවෙන්නෙත් නෑ..

      Delete
  3. බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ
    මා රඳවා පියවර මැන්නේ
    හෙලා සුසුම් රැළි දුක සඟවන්නෙමි
    මා කතරක තනි වූ වැන්නේ ...

    වියෝ දුකින් හද ගිනි ඇවිලෙන්නේ
    ගෙවූ යුගේ සිහිනයක්‌ වෙලා
    කොහේ සිටන් හෝ යළි ඔබ එනතුරු
    මම මෙහි හිඳිමි බලා ...

    නෙතින් කඳුළු ගංගා උතුරන්නේ
    නැත හදවත ගිනි තවම නිවී
    ඔබේ සුවඳ යළි මට හිමිවනතුරු
    මම මෙහි හිඳිමි බලා ...

    ගායනය - නීලා වික්‍රමසිංහ
    ගී පද: ඩොනල්ඩ් අයිවන්
    තනුව : ස්ටැන්ලි පීරිස්

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි... කවිකාරිටම ලියල වගේ.. මේක කියෙව්වොත්නම් අනිවාරෙන්ම අඬනවා.... :-(

      Delete
  4. ඊලග නිවාඩුව වෙනකන් එයා වගේම අපිත් බලගෙන ඉන්නවා උබ එනකන්.
    ජය ශ්‍රි මහා බෝ හාමුදුරුවන් ගේ පිහිටයි ගිහින් වරෙන්

    ReplyDelete
  5. Jaජයවේවාඅ

    ReplyDelete
  6. දෑස නොරිදේවා පාර බලා ඉඳලා...

    ReplyDelete
  7. දෑස නොරිදේවා පාර බලා ඉඳලා...

    ReplyDelete
  8. සිත රැ නිම්නයේ තනි වී
    පාලු කපන සිහින් එළි අතර
    කඳුලු පිරි තරු කැට දිලෙන
    පාලු රැ අඳුර මැකු ඒ එළිය
    හිමි කඳුලු රඳවගෙන නෙත් ඉමේ
    ආයෙමත් දවසක
    පිරි කඳුලු හිමි
    නුඹ එනතුරා මඟ බලයි නිරතුරු.
    දහ අට වංගුව දිහා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපූරුයි... නවතම මානයකින්..

      Delete